සුපිරි වේගයෙන් ජීමේල්! | Ultra Fast Gmail!

මං වගේ තව අය ඉන්නවනම් ජීමේල් පාවිච්චි කරන, ඩයල් අප් සම්බන්ධතා තියෙන – සමහර වෙලාවට ජීමේල් ප්‍රවේශනය වෙන්න ගතවෙන කාලය ඕනවටත් වැඩිය දීර්ඝ වෙන්න පුළුවනි. මේක ඇත්තටම එපා වෙන්න පුළුවන්: එක හේතුවක් තමයි කාලය නාස්තිය, අනිත් එක තමයි තරහ යෑම! ඉතින් මේ වගේ වෙලාවක මොකද කරන්නේ? මෙන්න විසඳුම: ජීමේල් මොබයිල් අනුවාදය – ජංගම දුරකථන සඳහා නිර්මාණය කර තිබෙන ජීමේල් අනුවාදය ඉතාමත් වේගවත්. නියම අනුවාදයේ පහසුකම් සියල්ලම නැහැ. (සියල්ලම නෑ කියන්නේ ගොඩක් පහසුකම් තියෙන නිසා) ඒත් හදිසියකට පණිවිඩයක් පරික්ෂා කරගන්න නම් නියමයි. [ජීමේල් මොබයිල්]

If you are like me, use gmail and have a dialup connection it might take longer than usual to load up gmail. It’s really annoying. Waste of time and the anger caused by that 🙂 Luckily, there’s a solution. Point to Gmail Mobile. Actually it’s made to be used with Mobile Phones. Yeah, it doesn’t have all the bells and whistles from the PC version. (I said ‘all’ ‘coz there are lots of options from the PC version.) But if you are in a hurry and the ‘big’ gmail wont load, it’s nice to know. [Gmail Mobile]

ක්‍රොස්ලූප් මගින් ලේසියෙන් පරිගණක ගැටළු විසඳන්න | Solve PC problems the easy way with CrossLoop

ගෙදර ඉන්න ආච්චි පරිගණකයක් පාවිච්චි කරනවා කියලා හිතමු. ඔන්න දවසක් ආච්චිට මැෂින් එකේ එන ලෙඩක් හදාගන්න වෙනවා. කාටද කතාකරන්නෙ? ඔයාට. ඇයි ඉතින් ඔයානෙ පවුලේ ඉන්න ‘කම්පියුටර් වැඩකාරයා’! ඔන්න ඉතින් ෆෝන් එක අරගෙන, ආච්චිට හෙමින්හෙමින් උපදෙස් දෙනවා. කන්ට්‍රෝල් පැනල් එකට යන හැටි, අවශ්‍ය දේ ඩබල් ක්ලික් කරන හැටි… ආච්චි අහන දහසක් ප්‍රශ්න වලට උත්තර දෙමින් ඉතින් මේ වැඩේ කරනකොට සසර කලකිරෙන්නත් බැරි නෑ! 😀

මේ වගේ අවස්ථාවක ආච්චිගේ ප්‍රශ්න වලට උත්තර නොදී ප්‍රශ්නෙ විසඳලා දෙන්න ක්‍රමයක් තියෙනවා නම් ඉතින් VNC විතරයි තියෙන්නෙ. (හෑ? මොකක්ද පුතේ වීඑන්සී කියන්නේ?) ඕකත් ඉතින් ආච්චිට පැහැදිළි කරලා දෙන්න ගියොත් වැඩක් කරගන්න ලැබෙන්නේ නැහැ!

‍ඒ නිසා මෙන්න කරන්න තියෙන හොඳම වැඩේ. ක්‍රොස්ලූප්. ඕනෑම අයෙකුට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රොස්ලූප් මගින් ලෝකයේ ඕනෑම පරිගණකය දෙකක් පහසුවෙන් සම්බන්ධ කරන්න පුළුවනි. ආච්චිලාගේ පරිගණක වල ලෙඩ හදන්න වගේම Tech-Support වැඩ වලට නම් මේක හොඳ මෘදුකාංගයක්. (ඔව්, ඒත් ඉතින් මේක ආච්චිගේ මැෂින් එකට මුලින් දාන්නත් වේවි.)

භාවිතය පහසුයි. තවත් පරිගණකයකට සම්බන්ධ වෙන්න ඕනෑ නම් Join ටැබ් එකට යන්න. අනිත් පරිගණකයේ Access Code එක ඇතුල් කරන්න. එපමණයි. අනිත් පරිගණකයේ සියළු සැකසුම් පහසුවෙන් හදන්න, ඕනෑ දෙයක් කරන්න දැන් ඔබට පුළුවන්. කවුරු හරි ආච්චි කෙනෙක් මේක කියවනවනම් 🙂 ඔබේ පරිගණකයේ ලෙඩක් හදාගන්න ඕන නම් Host ටැබ් එකට ගිහින් Connect බොත්තම ක්ලික් කරලා Access Code එක ඔබේ පුතාට කියන්න. Dial-up, Broadband ඕන එකක්. රූපයේ තත්ත්වය අඩු කිරීම මගින් ඩයල් අප් සම්බන්ධතාවයක හොඳින් වැඩකරන්න පුළුවන්.

ක්‍රොස්ලූප් වල විශේෂත්වය එය භාවිතා කිරීමේ පහසුව තමයි. ‍ෆයර්වෝල් සැකසුම් වගේ කිසි දෙයක් ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ස්ථාපනය කළා, දියත් කළා. එච්චරයි! ආරක්ෂාව ගැනත් බයවෙන්න දෙයක් නැහැ. බිට් 128 Encryption එකක් සහ අහඹු ලෙස සැකසෙන අංක 12 Access Code එක නිසා වෙන කිසිම කෙනෙකුට ඔබේ පරිගණකයට හානියක් කරන්නට බැහැ. පාවිච්චි කර බලන්න.

