මගේ මීඩියා සෙන්ටරේ

මං කාලෙකට කලින් කම්පියුටරේ අප්ග්‍රේඩ් කරද්දි කලින් තිබුණු එක පැත්තකට දැම්මා. ඒත් ඒක නිකං තියෙන එක අපරාදෙ හින්ද තමයි ඒක ටීවි එකට හයිකරගෙන මොනවහරි කරන්න හිතුවෙ. දැන් ටික දවසකට කලින් අපේ කාලිංගත් මීඩියා සෙන්ටර් එකක් හදපු හින්ද මගෙ එක ගැනත් ලියන්න හිතුණා.

මේක බොහොම සරල එකක් විදියට තමයි වැඩ කරන්නෙ. අලුතෙන් මොනවත් ගත්තෙ නෑ. ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලම තමයි.

පරිගණකය: AMD Sempron 2500+ එකක්. (1.4GHz) – 1GB RAM, 40GB HDD (ඒකත් පරණ එකක්. හැබැයි දැනට පාවිච්චි වෙන්නෙ විස්සයි. අනිත් පාටිෂන් එකේ මැක් දාලා තියෙන්නෙ), NVIDIA GeForce FX 5200 ග්‍රැෆික් කාඩ් එකක්, සීඩී ඩ්‍රයිව් එකක් (DVD ඩ්‍රයිව් එකක් දාගන්න ‍ඕන වෙලාවක)

Bluetooth Remote
Bluetooth Remote
අනික් උපාංග: Creative 2.1 එකක් සද්ද වලට 😀 කීබෝඩ් නැතුව පහසුවෙන් පාලනය කරන්න Bluetooth ඩොන්ගල් එකක් සහ ජංගම දුරකථනය සමග මං හදාගත්තු HID Profile එකක්

මෘදුකාංග: වින්දොස් එක්ස්පී සහ XBMC

මං දැනට පාවිච්චි කරල තියෙන මීඩියා සෙන්ටර් මෘදුකාංග වලින් මං කැමතිම XBMC වලට තමයි. පහසුකම් ගොඩක් හොඳයි. ලස්සන තීම් වගයකුත් තියෙනව. ඒත් ගොඩක් ඒව හදලා තියෙන්නෙ HD වලට. ඒත් එක තීම් එකක් හම්බවුණා SD වලට හරියන විදියට හදපු. ඒ හින්ද අවුලක් නෑ. HD ඩිස්ප්ලේ එකක් තිබ්බනම් හැබැයි නියමෙට තියේවි. 😀

ටීවී එකට මේක හයි කරල තියෙන්නෙ නිකං Composite Video කනෙක්ෂන් එකකින්. ටීවී එක කොහොමත් SD හින්ද ඉතිං අවුලක් නෑ.

කරන්න පුළුවන් වැඩ: ෆිල්ම් බලන්න පුළුවන් කරදරයක් නැතුව. සිංදු අහන්නත් පුළුවන්. දැන් තියෙන කම්පියුටරේ එක්ක නෙට්වර්ක් කරල තියෙන හින්ද මේකෙ තියෙන ඒවත් කිසි කරදරයක් නැතුව බලන්න අහන්න පුළුවන්. තාම ඩීවීඩී ඩ්‍රයිව් එකක් දාලා නැති හින්ද අනික් මැසිමෙ ඩීවීඩී ඩ්‍රයිව් එකෙන් තමයි තැටි බලන්නෙ.

XBMC වලට හරියන්න හදපු HID Profile එක දැම්මට පස්සෙ ෆෝන් එකෙන් බ්ලූටූත් හරහා කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවනි. XBMC වලට ප්ලගින්, ස්ක්‍රිප්ට් අම්බානක් එන හින්ද YouTube, Last.fm සහ විවිධ සේවා ගොඩක් ලබාගන්න පුළුවන්.

ඔන්න වීඩියෝ එකකුත් දැම්මා. මේක තියෙන තැන නම් සුද්ද කරලා දාන්න ඕන. කැලෑවක් වගේ 😀

පින්තූර:

XBMC SVN Repo Installer
XBMC SVN Repo Installer
XBMC Music
XBMC Music

Android ඔබේ පරිගණකයේත්!

ඇන්ඩ්‍රොයිඩ් ගැන දැන් කවුරුත් දන්නව ඇතිනෙ. ගූගල් මගින් හදපු මේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය දැන් කාලෙකට කලින් Tmobile G1 එක්ක තමයි ආවෙ. මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් දුවන ෆෝන් තොගයක්ම නිකුත් වෙන්න සූදානමිනුයි තියෙන්නෙ. ඒ අතර HTC සමාගමේ Hero කියන දුරකථනය විකල්ප UI එක නිසා ගොඩක් කතාබහට ලක්වුණා. සෝනි එරික්සන් මගින් ඇන්ඩ්‍රොයිඩ් වලට හදපු UI එකත් දැන් ටික දවසකට කලින් දැකගන්න ලැබුණා.

