මලින්තගේ සටහන | Malinthe’s Note

Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe

Archive for March, 2008

සාමාන්‍යයෙන් කාගෙන් හරි සිංදු තොගයක් ගන්න කොට ගොඩක් වෙලාවට ඒවා පිළිවෙලකට හදලා නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබත් ඔබේ ගීත ගබඩාව ලස්සනට පිළිවෙලට තියාගන්න කැමති කෙනෙක් නම් මේ වගේ සින්දු ලැබෙන එක හිතට කරදරයක්. සමහර වෙලාවට ඒ ගීත වල ටැග් එක නිවැරදිව නොතිබෙන්න පුළුවන්. අක්ෂර වින්‍යාස වැරදි එහෙම තියෙන්න පුළුවන්. මේවා ඔක්කොම පහසුවෙන්ම හදාගන්න මට ගොඩක් උපකාරී වෙන මෘදුකාංගයක් තමයි විනැම්ප්. දැනට 5.53 අනුවාදයේ තියෙන විනැම්ප් මම අවුරුදු ගණනාවක්ම බොහොම ආසාවෙන් පාවිච්චි කරපු මෘදුකාංගයක්.

මේ කටයුත්ත ක්‍රම දෙකකට කරන්න පුළුවන්. තනි ගීතයක තොරතුරු ස්වයංක්‍රීයව පුරවන්න අවශ්‍ය නම් ප්ලේලිස්ට් එකේ ගීතය මත රයිට්-ක්ලික් කරලා View File Info මත ක්ලික් කරන්න. නැතිනම් කෙලින්ම Alt+3 යතුරු ඔබන්න. එතකොට මතුවන File Info කවුළුවේ තියෙන Auto-Tag බොත්තම මත ක්ලික් කරන්න. මේ වෙලාවෙදී අන්තර්ජාල සම්බන්ධතාවය සක්‍රියව තියෙන්නට ඕන. එතකොට විනැම්ප් මගින් Gracenote හි දත්ත ගබඩාවට සම්බන්ධ වී නිවැරදි තොරතුරු ලබාගනීවි. ලබාගත් තොරතුරු නිවැරදි නම් OK මත ක්ලික් කරන්න.

ගීත එකකට වඩා වැඩි ගණනක් තියෙනවා නම්: ප්ලේලිස්ට් එකේ හෝ Media Library එකේ අවශ්‍ය ගීත ටික තෝරලා (Shift හෝ Ctrl යතුර පාවිච්චි කරන්න) ඒ මත රයිට් ක්ලික් කරන්න. එතකොට මතුවන මෙනුවෙන් Send to වෙත ගිහින් Auto-Tag මත ක්ලික් කරන්න. එවිට ඒ සියලුම ගීත වල තොරතුරු ස්වයංක්‍රීයව ලබාගනීවි. ලබාගත් තොරතුරු නිවැරදි නම් Apply මත ක්ලික් කරන්න.

[Winamp]

Wordpress Old Color Theme

වර්ඩ්ප්‍රෙස් පාවිච්චි කරන ගොඩක් අය දැනටමත් 2.5 වෙත යාවත්කාලීන වෙලා ඇති නේද? අලුත් පෙනුම නම් නියමයි. විශේෂාංගත් ගොඩක් හොඳයි. ඒත් ගොඩ කාලයක් පරණ අනුවාදය පාවිච්චි කරපු අයට පරණ ඩෑෂ්බෝඩ් එක නැතුව පාළුයි වගේ නම් පරණ වර්ණ තේමාව ලබාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ සඳහා Users ටැබ් එකට ගිහින් ඔබේ පරිශීලක නාමය මත ක්ලික් කරන්න. එතකොට මතුවන ඔබේ පෞද්ගලික විකල්ප පිටුවේ තියෙනවා Admin Color Theme - එයින් පැරණි වර්ණ තේමාවට යන්න පුළුවන්. ඒ වුණත් මම නම් අලුත් තේමාවට කැමතියි. :)

