last.fm කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ අන්තර්ජාල රේඩියෝ සහ සංගීත සමාජ වෙබ් අඩවියක්. මමත් ඒකේ සාමාජිකත්වය ගත්තා. මගේ Profile එක මෙතැනින් බලාගන්න පුළුවන්:http://www.last.fm/user/malinthe
මේ දවස් වල නම් last.fm හි සියලු දත්ත මධ්‍යස්ථාන වලට බලය පිළිබඳ ප්‍රශ්න නිසා දැනට තාවකාලිකව අඩවියේ පොඩි පොඩි ප්‍රශ්න එනවා. කොහොමත් ඒක ටික දවසකින් සකසාවි.
last.fm හි audioscrobbler මගින් පරිශීලකයෝ අහන ගීත පිළිබඳ තොරතුරු වෙබ් අඩවියේ profile එකට අප්ලෝඩ් වෙනවා. එතැනින් තමන්ගේ රසයට සරිලන ගීත සොයාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා.
මේකත් පොඩි එකක්. දැන් සාමාන්‍යයෙන් අලුත් ටැබ් එකක් විවෘත කරන්න එක්කෝ Ctrl+T පාවිච්චි කරන්න ඕන. නැතිනම් ටූල්බාර් එක Customize කරලා අලුත් ටැබ් එක හදන බොත්තමක් එක්කරගන්න ඕන. මෙහෙම කරන්නත් පුළුවන්. ටැබ් බාර් එක මත මවුස් එක භාවිතයෙන් දෙවරක් ක්ලික් කරන්න එතකොට අලුත් ටැබ් එකක් හැදේවි.