පහුගිය දවස් ටිකේ මගේ සටහන කියවන්න ආපු අය (සමහරවිට) බලන්න ඇති මොකද අලුතෙන් මුකුත් නැත්තේ කියලා… සමාවෙන්න 🙂 ඇත්තම කියනවනම් මට මොනවත් ලියන්න හිතුණේ නැහැ. හේතුවක් කියන්නත් අමාරුයි. Lack of Inspirations හින්දද මන්දා. ලියන්න ඉඳගත්තත් ලියන්න හිතුණේ නැහැ. අලුතින් ලියන්න ඒ හැටි දේකුත් තිබුණේ නෑ. මේක ඇත්තටම එච්චර හොඳ වැඩක් නෙවෙයි. ටික කාලයක් එක දිගට ලියාගෙන ගිහින් එකපාරටම නවත්වලා, ආයෙත් ටික කලකින් ‘සමාවෙන්න’ කියලා ආයෙමත් ලියන්න පටන් ගන්න එක. ඒත් ඉතින් මොනවා කරන්නද?
කාටවත් මොනවත් ප්‍රශ්න එහෙම නැද්ද? නිකං දැනගන්න තියෙන දෙයක් ගැන එහෙම? මොනව හරි එහෙම දෙයක් තියෙනවනම් අහන්න. නැත්නම් ඉතින් මට ලියන්න කම්මැලියි. අනිත් එක තමයි මගේ ඩයල් අප් සම්බන්ධතාවය හින්දා වෙලාවකට කිසිම දෙයක් ලෝඩ් කරගන්න අමාරුයි. ඒ වෙලාවට ඉතින් ඔක්කොම දමලා ගහලා බුම්මගෙන ඉන්න තමයි වෙලා තියෙන්නෙ. මේක ලියන වෙලාවෙත් එහෙම තමයි. ඇත්තටම මේ සම්බන්ධතාවය දැන් උපරිම වේගයෙන් ක්‍රියාත්මක වෙන්නෙ මධ්‍යම රාත්‍රියට විතරයි. ඒ වෙලාවටත් ඉතින් මොනවහරි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන දෙයක් දානවා මිසක් වෙන වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. සමහර වෙලාවට… නෑ එක්කෝ ඕන නෑ. මගේ හෑලි වලින් වෙන්නේ මේ සටහන කියවන අයගේ කාලය නාස්තිවීමක් විතරයි. 😀
වින්ඩෝස් පාවිච්චි කරන අයට නියම වැඩසටහනක් ගැන කියා දෙන්න තියෙනවා. ඉදිරියේදී ලියන්නම්. අනේ ඉතින් කියවන හැමෝම අදහස් ඉදිරිපත් කරනවා නම් මම ගොඩක් ආසයි. ප්‍රශ්න තියෙනවනම් අහන්න. ගුණ දොස් විවේචනය කරනවනම් ඉතින් තවත් හොඳයි. කොහොම වුණත්, මගේ සටහන කියවන්න එන අයට මගේ හද පිරි ස්තූතිය! 🙂







