ඔබට වෙනස ඇසෙනවාද?

හරි දැන් ඔය හැමෝම වගේ MP3 සිංදු තොගයක් තියාගෙන ඇති නේද? හැමෝම ඉතිං සිංදු අහන්න ආසයිනේ! 😉

සාමාන්‍යයෙන් සිංදුවක් MP3 වලින් encode කරන්නෙ මොන බිට්රේට් එකකද? 320? 192? 160? 128? ඉඩ ඉතුරු කරගන්න අඩු එකක් දානවා තමයි නේද? ඔබට ඒ විවිධ බිට්රේට් වල වෙනස තේරුම් ගන්න පුළුවන්ද?

මෙන්න මේ අඩවියේ තියෙන ශබ්ද සාම්පල් දෙකට සවන් දෙන්න. බලන්න ඔබටත් උසස් තත්ත්වයේ MP3 ගොනුව සහ අඩු තත්ත්වයේ එක හඳුනාගන්න පුළුවන්ද කියලා. 😉

Do you hear the Difference??

Sinhala Bloggers Radio

Sinhala Bloggers
Live Web Radio

WMP Winamp

අහා අපේ කාලිංග අයියණ්ඩි රේඩියෝ චැනලයක් කරමින් ඉන්නේ මැරතන් එක වෙනුවෙන්. ඒක නම් මල් හතයි! දැන් ටිකකට කලින් ආනන්දවර්ධනවත් සම්බන්ධ කරගත්තෙ. 😀 තව ටිකකින් සුදාරක මලයාට කතාකරන්න වගේ ලෑස්තිය!

අහන්න මැරතන් රේඩියෝ දැන්ම – FM er… ආ නෑ ඒක එෆ්එම් නෙමෙයි. 😆

නියම සිංදු ටිකක් අහගන්න පුළුවන්. 32Kbps නිසා ප්‍රශ්නයක් නැතුව අහන්න පුළුවන් වේවි.

මලින්තගේ සටහන අද පටන් ටිව්ටර් මගිනුත්

ඔන්න ඉතින් ඔයගොල්ලොත් දැනටම ට්විටර් පාවිච්චි කරනවා නම් මේ බ්ලොග් එකේ ලිපි ලියවෙන විටම ට්විටර් මගින් ඒ ගැන දැනගන්නට ඔබටත් පුළුවන්. මාවත් ඔබේ ට්විටර් එකට එකතුකරගන්න: twitter.com/malinthe 8)

ෆොටෝෂොප් එක්ස්ප්‍රස් | Photoshop Express!

මදෑ ඉතින් අලුත් තැනකට දාන්න ගිහින් වෙච්ච හරියක් 😉 දැන් නැවතත් සුපුරුදු කාර්යයන්ට.

ෆොටෝෂොප් (ආයෙ ඉතින් කියන්න ඕන නැහැනෙ?) හි ඔන්ලයින් අනුවාදයක් නිකුත් කරලයි තියෙන්නෙ. ඊයේ මේ ගැන ලියන්න හිටියත් මේ ලෙඩ නිසා ලියාගන්න ලැබුණේ නැහැ. ෆොටෝෂොප් එක්ස්ප්‍රස් නමින් හැඳින්වෙන මේ ඔන්ලයින් අනුවාදය මගින් පොඩි පොඩි වැඩ රැසක් පහසුවෙන්ම කරගන්න පුළුවනි. ෆ්ලෑෂ් 9 මගින් බලගන්වා ඇති මේ සේවාව මගින් ෆොටෝෂොප් හි තියෙන ප්‍රවීණ පහසුකම් සියල්ල ලබාගන්නට බැරිවුණත්, අපේ පින්තූර ගබඩා කර තියන්න, හදිසියකට පින්තූරයක ප්‍රමාණය වෙනස් කරන්න, පොඩි පොඩි Touch-ups කරන්න කිසිම ගැටළුවක් නැහැ.

Photoshop Express

පාවිච්චි කරන්න නම් අලුත් ගිණුමක් හදාගන්න අවශ්‍යයි. අවශ්‍ය නම් Test Run එකක් කරලා බලන්න පුළුවනි පාවිච්චි කරන්න කලින් ඒකෙ විශේෂාංග ගැන දැනගන්න. පරිශීලකයෙකුට ගිගාබයිට් 2ක ධාරිතාවයක් ලැබෙනවා තනි ගිණුමක් සමග. වෙනත් ගිණුම වලින් (ෆේස්බුක්, පිකාසා, ෆොටෝබකට් වැනි) පින්තූර ආනයනය කිරීමේ හැකියාවත් ලැබෙනවා.

දැනට එතරම් පහසුකම් තොගයක් නැතිවුණත්, මේ තියෙන ආකාරයේ උපාංග 17ක් පාවිච්චි කරන්න පුළුවනි.

Photoshop Express

[Photoshop Express]

ට්විටර්කරණය

Twitterට්විටර් ගැන මීට කලින් අහලා තිබුණත් එච්චර ගණනකට ගත්තේ නැහැ. ඊයේ පෙරේදා තමයි හිතුණේ ට්‍රයි එකක් දාලා බලන්න ඕන කියලා. විකිපීඩියාවේ ට්විටර් ගැන සඳහන් කරලා තියෙන්නෙ Free Social Networking and Microblogging Service එකක් හැටියට. මොනවා වුණත් මේක මාර ජොලි! ඇත්තටම මේකෙන් කෙරෙන ප්‍රධානම දේ තමයි ඕනෑම වෙලාවක යාළු මිත්‍රයො කරන්නෙ මොනවද කියලා දැනගන්න ලැබෙන එක. දැනට Instant Messaging හා SMS මගිනුත් මේ සේවයට යාවත්කාල කිරීම් කරන්න පුළුවන්. අනික් අය කරන දේවල් IM හා SMS මගින් අපට දැනගන්නත් පුළුවන්. ලංකාවෙත් කිසිම ප්‍රශ්නයක් නැතුව SMS වැඩ කරනවා. මම පාවිච්චි කරලා බැලුවේ මොබිටෙල් විතරයි. මං හිතන්නෙ අනිත් ඒවත් වැඩ කරනවා ඇති. මීට අමතරව ඉතින් ඕපදූප කතා කරන්න, යාලුවො හැමෝටම එකවර පණිවිඩයක් දෙන්න, කම්මැලි වෙලාවට මොනවාහරි දොඩවන්න එහෙම කියාපු සේවයක්! 😆

නිකමට උත්සාහ කරලා බලන්න.

❗ Warning: It’s highly addictive! 😉