  • 0 Comments
  • Filed under: software, tips
  • වින්ඩෝස් බිත්තර | Win Eggs

    WinEggs

    වින්ඩෝස් වලින් බිත්තර බදින්නද මේ ලෑස්ති වෙන්නෙ? අපොයි නෑ :D මේ කියන්න යන්නෙ අපේ දසුන් සමීර අයියා නිපදවපු WinEggs නම් මෘදුකාංගය ගැනයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සැඟවුණු විවිධ විවිධ සැකසුම් සකසන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ WinEggs කියන්නෙ. TweakUI පාවිච්චි කරලා ඇති නේද? මේකත් බොහෝ දුරට ඊට සමාන මෘදුකාංගයක්. නමුත් ඊට වඩා වැඩි පහසුකම් තොගයක්ම තියෙනවා. ලැයිස්තුව ගොඩක් දිගයි. ඒ හින්දා WinEggs වෙබ් අඩවියෙන්ම කියවලා බලන්න. දෙක තුනක් කිව්වොතින්, සාමාන්‍ය වින්ඩෝස් අයිකන් වල නම් වෙනස් කරන්න (Recycle Bin වගේ), විවිධ කෙටි මං අවහිර කරන්න, අක්‍රිය කරන්න, සඟවන්න සැකසුම් තොගයක් මෙමගින් ලබාගන්න පුළුවන්. අවශ්‍ය නම් තනි පරිශීලකයෙකුට වගේම පරිගණකයේ සියලු පරිශීලකයන්ට මෙම සැකසුම් බලපාන ආකාරයට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. WinEggs නොමිලේ බෙදාහැරෙන මෘදුකාංගයක්.

    [WinEggs]

    ඔව් වර්ඩ්ප්‍රෙස් 2.5 නිකුත් වෙලා. අද උදේ අලුත් අනුවාදයට යාවත්කාලීන කළා. මුලින්ම දැකපු වෙනස අලුත් අනුවාදයේ Dashboard එක නම් ගොඩක් දුරට දැන් වෙනස් බව තමයි. යාවත්කාලීන කිරීම එතරම් අපහසු කාර්යයක් වුණේ නෑ. ඒ වුණත් කෝකටත් පරණ ගොනු සියල්ලේම පිටපතක් තියාගන්න එක හොඳයි. අලුත් විශේෂාංග මොනවදැයි තවමත් හොයා බැලුවේ නෑ, කොහොම වුණත් ප්ලගින්ස් ස්වයංක්‍රීයව යාවත්කාලීන කරන ක්‍රමයක් නම් තියෙනවා. තවත් විස්තර පසුවට. සම්පූර්ණ විස්තර Wordpress අඩවියේ.

  • 0 Comments
  • Filed under: software
  • Safariඇපල් සෆාරි අද ස්ථාපනය කළා. ටිකක් පාවිච්චි කරලා බැලුවා. මං මේකෙ ගොඩක්ම කැමති රෙන්ඩරින් වලට තමයි. හරිම ලස්සනට වැඩේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සිංහල අකුරු එක්ක. කොහොම වුණත්, මේක දිගටම පාවිච්චි කරන එක ගැන නම් මට එච්චර විශ්වාසයක් නෑ.

    කොහොමහරි, මං දැන් කියන්නම් මං ඒකට වැඩිය කැමති නැත්තෙ ඇයි කියලා. ඉස්සෙල්ලම ගත්තොත් තීම් එක. ඇපල් මැක් තීම් එක ගොඩක් ලස්සනයි. ඒත් මේකත් එක්ක ඇපල් එකේ ඒ නියම තීම් එකම එන එකට මම කැමති නෑ. අඩුම තරමේ ඒක මාරු කරගන්නවත් විදියක් තිබුණ නම් හොඳයි. වින්ඩෝස් පරිසරයේදි වෙනස් තීම් එකක් තිබීම හරිම අමුතු වැඩක්.

    ඊළඟට පරිශීලක අතුරුමුහුණතේ වේගය. ඒක ගොඩක් මන්දගාමීයි. ෆයර්ෆොක්ස් එක්ක බලනකොට ගොඩක් මන්දගාමියි. ඒ කියන්නෙ මෙනු විවෘත වීම, ස්ක්‍රොල් කිරීම වගේ වැඩකටයුතු. අනිත් එක ස්ක්‍රොල් කිරීම. ෆයර්ෆොක්ස් වල Smooth Scrolling වලට හුරුවෙලා තියෙන නිසා ඒක නැතුව හරිම අමාරුයි. :) තව ඉතින් මැද මවුස් බොත්තම ක්ලික් කරලා පිටුව ස්ක්‍රොල් කිරීමත් කරන්න විදියක් නෑ.

