අවුල් නැති පරිගණකයකට SpaceStation | SpaceStation for a Clean Desktop

SpaceStation

පරිගණකයේ වයර් ගොඩවල් දැක්කම පිස්සු හැදෙන්න වගේ එනවද? මේ ප්‍රශ්නේ පරිගණකය පාවිච්චි කරන හැමෝටම වගේ තියෙන ලොකු ප්‍රශ්නයක්. රට වටේට වයර් ගිහින් පැටලිලා, ඇඹරිලා… පිස්සීගේ පළා මල්ල වගේ! 🙄

SpaceStation

SpaceStation: පරිගණකයේ වයර් සියල්ලම සංවිධානය කරගන්න කියාපු උපාගංයක්. රබර් වලින් සෑදූ මේ දිග උපාංගය යට අපට අවශ්‍ය විදියට වයර් සියල්ලම ලස්සනට සකසා ගන්නට පුළුවන්. එතකොට වයර් අවුල් නැති බොහොම පිරිසිදු වටපිටාවක් සකසාගන්න එක බොහොම පහසු කටයුත්තක්. මිල ඩොලර් 79ක් පමණ වෙනවා. ලංකාවේ නම් බොහෝ විට නැතුව ඇති. ඒත් හදාගන්න පුළුවන් නම් නියම උපාංගයක්. කවුරුවත් දන්නවද ලංකාවේ ගන්න තියෙන මේ වගේ උපාංග ගැන? ලියන්න Comments තීරුවේ.

Gizmodo මගිනි.

නව සිංහල බ්ලොග් අඩවියක් | New Sinhala Blog

මගේ මව 1997 පමණ අරලිය පුවත්පතට ලියූ ‘සංදීපනී’ නම් කෙටි නවකතාව දැන් බ්ලොග් අඩවියෙන් කියවන්නට පුළුවන්. http://www.malinthe.com/sandeepani වෙත යන්න.

වර්ඩ්ප්‍රෙස් හි සිට ලියමි | Writing from WordPress

දැන් මලින්තගේ සටහන බ්ලොගර් වෙතින් ඉවත්වී වර්ඩ්ප්‍රෙස් මගිනුයි ධාවනය කෙරෙන්නේ. ඇත්තටම ඉතින් නිකං ඉන්න බැරුවට තමයි මේ වෙනස කරන්න තීරණය කළේ. බ්ලොගර් එකට වැඩිය ගොඩක් පහසුකම් වර්ඩ්ප්‍රෙස් එකේ තියෙන නිසාත්, බ්ලොගර් Themes දැකලා දැකලා අප්පිරිය වෙච්ච නිසාත් මේ වර්ඩ්ප්‍රෙස් ප්ලැට්ෆෝම් එකට ආවා. මට මුලින්ම හිතුණේ නියමයි කියලා. පහසුකම් ගොඩක් තියෙනවා. හොඳ Themes තියෙනවා. පුදුම සන්තෝසයක්! 🙂

එකතු වෙලා ඉන්න ඉදිරියටත් මලින්තගේ සටහන සමග! 😉

iPod Shuffle මිල අඩුවෙයි

මීට පෙර ඩොලර් 79 ක මිලක් පැවති iPod Shuffle හි මිල ඩොලර් 49ක් දක්වා අඩුකිරීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා. දැනට Shuffle ලබාගත හැක්කේ ගිගාබයිට් 1 ධාරිතාවයකින්. ඉදිරියේදී ගිගාබයිට් 2 ධාරිතාවයකින් තවත් මාදිලියක් නිකුත

් කිරීමටයි ඇපල් සූදානම් වන්නේ.

[iPod Shuffle]

පරිගණකය පිරිසිදු කරන්න නියම මෘදුකාංග ටිකක්: 2 කොටස | Cool Utilities to Clean your PC: Part 2

2. තැටි පිරිසිදුකරණය | Disk Cleaning

 

JDiskReport පාවිච්චි කරලා බැලුවද? දසුන් කියා තිබුණා තවත් ඒ වගේ මෘදුකාංගයක් වන SpaceMonger ගැන. ඒකත් ගොඩක් හොඳයි.දැන් පරිගණකය පිරිසිදු කිරීමේ මෘදුකාංග ටිකක් හොයලා බැලුවොත් හොඳයි. වින්ඩෝස් පාවිච්චි කරනකොට එකතුවෙන කුණු ගොඩවල් නිසා පරිගණකයේ වේගය සැලකිය යුතු විදියට අඩුවෙන්න පුළුවන්. මේකට විසඳුමක් විදියට වින්ඩෝස් සමග Disk Cleanup ලැබුණත් මෙමගින් කෙරෙන්නේ බොහොම සරල පිරිසිදු කිරීමක් විතරයි. මේ කටයුත්තට එන වෙනත් මෘදුකාංග වලින් සමහර වෙලාවට ඕන නැති කුණු ගොඩවල් ස්ථාපනය කරන නිසාත්, ඒ මෘදුකාංග ඉතා විශාල වීම නිසාත් අපට අවශ්‍ය කටයුත්ත හරියට ඉටු නොවෙන්න තිබෙන අවස්ථා වැඩියි.

මම දැන් ටික කලක ඉඳන් මේ වැඩේට පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි CCleaner. මේ නමේ තේරුම Crap Cleaner කියන එකයි. 😀 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම CCleaner කසළ සුද්ද කිරීම බොහොම ඉහළින් කරනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, ෆයර්ෆොක්ස්, ඔපෙරා, වින්ඩෝස් හි විවිධ අපද්‍රව්‍ය හා තවත් මෘදුකාංග විශාල සංඛ්‍යාවක් පිරිසිදු කිරීමත්, වින්ඩෝස් රෙජිස්ට්‍රිය පිරිසිදු කිරීමත් මෙමගින් පහසුවෙන්ම කරන්නට පුළුවන්. ඉතා විශිෂ්ට මෘදුකාංගයක් විදියට සම්මාන රැසක් ලබාගෙන ඇති මේ මෘදුකාංගය මෙගාබයිට් 2.6 ක පමණ ඉතා කුඩා ඩවුන්ලෝඩ් කිරීමක්.

[CCleaner]