ඉතින් මේව දැක්කම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රියාත්මක වෙන දුරකථනයක් ගන්න පුදුම ආසාවක් තමයි ඇතිවෙන්නෙ. ඒත් ගන්න විදියක් නෑනෙ. මොනව කරන්නද 😀

ඉතින් අද ෆීඩ් කියව කියව ඉන්න අතරේ දැක්කා නියම වැඩක්. ඒ තමයි Android Live! ඉතින් මේ iso එක ලබාගෙන අපට ඒකෙ තැටියකට දාලා ඇන්ඩ්‍රොයිඩ් පරික්ෂා කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලිනක්ස් ලයිව් බලනවා වගේ තමයි. ඉතින් මාත් දඩිබිඩි ගාලා iso එක අරගෙන Virtualbox මගින් දාලා බැලුවා. අවුලක් නෑ ඉතින්. වැඩ 😀

මෙහෙයුම් පද්ධතිය පරික්ෂා කරලා බලන එක විතරයි කරන්න පුළුවන් ඒත්. දුරකථන විශේෂාංග එහෙම කිසිදෙයක් වැඩ කරන්නෙ නෑ (obviously 😛 ) කොහොම හරි මෙහෙයුම් පද්ධතියවත් අතපත ගාලා බලන්න බැරියැ. ඔන්න තිරපිටපත් කීප‍යකුත් තියෙනව. කැමතිනම් ට්‍රයි එකක් දීලා බලන්න.

[Live Android]

2.8 තවමත් යාවත්කාල කරන්න කියනවද?

ඔබ 2.8 වෙත යාවත්කල කළ පසුවත් යාවත්කාල කිරීමක් ඇති බව පෙන්වන පණිවිඩය දකින්නට ඇත්නම්, ඒ ගැටළුව විසඳාගැනීම සඳාහා එය නැවත වරක් ස්වයංක්‍රීයව යාවත්කාල කරන්න. මෙම දෝෂය අද උදෑසන විසඳනු ලැබුවා. ඒ නිසා දෝෂය නොමැති නව අනුවාදය ලබාගැනීමෙන් එම කරදරයෙන් මිදිය හැකියි 🙂

වර්ඩ්ප්‍රෙස් 2.8 සහ විශේෂ පුවත්!

ඔන්න කාලෙකට පස්සෙ වර්ඩ්ප්‍රෙස් වෙත අලුත් අනුවාදයක් ඇවිල්ල තියෙනව. 2.8 තමයි ඒ. අද උදේ තමයි දැක්කෙ අලුත් එක නිකුත් කරලා කියලා. එතකොට තමයි පත්තු වුණේ. මොකද එතකොටත් පරිවර්තන වැඩ ඉවර වෙලා තිබ්බෙ නෑ. තව තුන්සිය ගානක් ඉවර කරන්න තිබ්බ. ඉතින් මං ටවුමට දුවලා ගිහින් කොණ්ඩෙත් කපාගෙන ගෙදර ඇවිත් දඩි බිඩි ගාලා ඉවරකරලා නිකුත් කරන්න කටයුතු කළා.

පෙනෙන හැටියට නම් 2.8 ගොඩක් හොඳයි. කලින් තිබ්බට වඩා හොඳට විජට්ටු කළමනාකරණය පිළිවෙලකට සකසලා තියෙනව. ප්ලගින කළමනාකරණයත් ටිකක්‍ වෙනස්.

සිංහල අනුවාදය ගන්න ඕන නම් http://si.wordpress.org වෙත යන්න. කෙලින්ම යාවත්කාල කරන්නත් පුළුවන්. දැනට පොඩි ප්‍රශ්නයක් තියෙනව යාවත්කාල කරත් යාවත්කාල කිරීමක් තියෙන බවට පණිවිඩයක් එන එක. ඒක ගැන තවමත් හොයමින් ඉන්නෙ. ඒත් භාවිතයට නම් ඒක ගැටළුවක් වෙන එකක් නෑ. අවුල් තියෙනව නම් වහාම දැනුම් දෙන්න 😉

ඒ වගේම තවත් වීශේෂ දැනුම්දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ගොඩක් අය කාලයක් බලාගෙන ඉඳපු wordpress.com සඳහා සිංහල නිකුත්කිරීම! http://si.wordpress.com

දැනට ටික දවසක් වෙනව මේක සිද්ධ වෙලා. ඒත් සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙලා නම් නෑ තවම. හේතුව .org සඳහා සකසපු ගොනු වලින් තමයි මේක දැනට යාවත්කාල කරල තියෙන්නෙ. ඒ හින්ද වෙන වචන වලට පරිවර්තන කටයුතු ඉවර කරන්න ඕන. කොහොම වුණත් පාලක පැනලයේ ගොඩක් කොටස් සිංහලෙන් දකින්න පුළුවන්. දැන් ඉතින් සිංහල පාවිච්චි කරන්න ඕන නම් Profile එ‍කට ගිහින් Interface Language එක සිංහල බාසාවට මාරු කරගන්න. 🙂

All Hail WordPress! 😀

පිස්සුව වැඩි වුණාවත්ද?