    ඒත් දැන්මම සෆාරි අයින් කරන්නෙ නැහැ. තව ටිකක් සෆාරිය ගිහිල්ලා බලන්න ඕන. ;)

  • 2 Comments
  • Filed under: software, windows
  • සෆාරි යෑම | Going on a Safari

    ඔන්න අද චාමර අයියගෙ උපදේශය අනුව දැම්මා සෆාරි. කලින් පාවිච්චි කරලා තිබුණත් සිංහල හරියට වැඩ කළේ නැති හින්දා වැඩි කලක් පාවිච්චි කරේ නැහැ. මේ ළඟදි අප්ඩේට් කළ බව ආරංචියි. හැහ්, සිංහල ටයිප් කරනකොට පොඩි ලෙඩක් නම් තියෙනවා. කමක් නැහැ.

    Safari 

    මට නම් ගොඩක්ම ආසා හිතුනේ සිංහල අකුරු පේන විදිය. Anti Aliasing. මාර ලස්සනයි. මං ස්ක්‍රීන්ෂොට් එකකුත් අප්ලෝඩ් කරන්නම්. වේගයෙත් වෙනසක් දැනෙනවා. ෆයර්ෆොක්ස් ට වැඩිය වේගයෙන් ‍පිටු ලෝඩ් වෙනවා. තව ටික දවසක් පාවිච්චි කරලා බලලා අලුත් තොරතුරු ලියන්නම්. 

  • 0 Comments
  • Filed under: software, windows
  • Blog Marathon Wallpaper

    Blog Marathon Wallpaper

    සිංහල බ්ලොග් මැරතන් එකට තව ටික දවසයි. ඔන්න හැදුවා වෝල්පේපරයක් පරිගණකය තිරය සරසන අතරේම මැරතන් එක ගැන හඬක් නගන්න. දැනට තියෙන්නෙ 1152×864 විභේදනයෙන් විතරයි. ඒක ඊට අඩු විභේදන තියෙන ඒවයෙත් පාවිච්චි කරන්න පුළුවන්නෙ? මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න.

    Update: I’m not satisfied with the Wallpaper Design though :)

  • 0 Comments
  • Filed under: Uncategorized
  • Mobitel Prepaid Card

    අම්මා ඊයේ ගෙනත් තිබුණු මොබිටෙල් පෙරගෙවුම් කාඩ්පතක් දැක්කා. අඟල් 2 x 2.25 පමණ වෙන කාඩ්පතක්. නියම අදහසක් කියලයි මුලින්ම දැක්කම හිතුණේ. එනිසා ලියන්න හිතුණා. දැන් සාමාන්‍යයෙන් තියෙන කාඩ්පත් වලට වඩා වෙනස් නිමැවුමක්. :D

  • 2 Comments
  • Filed under: Uncategorized
  • මදෑ ඉතින් අලුත් තැනකට දාන්න ගිහින් වෙච්ච හරියක් ;) දැන් නැවතත් සුපුරුදු කාර්යයන්ට.

    ෆොටෝෂොප් (ආයෙ ඉතින් කියන්න ඕන නැහැනෙ?) හි ඔන්ලයින් අනුවාදයක් නිකුත් කරලයි තියෙන්නෙ. ඊයේ මේ ගැන ලියන්න හිටියත් මේ ලෙඩ නිසා ලියාගන්න ලැබුණේ නැහැ. ෆොටෝෂොප් එක්ස්ප්‍රස් නමින් හැඳින්වෙන මේ ඔන්ලයින් අනුවාදය මගින් පොඩි පොඩි වැඩ රැසක් පහසුවෙන්ම කරගන්න පුළුවනි. ෆ්ලෑෂ් 9 මගින් බලගන්වා ඇති මේ සේවාව මගින් ෆොටෝෂොප් හි තියෙන ප්‍රවීණ පහසුකම් සියල්ල ලබාගන්නට බැරිවුණත්, අපේ පින්තූර ගබඩා කර තියන්න, හදිසියකට පින්තූරයක ප්‍රමාණය වෙනස් කරන්න, පොඩි පොඩි Touch-ups කරන්න කිසිම ගැටළුවක් නැහැ.

