Last.fm අලුත් වෙලා

Last.fm අඩවියට අලුත් පෙනුමක් එකතු වෙලා. හැබැයි එකම ලෙඩේ කවුරුවත් මේ අලුත් පෙනුමට කැමති නැති එක තමයි 😀 අලුත් විශේෂාංග කිහිපයක් නම් එකතුවෙලා තියෙනවා. කොහොම වුණත් අලුත් පෙනුම ගැන ලියා තිබූ බ්ලොග් සටහනේ ප්‍රතිචාර දැක්කම තමයි පුදුම හිතුණෙ. කවුරුවත්ම කැමති නැහැ වගෙයි මේ අලුත් නිර්මාණයට. ඔබට මොකද හිතෙන්නෙ?

මටත් හිතෙනවා පරණ විදිය හොඳයි කියලා. ඒත් පරණ විදියට මාරු කරන්න නම් දැනට විකල්පයක් නැහැ වගෙයි. චැහ් බලාගෙන යනකොට අලුත් එක ගැන ලියන්න කිසිම දෙයක් නැහැ චගෙයි 😛

Last.fm The Next Generation

ඉක්මණින් ලේඛන බෙදාගන්න TinyPaste

අපි හැමෝම වගේ tinyurl ලිපින දැකලා තියෙනවා. ඒ මගින් කරන්නෙ මතක තියාගන්න අමාරු දිග වෙබ් ලිපිනයක් කෙටි ලිපිනයකට හැරවීම තමයි. මේකට සමාන තවත් සේවා රැසක්ම දැන් තියෙනවා.

කොහොම වුණත් TinyPaste කියන්නෙ ලිපින කෙටි කරන සේවයක් නෙමෙයි. මේ මගින් කරන්නේ ලේඛන, ඡේද, වගන්ති පහසු ක්‍රමයකට හුවමාරු කරගැනීමේ හැකියාව ලබාදීම තමයි. සාමාන්‍යයෙන් චැට් මෘදුකාංගයකට මහා දිග වචන තොගයක් ලියන එක යවන කෙනාටත්, ලබාගන්න කෙනාටත් ලොකු කරදරයක්. ‍විශේෂයෙන්ම ලබන කෙනාට. මොකද අර පුංචි චැට් කවුළුව ඇතුළේ මහා දිග හෑල්ලක් කියවන්න ගියාම එපාවෙන නිසා. ඒ කරදරයෙන් බේරෙන්න TinyPaste හොඳ ක්‍රමයක්.

tinypaste.com වෙබ් අඩවියට ගියාම ඔබට පෙනේවි Paste Bin එකක්. මෙතැනට අවශ්‍ය දේ පිටපත් කරලා submit මත ක්ලික් කරාම ඔබට ලැබෙනවා කෙටි ලිපිනයක්. දැන් ඔබට කරන්න තියෙන්නේ ඒ ලිපිනය අවශ්‍ය කෙනාට ලබාදෙන එක විතරයි. ඒ ලිපිනයට ගියාම ඔබ කලින් පිටපත් කළ ලේඛනය පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.

වැඩේ තවත් පහසු කරගන්න ඒ මගින් ‍ෆයර්ෆොක්ස් සඳහා ඇඩෝනයකුත් ලබාදෙනවා. ඒකත් ඒ අඩවියෙන්ම ලබාගන්න පුළුවන්. ඇඩෝනය ස්ථාපනය කළාට පස්සේ අපට අවශ්‍ය ඡේදය තෝරගෙන right-click කළාම මතුවන මෙනුවෙන් TinyPaste selected text මත ක්ලික් කරන්න පුළුවන්. එතකොට ස්වයංක්‍රීයවම අවශ්‍ය කටයුත්ත සිදුවේවි.

මෙන්න උදාහරණයක්: http://tinypaste.com/9ff58 😉

TinyPaste

යුනිකෝඩ් -> අභය පරිවර්තකය

LTRL මගින් සැකසූ යුනිකෝඩ් එසැනින් පරිවර්තකය මගින් අභය සිට යුනිකෝඩ් දක්වා පරිවර්තනයක් තිබුණත්, යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් තිබුණේ නැහැ. ඒ නිසා එතැනින් ගත් කේතය මදක් වෙනස් කර යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් සැකසුවා.

FMAbhaya සහ ඒ ආකාරයේ ෆොන්ට් සියල්ල දැනට ශ්‍රී ලංකා මුද්‍රණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධම ෆොන්ට් එකතුව. ලිනක්ස් වලදී මේ ෆොන්ට් වලින් ටයිප් කිරීම කලින් ගැටළුවක්ව තිබුණා. නමුත් දැන් මේ මගින් ලිනක්ස් වලදී අභය වැනි ෆොන්ට් යොදාගෙන ටයිප් කිරීමත් පහසු වෙනවා. ඒ වගේම යුනිකෝඩ් වලින් ලියූ ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් මුද්‍රණ කටයුතු වලට යොදාගන්නට පුළුවන් වේවි. මේක අටවගන්න හිතුණෙ පහුගිය දවස්වල මාත් කුබුන්ටු දාගත්ත නිසා 😀

මෙතැනින් පිවිසෙන්න: http://converter.malinthe.com

මෙය FMAbhaya ආකා‍රයේ වෙනස් ෆොන්ට් සඳහාත් (FMMalithi, FMBindumathi, FMBasuru ආදිය) සඳහාත් පහසුවෙන්ම පාවිච්චි කරන්නට පුළුවන්. අකුරු ටික කොපි කරගෙන ෆොන්ට් එක මාරු කළාම හරි.

සිංහල බ්ලොග් කියවනය – Sinhala Blog Reader

සිංහල බ්ලොග් මැරතන් එක දවසෙ ඔක්කොම එක තැනකින් කියවන්න මැරතන් සින්ඩිකේටරයක් හැදුවා මතක ඇති. දැන් මැරතන් ඉවර නිසා ඒක පැත්තකින් තියලා එදිනෙදා බ්ලොග් කියවන කටයුතු වලට ‘සිංහල බ්ලොග් කියවනය’ කියලා එකක් හැදුවා. ඒක මෙතැනින් ලබාගන්න පුළුවන්: http://blogs.sinhalabloggers.com

ඔ‍බත් සිංහල බ්ලොග් එකක් ලියනවා නම්, දැනට ඔබේ බ්ලොග් එක මෙතැන නැතිනම් http://blogs.sinhalabloggers.com/add-blog මගින් ඔබේ බ්ලොග් එකේ විස්තර එවන්න. 🙂

last.fm

last.fm කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ අන්තර්ජාල රේඩියෝ සහ සංගීත සමාජ වෙබ් අඩවියක්. මමත් ඒකේ සාමාජිකත්වය ගත්තා. මගේ Profile එක මෙතැනින් බලාගන්න පුළුවන්:http://www.last.fm/user/malinthe

මේ දවස් වල නම් last.fm හි සියලු දත්ත මධ්‍යස්ථාන වලට බලය‍ පිළිබඳ ප්‍රශ්න නිසා දැනට තාවකාලිකව අඩවියේ පොඩි පොඩි ප්‍රශ්න එනවා. කොහොමත් ඒක ටික දවසකින් සකසාවි.

last.fm හි audioscrobbler මගින් පරිශීලකයෝ අහන ගීත පිළිබඳ තොරතුරු වෙබ් අඩවියේ profile එකට අප්ලෝඩ් වෙනවා. එතැනින් තමන්ගේ රසයට සරිලන ගීත‍ සොයාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා.

last.fm