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත්. අලුත් තොරතුරු කිහිපයක්ම තියෙනවා. මුලින්ම පරිගණකයට අප්ග්‍රේඩ් එකක් දුන්නා. ඇත්තටම ඒක අප්ග්‍රේඩ් එකක්මත් නෙවෙයි. අලුතෙන්ම එකක් ගත්තා වගේ වැඩක් තමයි. මොකද පරණ මැසිමෙන් මේකට ගත්තෙ ඩීවීඩී ධාවකයයි, දෘඪ තැටි දෙකයි, මවුසය සහ යතුරුපුවරුව විතරයි. ටෙක්කතා ඇහුවනම් මේ ගැන ආරංචි වෙන්නත් ඇති 😀

මේක පිළිවෙලකට අලුත් කරගන්නකල් ඉවසිල්ලක් නැතිව හිටියෙ. කොහොමහරි ඒකත් ඉවරයි. ඉතින් ඊටපස්සෙ මොකද කළේ? දැම්මා මැකින්ටොෂ්. ඕක කරගන්න තමයි ගොඩක්ම මග බලාගෙන හිටියෙ. ඒ වැඩෙත් ලස්සනට වුණා. නෑ. එහෙමමත් නෙවෙයි 😀 දෙතුන් පාරක් දාන්න වුණා පොඩි මැටි වැඩ ටිකක් කරන්න ගිය නිසා. 10.5.2 දැම්මට පස්සෙ වීඩියෝ වැඩ කළේ නෑ හරියට. ඒ කියන්නෙ කාඩ් එකේ ඩ්‍රයිවර් අවුලක්. හොයලා හොයලා අන්තිමට හම්බවුණු විසඳුමට 10.5.5 තියෙන්න ඕනලු. ඉතින් අන්තර්ජාලෙන් හොයාගත්ත පරණ ක්‍රමයකට 10.5.6 වලට යාවත්කාල කරන්න ගිහින් ඔක්කොම අලවුණා. මං ඉතින් නිකං හිටියෙ නෑ. ආයෙත් ට්‍රයි කළා. දෙතුන් පාරක් ඔහොම වුණාට පස්සෙ ආයෙ පොඩ්ඩක් හොයල බලද්දි 10.5.6 වලට යන්න පැච් වගයක් හම්බවුණා. ඒ ටික දැම්මට පස්සෙ වැඩේ හරිගියා. ඒකට වීඩියො ඩ්‍රයිවරේ දැම්මම ඒකත් වැඩ. Resolution මාරු කරද්දි පොඩි අලයක් එනවා. ඒක නම් රීස්ටාට් කරාම හරියනවා. එවෙලෙ මවුස් එකයි යතුරුපුවරුවයි වැඩ නොකර ගිය හින්දා ටිකක් තදවුණා. ඒකටත් පැච් එකක් දැම්මා 😀

ඉතින් මට දැන් වින්ඩෝස් එක්ස්පී ඇති වෙලා තියෙන හින්දා ඒකටත් මොකක්හරි කරන්න ඕන කියලා ඊයෙ විස්ටා දැම්මා. මල්ලි නම් ඕක දාන්න එපා මොකද එදාම අයින් කරන්න ඉඩ තියෙනවා කියලා. මාත් ඉතින් නෑ එහෙම වෙන්නෙ නෑ කිය කිය දැම්මා. මොකද වුණේ? කොහොමත් පැය කීපයක් ඇතුළත ඒක ඇතිවුණා 😀 ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මා වින්ඩෝස් 7. මල්ලි ඒක දානවටත් කැමති වුණේ නෑ මොකද මේක බීටා එකක් හින්ද. මං ඉතින් නිදහසට කරුණු ගොඩක් ඉදිරිපත් කරා. පොර convince වෙන්නෙම නෑ. හික්. කොහොම වුණත් මං වින්ඩෝස් 7 වලට කැමතියි. එකම අවුලකට තියෙන්නෙ මේක බීටා හින්දා අගෝස්තු වල අල වෙන එක.

ඉතින් පහුගිය දවස් ටිකේ මෙහෙයුම් පද්ධති 4 දැන් තුනකට බැහැලා තියෙන්නෙ. මැක්, වින්ඩෝස් 7 සහ මින්ට්. මින්ට් නම් වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ දැන්. හදිසියකට මිසක්.

ඔහොම තමයි ඉතින් මේ දවස් වල.

අද ටවුමට ගිහින් ආව. මේ දවස් වල දළදා ප්‍රදර්ශනේ හින්දා පුදුම සෙනගක් ඉන්නෙ. උදේ දහය එකොළහ වෙනකොට පෝලිම් පිරිලා ඉවරයි. මහා දිග පෝලිම්. ටවුමෙ වාහන තදබදයත් මේ දවස් වල ටිකක් වැඩියි. අද ඊයෙ එහෙම උදේ හොඳට පායනවා. මාර රස්නෙයි. ‍ඒත් හවස් වෙනකොට අනිවාර්යයෙන් වහිනවා.

ඉතිං ඔච්චර තමයි. ආයෙ වෙලාවක තව මොනහරි ලියන්නම්. 🙂