    Photoshop Express

    පාවිච්චි කරන්න නම් අලුත් ගිණුමක් හදාගන්න අවශ්‍යයි. අවශ්‍ය නම් Test Run එකක් කරලා බලන්න පුළුවනි පාවිච්චි කරන්න කලින් ඒකෙ විශේෂාංග ගැන දැනගන්න. පරිශීලකයෙකුට ගිගාබයිට් 2ක ධාරිතාවයක් ලැබෙනවා තනි ගිණුමක් සමග. වෙනත් ගිණුම වලින් (ෆේස්බුක්, පිකාසා, ෆොටෝබකට් වැනි) පින්තූර ආනයනය කිරීමේ හැකියාවත් ලැබෙනවා.

    දැනට එතරම් පහසුකම් තොගයක් නැතිවුණත්, මේ තියෙන ආකාරයේ උපාංග 17ක් පාවිච්චි කරන්න පුළුවනි.

    Photoshop Express

    [Photoshop Express]

    Web Host changed for good!

    පහුගිය දවස් ටිකේ මගේ බ්ලොග් එකට අම්බානක කරදර විඳින්න වුණා. මෙතැනට ආපු ගොඩක් අයටත් තදවෙන්න ඇති මොන කෙහෙල්මලක් වෙන්න යනවද කියලා? ඔව් ඉතින් අපේ Dreamhost සමාගමට පින්සිද්ධ වෙන්න බ්ලොග් සියලු කටයුතු ‘අප්සට්’ වෙලා තිබුණේ. දැන් කොහොමහරි කලින් තිබුණු සුදාරක මල්ලිගේ VHOST1ST වෙත නැවත බ්ලොග් එක ගෙනාවා. ඉදිරියට ගැටලු ඇති වෙන්නේ නැතිවෙයි කියලයි බලාපොරොත්තුව. සමාවෙන්න සිදුවූ සියලු අපහසුතා වලට :)

    ඔහොම තමයි ඉතින් ඉගෙනගන්න වෙන්නෙ: Trial and Error! ;)

  • 2 Comments
  • Filed under: Uncategorized
  • අදහස් | Comments

    • රට්කෝ ම්ලාඩිච්: @ naveen, Thanks for your kind words, buddy. @ මලින්ත, වෛරස් එනවා නම් වින්ඩෝස්, open source...
    • naveen: @ රට්කෝ ම්ලාඩිච් I 100% agreed with u. i also think like that :wink:
    • රට්කෝ ම්ලාඩිච්: නාගයෝ, දැන් මේකට අභියාචනාධිකරණ ේ නඩුවක් වැටිලයි...
    • රට්කෝ ම්ලාඩිච්: @ මලින්ත & නවීන්, මම මගේ ගෙදර Internet පාවිච්චි කරන්නේ 1996 සිට....
    • Nagaya: Apoi mama dan dawas gaanak mobitel ekata giya,,,anthimata epa wela….mage dialog sim eka daagaththa…mona karadarakda…apita wena wada nathuwata…..hathanma gaanak...
    • Nagaya: Thnkx Malithe for the info about ///Sampath Mini debit card….I got mine….. And I’m using Vixta Linux….I can see your blog with correct rendering…not like on XP...
    • SRIshanu (ශ්‍රීශානු): දැන් බ්ලොග් ලියන්නෙත් නෑ… අයිපොඩ්ඩ නිසා… :mrgreen:
    • naveen: ela machan ehema thamai inna ona :razz:

    Twitter Updates

      Recently Played Songs

      • The Doors – Riders on the Storm
      • The Beatles – All You Need Is Love
      • The Beatles – Here Comes the Sun/The Inner Light [transition]
      • The Beatles – Glass Onion
      • The Beatles – Get Back

      Stats

      TopOfBlogs