[ක්‍රොස්ලූප්]

පරිගණකය නැතුව ධාවක මකන්න | Erase Drives without a PC

කො‍හේ හරි පැත්තකට දාලා තියෙන හාඩ් ඩිස්ක් එකක් (දෘඪ තැටියක්!) සුද්ද කරගන්න ඕන නම් මෙන්න උපාංගය. පරිගණකයක් නැතුවම තත්පරයට මෙගාබයිට් 35ක පමණ වේගයකින් දෘඪ තැටි සුද්ද කරන්නට පුළුවන් මේ උපාංගය Wiebetech නම් සමාගම නිකුත් කරන eRazer උපාංගයයි. වර්ග දෙකකින් ලබාගන්නට පුළුවන්. සාමාන්‍ය මාදිලිය ඩොලර් 99 – IDE හා Single Pass සමග. වෘත්තිමය මාදිලිය ඩොලර් 150 – SATA හා Multipass සහය දක්වයි. ලංකාවේ නම් නැතුව ඇති. 😀

ගිස්මෝඩෝ මගිනි.

Have a hard drive lying around and want to wipe it clean? Here’s the thing you need. Wiebetech’s eRazer erases hard drives without a PC at a rate of 35 MB/s. There are two models. Standard $99 model handles IDE drives with a single pass, while the Pro $150 model handles SATA drives with multipass. I don’t think it’s available in Sri Lanka, at the moment. 😀

Via Gizmodo

ගූගල් ජීමේල් 2.0 නිකුත් කරන්නටද සූදානම? | Is google rolling out Gmail 2.0?

අද උදේ ජීමේල් ලෝඩ් කරනකොට තමයි මේ අලුත්ම වෙනස දුටුවේ. ආරංචි හැටියට නම් මේ ජීමේල් 2.0 නිකුත් කිරීම මේක වෙන්නට පුළුවන්. කොහොම වුණත් එතරම් වෙනසකම් මුලදි පේන්න නැහැ. නමුත්, මෙම නව ජීමේල් අනුවාදයත් සමග පණිවිඩ ප්‍රවේශනය කිරීම නම් ඉතාමත් වේගවත් වෙලයි තියෙන්නේ. සාමාන්‍යයෙන් වේගවත්ම සම්බන්ධතාවයක වුණත් පණිවිඩයක් ලෝඩ් කරනකොට වේගයේ පොඩි අඩුවක් ‍තියෙනවා නේද? දැන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. තවත් අලුත් වෙලා තියෙන එකක් තමයි Contacts Managment – මේකට සිංහල වචනයක් හොයාගන්න බොහොම අමාරු වුණා. 🙂 දැන් ඒකත් භාවිතය ගොඩක් පහසුයි.
නව ජීමේල් අනුවාදය සහය දක්වන්නේ ෆයර්ෆොක්ස 2 සහ ඉන්ටර්නේට් එක්ස‍ප්ලෝරර් 7 වලට පමණයි (දැනට!) ඉදිරියේදී අනිත් මාදිලිත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබටත් සමහරවිට නව අනුවාදය ලැබී ඇති. ලැබිලානම්, උඩ දකුණු කෙළවරේ Old Version නම් සබැඳුමක් ඇති. ඒත් ඉතින් අලුත් මාදිලිය ආවම පරණ එක ඕන කාටද? 😀 ඉදිරියේදී තවත් විශේෂාංග ලබාදෙන බවට ගූගල් සහතික වෙලා තියෙනවා. අපිත් ඉතින් බලාපොරොත්තුවෙන් ඉමු!

ප්ලේස්ටේෂන්3 ඉවත්කිරීම නිසා මව්පියන් මැරීමට තැත් කළ අයෙක් | A guy who tried to kill parents for removing a Playstation3!

කෝරි රයිඩර් නැමැති 16 හැවිරිදි අයෙක් තම ප්ලේස්ටේෂන් 3 යන්ත්‍රය ඉවත්කිරීම හා රූපවාහිනිය තහනම් කිරීම හේතුවෙන් තම මව්පියන් මරා දැමීමට කොන්ත්‍රාත්තුවක් ලබාදීමට උත්සාහ කර ඇත! වාසනාවට මෙන් මෙම කොන්ත්‍රාත්තුව භාර ගැනීමට සිට ඇත්තේ ඔහුගේ මව විසින් කලින් දැනුම් දී සූදානම් වූ පොලිස් නිලධාරියෙකි. පොලිසිය පවසන අන්දමට මොහු මේ සඳහා ගෙවීම වශයෙන් සුළු පියාගේ පිකප් රථය දෙන්නට සූදානම් වී ඇති අතර, ‘මේ වැඩේට බුලට් (උණ්ඩ) දෙකක් පමණයි’ යැයි කිවූ බවද වාර්තා වේ. මේ පිළිබඳව නඩු විභාගයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

ගිස්මෝඩෝ මගිනි

A 16 year old boy named Cory Ryder has tried to kill his parents by contacting an hitman. Cory has made the decision because his parents removed his Playstation3 and and forbid watching TV. Luckily, the hitman was a police officer hired by Cory’s mother. According to the police Cory had said that all it will take is two bullets for the job. He had offered his stepfather’s pickup truck as payment. Cory is currently standing trial.

Via Gizmodo