මේක පොඩි පරීක්ෂණ සටහනක්. ලියන්නෙ මොබයිල් එකේ ඉඳන්. ටයිප් කරන්න ටිකක් අමාරුයි ඒත් වැඩේ ගොඩ.
පසුව ලියමි: හික් වැඩේ හරිගිහිල්ල. මේ ටික ලියාගත්තෙත් බොහොම අමාරුවෙන් හැබැයි. ෆෝන් එකෙන් තමයි එව්වේ. අපේ නාගයා පොඩි පරීක්ෂණ ටිකක් කරලා තිබ්බා එසැනින් පරිවර්තක එහෙම පාවිච්චි කරලා. ඉතින් මමත් ට්‍රයි කරලා බැලුවා. වැඩේ හරි. ඊටපස්සේ ලියපු එක එහෙමම ඊමේල් මගින් බ්ලොග් [...]
ඔන්න ඉතින් කලින් ලිපියෙදි කිව්ව විදියට ඉඩ මදියි කියලා ඇපල් මැක් අයින් කළාට එදා දවස ඉවර වෙනකොට නිකං මොකක්ද මොකක්ද වගේ. ඉතින් මොකද කළේ ආයෙමත් දැම්මා මැක් OS. හික්. දැන් දවස් දෙකක් විතර ඒකෙ ඉඳන් වැඩ කළා. ගූගල් පිහිටෙන් වීඩියෝ ඩ්‍රයිවරයක් හොයාගත්ත. දැන් වීඩියෝ වැඩ කරනව. ශබ්දත් අවුලක් නෑ. Ethernet බොහොම අමාරුවෙන් හදාගත්ත ඒත් ඒකෙ [...]
ඔන්න ඉතින් අද වෙච්ච වැඩේ. අද නිදහස් දිනේ තමා ඒත් ඉතින් උදේ නැගිටිනකොටම මට පේන්න බැරි හෙම්බිරිස්සාව ලෝඩ් වෙලා. දවසම අල. ඒ මදිවට දවල් වීගෙන එනකොට අව්ව පායන්න ගත්තා නිකං කාන්තාරෙකට වගේ. ගස් මැලවිලා, බල්ලො පූසො වැටිච්ච තැන්වල නිදි. පෝරණුවක් වගේ කිසිම දෙයක් කරන්න හිත නෑ.
අද අප්පච්චි දවසම පරිගණකය ළඟ හින්දා කරන්න කිසිම දෙයක් තිබුණෙ [...]
ඔන්න ඉතින් අද වින්ඩෝස් 7 බීටා එක දැම්මා ආයෙ. කලින් දාලා තිබ්බෙ 6801 නෙ. ඊයෙ කාලිංග එව්ව තැටියෙන් 7000 දැම්මා. ගොඩක් හොඳ පාටයි. ඩ්‍රයිවර ස්ථාපනය වීම එහෙම වින්ඩෝස් අප්ඩේට් හරහා සිද්ධ වෙනවා. දැනට වැඩ නොකරන්නෙ ටීවී කාඩ් එකේ ශබ්ද විතරයි. අනික්වා අවුලක් නැතුව වැඩ (වගෙයි) – පොඩි ගාටන ගතියක් තියෙනවා ඒකට ඉතින් කරන්න දෙයක් නෑ.
මේ [...]
හික් ගොඩ කලකින් ලිව්වෙ නෑ මුකුත්. දැන් ඉතින් ආයෙත් ලියන්න යන්නෙ ‘ලියන්න බැරිවුණාට දුකයි etc etc’ – මේක නම් කිසිම තේරුමක් නැති වැඩක්. නිතර නිතර සති ගාණක් නොලියා ඉඳලා එකපාරටම ලියන්න පටන්ගන්නෙ අනේ සමාවෙන්ඩ ලියන්න බැරිවුණානෙ කියලා. මොන කෙහෙල්මලක්ද
දැන් නිතර නිතර කොළඹ යැවෙනවා. අදත් ගිහින් ආවෙ පොඩි වැඩ වගයකට. මං සාමාන්‍යයෙන් අකමැති නගරයක් [...]
හනේ ඉතින් ඇති යාන්තම් දැන් ගෙදර. man it feels good to be home ආපු ගමන් නාගත්තා. පිස්සෙක් වගේ හිටියෙ, හික්. මේ බස්වල යන එක නම් හරියන වැඩක් නෙවෙයි. මාතර ඉඳන් ආපු බස් එකේ නම් වැඩිහරියක් නිදාගෙන ආවෙ. පිටකොටුවෙන් නුවර බස් එකට අද ටිකක් සෙනග වැඩියි. කෝච්චි නැති හින්දා වෙන්න ඇති මං හිත්නනෙ.
අනේ ඉතින් [...]
ඔන්න දැනුයි ඇඟපත හෝදගෙන වාඩිවුණේ තවත් ලිපියක් ලියන්න. ජංගම දුරකථනයෙන් බ්ලොග් ලිපි දෙකක් ලිව්වෙ ලියන්න වැඩි දෙයක් නොතිබීම නිසා සහ ෆෝන් එකේ බැටරි බැහැපු නිසා. බැටරි නම් බැස්සෙ අම්බානක ෆොටෝ ගත්ත නිසා. අනේ ඉතින් මගේ ෆෝන් කැමරාවේ හොඳකමට උදේ පාන්දර ගත්තු ඔක්කොම අල වෙලා. අම්බානක noise. දුම්රියේදි ගත්තුවත් ගොඩක් හෙලවිලා. ගෙදර ගියාට පස්සෙ බලන්න ඕන [...]
ඔන්න තවත් අලුත් අවුරුද්දක්. සීතලේ ගැහි ගැහි මේ ලිපිය ලියන්නෙ. අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් වේවායි කියලා (සහ ඉක්මණින් සාමය උදාවේවා කියලා) හැම අලුත් අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ප්‍රාර්ථනා කරමු.
ඊයේ නිදාගන්නකොට කොහොමත් ම්‍ධ්‍යම රාත්‍රිය වුණා. රූපවාහිනියේ ඉස්සෙල්ලම ගිය දැන්වීම ගිය කලින් පාරවල් වල වගේම මේ පාරත් සන්ලයිට් එකෙන්. අලුත් අවුරුද්ද උදාවෙන මොහොතෙ රට වටේටම රතිඤ්ඤා [...]
ඔන්න මිනි මැරතන් එක ඉවරයි. හිතපු හැටියට කරන්න බැරිවුණා, එච්චර ගතියක් නෑ. මක් කරන්නද ඉතින් ලබන පාර තියෙන සම්පූර්ණ එකටවත් හරියකට ලියන්න ඕන. සහභාගී වූ හැමෝටම ස්තූතියි!
දැන් ඉතින් ලියන්න දෙයක් නැති හින්දා මේක ගැනවත් ලියන්න ඕන. පොඩි කාලේ ඉඳන් තියෙන නරක පුරුද්දක්. තාම නවත්තගන්න බැරිවුණා. ළඟකදි පොඩි ට්‍රයි එකක් දුන්නා ඒත් වැඩේ හරියට ගියේ නෑ. ටික දවසක් ගිහින් ආයෙ පරණ ට්‍රැක් එකටමයි වැටෙන්නේ. උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් මල් හතයි.