විනැම්ප් හි Jump-to-File විශේෂාංගය | Jump-to-File in Winamp

Jump To File

මම ගීත රසවිඳින්න කැමතිම මෘදුකාංගය විනැම්ප්. අහ්, පුංචි කාලෙ ඉඳන්ම! මට මතකයි මීට අවුරුදු දහයකට විතර කලින් තිබ්බ අපේ පරිගණකයට දාලා තිබුණු විනැම්ප් සංස්කරණය. විනැම්ප් 2 වෙන්න ඕන. සිංදු නම් වැඩිය තිබුණෙ නෑ. ඒත් මං ගොඩක් ආසාවෙන් ඒක පාවිච්චි කළේ. දැන් විනැම්ප් තියෙන්නේ 5.52 සංස්කරණයේ. විශේෂාංග අතින් දැන් විනැම්ප් ගොඩක් ඉදිරියට ඇවිත්.

Jump To File

විනැම්ප් වල මගේ ප්‍රියතම විශේෂාංගය තමයි Jump-To-File කියන්නේ. මම ඒකට කැමති වෙන්න හේතුවත් ඒකම තමයි මේ පහසුකම මගින් ඕනෑම ගීතයක් ඕනෑම වෙලාවක ඉතාමත් පහසුවෙන් මාරු කරගන්නට පුළුවන්. සාමාන්‍ය විදියට නම් Playlist එකක් පුරා අතින් හොයලා Play කරන්න වෙනවා. නැතිනම් iTunes, Foobar2000 වල වගේ සෙවුම් පහසුකම පාවිච්චි කරන්න වෙනවා. මං ඒ දෙකටම කැමති නැහැ. 🙂

විනැම්ප් වල Jump-To-File භාවිතය හරිම පහසුයි. තමන් වෙනත් වැඩක් කරමින් ඉන්නවා නම්, Alt+Tab මගින් විනැම්ප් වෙත මාරු ව

ෙලා යතුරුපුවරුවේ J යතුර ඔබන්න විතරයි තියෙන්නේ. එතකොට විනැම්ප් Jump-To-File කවුළුව විවෘත වෙනවා. ඉන්පස්සේ අපට අවශ්‍ය සිංදුවේ නමේ ඕනෑම කොටසක්, ගායකයා, ඇල්බමයේ නම වැනි දෙයක් ටයිප් කළ විගසම ඒ ගීතය තෝරා දෙනවා. ඉන්පස්සේ Enter කරන්නට විතරයි අවශ්‍ය. විනැම්ප් ඒ ගීතය වාදනය කරනවා. ඔබත් තවම පාවිච්චි කරන්නේ අර එපාකරපු jetAudio 😉 වගේ මෘදුකාංගයක් නම් වෙනසකටත් එක්ක විනැම්ප් පාවිච්චි කරලා බලන්න.

වින්ඩෝස් පාවිච්චි නොකරන වෙලාවට විනැම්ප් Taste එක තියෙන මෘදුකාංගයක් පාවිච්චි කරන්න තමයි මම කැමති. ඒ නිසා උබුන්ටු පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම Audacious තමයි. Jump-To-File විශේෂාංගය එයිනුත් ලබාගන්න පුළුවන්.

අවුල් නැති පරිගණකයකට SpaceStation | SpaceStation for a Clean Desktop

SpaceStation

පරිගණකයේ වයර් ගොඩවල් දැක්කම පිස්සු හැදෙන්න වගේ එනවද? මේ ප්‍රශ්නේ පරිගණකය පාවිච්චි කරන හැමෝටම වගේ තියෙන ලොකු ප්‍රශ්නයක්. රට වටේට වයර් ගිහින් පැටලිලා, ඇඹරිලා… පිස්සීගේ පළා මල්ල වගේ! 🙄

SpaceStation

SpaceStation: පරිගණකයේ වයර් සියල්ලම සංවිධානය කරගන්න කියාපු උපාගංයක්. රබර් වලින් සෑදූ මේ දිග උපාංගය යට අපට අවශ්‍ය විදියට වයර් සියල්ලම ලස්සනට සකසා ගන්නට පුළුවන්. එතකොට වයර් අවුල් නැති බොහොම පිරිසිදු වටපිටාවක් සකසාගන්න එක බොහොම පහසු කටයුත්තක්. මිල ඩොලර් 79ක් පමණ වෙනවා. ලංකාවේ නම් බොහෝ විට නැතුව ඇති. ඒත් හදාගන්න පුළුවන් නම් නියම උපාංගයක්. කවුරුවත් දන්නවද ලංකාවේ ගන්න තියෙන මේ වගේ උපාංග ගැන? ලියන්න Comments තීරුවේ.

Gizmodo මගිනි.

වර්ඩ්ප්‍රෙස් හි සිට ලියමි | Writing from WordPress

දැන් මලින්තගේ සටහන බ්ලොගර් වෙතින් ඉවත්වී වර්ඩ්ප්‍රෙස් මගිනුයි ධාවනය කෙරෙන්නේ. ඇත්තටම ඉතින් නිකං ඉන්න බැරුවට තමයි මේ වෙනස කරන්න තීරණය කළේ. බ්ලොගර් එකට වැඩිය ගොඩක් පහසුකම් වර්ඩ්ප්‍රෙස් එකේ තියෙන නිසාත්, බ්ලොගර් Themes දැකලා දැකලා අප්පිරිය වෙච්ච නිසාත් මේ වර්ඩ්ප්‍රෙස් ප්ලැට්ෆෝම් එකට ආවා. මට මුලින්ම හිතුණේ නියමයි කියලා. පහසුකම් ගොඩක් තියෙනවා. හොඳ Themes තියෙනවා. පුදුම සන්තෝසයක්! 🙂

එකතු වෙලා ඉන්න ඉදිරියටත් මලින්තගේ සටහන සමග! 😉

iPod Shuffle මිල අඩුවෙයි

මීට පෙර ඩොලර් 79 ක මිලක් පැවති iPod Shuffle හි මිල ඩොලර් 49ක් දක්වා අඩුකිරීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා. දැනට Shuffle ලබාගත හැක්කේ ගිගාබයිට් 1 ධාරිතාවයකින්. ඉදිරියේදී ගිගාබයිට් 2 ධාරිතාවයකින් තවත් මාදිලියක් නිකුත

් කිරීමටයි ඇපල් සූදානම් වන්නේ.

[iPod Shuffle]