ඇපල් ඇපල් ඇපල්!!!

ඔන්න ඉතින් අද දවසට කළ දෙවැනි පිස්සු හැදෙන වැඩේ. දැන් ටික දවසකට කලින් කොළඹ ගිය වෙලාවෙ කාලිංග අයියගෙන් මැක් තැටියක් ඉල්ලගෙන ආවා. ගෙදර ගෙනල්ලා ගෙදර තියෙන (කසිකබල්) මැසිමට දැම්මට වැඩක් වුණේ නෑ. ලෝඩ් වෙන්නෙ නෑ. පේන හැටියට කිසිම දෙයක් සහය දක්වන්නෙ නෑ ව‍ගේ. ඉතින් තැටිය පැත්තකින් තියලා නිකං හිටියා. (මං මැක් වලට ගොඩක් ආස වග සමහරු දන්නවත් ඇති.)

කොහොමහරි, අද ලැප්ටොප් එකට දාන්න කල්පනා කළා. මේක සෙලරන් ප්‍රොසෙසරයක් දුවන එකක්. රැම් එක නම් 512 විතරයි. ඉතින් මොකද කරේ ඕන කෙහෙල්මලක් කියලා දැම්මා ඩීවීඩී එක. මෙන්න බොලේ!! මේක ලෝඩ් වෙනව 😀 මට ඉතින් මාර සතුටුයි. ඉතින් මොකද කරේ ස්ථාපනය කළා. ඇත්තටම මේක ඩුවල් බූට් කරන්න පුළුවන්. ඒ ගැන ලිපියක් තියෙනවා මෙන්න මෙතන.

ඉතින් ස්ථාපනය කරලා ටිකක් වෙලා බලාගෙන ඉඳලා බූට් කරා. හයියෝ පිස්සු හැදෙනවා. ලස්සන වීඩියෝ එකක් වාදනය වුණා. කියලා වැඩක් නෑ, අතුරුමුහුණත නියමයි, වේගවත්. පහසුයි.

හැබැයි ඉතින් අතුරුමුහුණත් විතරයි වේගවත් වුණේ. සමහර ඒවා නම් හෙමින් වැඩ ක‍ළේ. පුදුම වෙන්න දෙයක් නෑ මැසිම හරි නැති හින්දා කොහොමත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. iTunes එහෙම නම් ගොඩක් වේගයෙන් වැඩ. වින්දෝස් වල ව‍ගේ නෙවෙයි. වීඩියෝ නම් වැඩ කළේ නෑ. ඒ විතරක් නෙවෙයි ජාලය වැඩ කරන්නෙත් නෑ. මගෙ ෆ්ලෑෂ් ධාවකය නැතිවුණු නිසා දුරකථනය Mass Media Mode දාලා බැලුවා ඒත් වැඩකළේ නෑ. Huawei E220 එකත් වැඩ කළේ නැද්ද කොහෙද. මැසිමෙ අවුලක් වෙන්න ඇති. සිංදු එහෙම වාදනය කළා VLC වලින්. පිටතින් ස්පීකරයක් හයිකළාට ඒකට ශබ්ද මාරු වුණේ නෑ.

ඉතින් ඉතින්… ටිකක් වෙලා අතපත ගාලා අයින් කරන්න සිද්ධ වුණා. ලැප්ටොප් එකේ ඉඩ මදි වීම ආදී හේතු හින්දා. මොනව වුණත් ඇපල් එකක් ගන්න නම් මාර ආසාවක් තියෙන්නෙ දැන්. 😀

Installing...
Installing...
Mac Installation Completed
Mac Installation Completed
iTunes
iTunes
Finder
Finder
iTunes (more)
iTunes (more)

ජංගම දුරකථනයට සිංහල දැමීම

ෆෝන් එක ගත්තට සිංහල නැතුව වැඩක් තියෙනවද? මේක තමා ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නෙ. නොකියා එකක් ගන්න තිබුණා මොකද ඒවයෙ සිංහල තියෙනවනෙ. ඒත් ඉතින් ගත්තට පස්සෙ කරන්න දෙයක් නෑ. කොහොම වුණත් සිංහල නැතුව ඉන්න බැරි හින්දා (මොකද එන ඊමේල් හිටන් වැඩිහරියක් සිංහලනෙ) ට්‍රයි කරා ‍ඩයලොග් එකේ සිංහල බ්‍රවුසරය ගන්න. කොහෙද ඒක ගන්න දන්න හැම දේම කළා. හරියන පාටක් නෑ.

මං ගත්තු Sony Ericsson G502 A2 මත දුවන එකක් හින්දා මේ ළඟක් වෙනතුරුම ඒකෙ filesystem එකට යන්න විදියක් තිබුණෙත් නෑ. ඒත් මේ ළඟදි වාසනාවට වගේ a2uploader කියලා මෘදුකාංගයක් නිකුත් කරලා තිබුණා. මේක පාවිච්චි කරලා ෆෝන් එකේ ෆයිල්සිස්ටම් එකට යන්න පුළුවන්. ඉතින් මාත් රිංගුවා ඒක ඇතුළට. ඉතින් වැඩ ගොඩයි. ෆ්ලෑෂ් මෙනු ටිකක් දැම්මා, අලුත් කැමරා ඩ්‍රයිවරයක් දැම්මා… එච්චර තමයි ඉතින් 😀 මේකට වැඩිය mods නිකුත් කරලා නැහැ භාවිතය අඩු නිසා.

එතකොට තමයි ෆොන්ට් දාන අදහස ආවෙ. මුලින්ම සාමාන්‍ය සිංහල ෆොන්ට් එකක් දාලා බැලුවා. වැඩේ ගොඩ. ඒත් ඉංගිරිසි අකුරු පේන්න නෑ 😀 ඊටපස්සෙ දසුන් අයියා කිව්ව නිසා ඉස්කෝල පොත කියන ෆොන්ට් එක දැම්මා. (වින්ඩෝස් වලට එන්නෙ) එතකොට නම් මෙන්න ඉංගිරිසිත් වැඩ. ඒත් ඉතින් ජාවා වැඩසටහන් වල අකුරු මහා විසාල වුණු නිසා වැඩේ අතඇරියා.

ඉතින් ආයෙ ටිකක් වෙලා ඉඳලා බැලුවා ඇයි මේ ජාවා වැඩසටහන් වල විතරක් සයිස් එක ලොකු වෙන්නෙ කියලා. බැලින්නම් ඒකට පාවිච්චි වෙන්නෙ වෙන ෆොන්ට් එකක්. ඉතින් මොකද කරේ ඒ ෆොන්ට් එක පිටපත් කරගෙන ෆොන්ට්ලැබ් මගින් සිංහල අකුරු ටික දැම්මා ඒකට. ඊටපස්සෙ වැඩ. දැන් සිංහල තියෙන්නෙ ජාවා වැඩසටහන් වලට විතරයි. ඒත් මදෑ.

කොහොම වුණත් වැඩේ සීයට සීයක්ම සාර්ථක නෑ. මොකද සිංහල පේන විදිය අන්තිම සවුත්තුයි. ඒ කියන්නෙ සාමාන්‍ය පරිගණකයකට සිංහල පැච් එකක් ස්ථාපනය නොකර ෆොන්ට් එක විතරක් දැම්මම පේන විදියට තමා දැනට පේන්නෙ. Something is better than nothing කියන්නෙ නිකං නෙවෙයිනෙ. කලින් තිබ්බෙ කොටු ගොඩක් විතරයි. දැන් ඉතිං යන්තමට හරි කියවන්න පුළුවන්නෙ 😀 ඒත් ඉතින් සිංහල හරියට පේන්න මොකක්හරි කරන්න පුළුවන් මිත්‍රයෙක් ඉන්නවා නම් පොඩි සපෝට් එකක් දෙන්න.

Opera Mini on G502
Opera Mini on G502
Gmail Mobile on G502
Gmail Mobile on G502

අධෝරක්ත කැමරාව

මං කාලෙකට කලින් ගත්තනෙ පොඩි වෙබ් කැමරාවක්. ඇත්තටම ගත්තෙ කාටවත් කතාකරන්න නෙමෙයි. මං ඉතින් කාට කතාකරන්නද? 😆 වෙන අදහසක් හිතේ තියාගෙන. ඒ Infra Red Webcam එකක් හදන අදහසින්. http://www.hoagieshouse.com/IR/ තියෙන විස්තර වල හැටියට මං අද කැමරාවට පොඩි modifications ටිකක් කළා. දැන් නියමෙට වැඩ.

ඇත්තටම මෙතන කරන්නේ වෙබ්කැම් එක ඇතුළේ තියෙන IR ෆිල්ටරය ගලවා ඉවත් කරන එක තමයි. ඊටපස්සෙ කළු පැහැයෙන් තියෙන ෆිල්ම් කෑල්ලක් තියලා පරණ විදියටම හදපු එකයි කළේ. ප්‍රතිඵලය දැක්කම මටත් පුදුම හිතුණා.

මේ ඉන්නෙ මම. ඇත්තටම ඇඳගෙන ඉන්නෙ නිල් පාට ටීෂර්ට් එකක්. ඒත් පේන්නෙ අමුතු විදියට නේද? 😀

මේ තියෙන්නෙ රුපියල් සීයේ නෝට්ටුවක ඉදිරිපස සහ පිටුපස. හෙහ් මේක හොර නෝට්ටු අල්ලන්න පාවිච්චි කරන්නත් පුළුවන් වගේ නේද?

තව පින්තූර ටිකක් පස්සෙ දාන්නම්.

මෙන්න තව එකක්. මේ ඉන්නෙ මගේ මලයා. ඔය අතේ තියෙන්නෙ ඇන්ටනාවේ දුරස්ථ පාලකය. ඒකෙන් නිකුත් වෙන්නෙත් අධෝරක්ත කිරණයක්නෙ. චැහ් මාර එළියක්නෙ තියෙන්නෙ 😛