වර්ඩ්ප්‍රෙස් 2.6.5

වර්ඩ්ප්‍රෙස් 2.6.5 නිකුත් කළා. මෙමගින් එක් ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් සහ තවත් ගැටළු කිහිපයක් විසඳා තිබෙනවා. සියලු පරිශීලකයන් 2.6.5 වෙත යාවත්කාල කරන ලෙසයි නිර්දේශ කර තිබෙන්නෙ. ඔබ සිංහල අනුවාදය පාවිච්චි කරනවා නම් එහි නව අනුවාදයත් http://si.wordpress.org මගින් ලබාගන්නට පුළුවන්.

තවත් විශේෂ කාරණයක්. වර්ඩ්ප්‍රෙස් 2.6.4 නමින් සාවද්‍ය අනුවාදයක් පැතිර ගියා නිසා 2.6.4 නිකුත් කෙරෙන්නේ නැහැ. 2.6.4 වශයෙන් නිළ අනුවාදයක් නැහැ. කෙටියෙන් කියනවා නම් 2.6.4 වෙත යාවත්කාල කරන්න එපා. එහෙම එකක් නැහැ 😀

වර්ඩ්ප්‍රෙස් සිංහලෙන්! WordPress in Sinhala!

ඔව් මෙන්න ඔබ පුල පුලා බලා සිටි (හික් 😀 ) වර්ඩ්ප්‍රෙස් සිංහල බසින් නිකුත් කළා!! දැනට ස්ථාපනය කළ හැකි සිංහල වර්ඩ්ප්‍රෙස් පැකේජය http://si.wordpress.org මගින් ලබාගන්නට පුළුවන්. ඉදිරියේදී නිකුත් වීමට නියමිත 2.7 අනුවාදයත් මෙම අඩවියෙන්ම ලබාගන්නට හැකිවේවි. දැන් ඉතින් බලා නොඉඳ ස්ථාපනය කරන්න! 😀

දැනටමත් ඉංග්‍රීසි ස්ථාපනයක් තියෙනවා නම් සිංහල පැකේජය යොදන ආකාරය අඩවියේ සඳහන් කර තියෙනවා. එය එතරම් අපහසු කාරණයක් නෙවෙයි.

වර්ඩ්ප්‍රෙස් සිංහල කිරීමට අදහස ආවෙ ගිය පාර සිංහල බ්ලොග් මැරතන් සඳහා නුවර තිබුණු වැඩසටහනත් එක්කයි. අපේ මිත්‍ර කාලිංග මේ ගැන කිව්වට පස්සෙ හැකි ඉක්මණින්ම කටයුත්ත ආරම්භ වුණා. වැඩේ සාර්ථක කරගන්න කට්ටියගෙන් හොඳ සහයෝගයක් ලැබුණ එක ගැන නම් කියන්න බැරි තරම් සන්තෝසයි. ටික කාලයක් ගත වුණා තමයි, ඒත් වැඩේ හරිනෙ 😀

මෙන්න කණ්ඩායම: ආනන්දවර්ධන, මලින්ත (මම), ඩිලාන්, කසුන්, නිලක්ෂ, බුධාජීව, සුදාරක, තරිඳු, තිලිණ, කාලිංග සහ හර්ෂණ

කියන්න බැරි තරම් සන්තෝසයි. 😀

WordPress 2.6.2

හයියෝ ඔන්න වර්ඩ්ප්‍රෙස් 2.6.2 ඇවිල්ලා. පොඩි දෝෂ වගයක් හදලා කියලා තමයි තිබ්බෙ. වැඩිය හොයන්න ගියේ නෑ එහෙමම දැම්මා. එතරම් විසේසයක් නෑ.

වර්ඩ්ප්‍රෙස් යාවත්කාලීන කිරීම ගැන ලිපියක් ඕනද?

Acid3 Test

නිකං ඉන්න බැරුවට 😀

මං දැන් Internet Explorer 7, Firefox 3.0.1, Opera 9.51, Safari 3.1 සහ Chrome දාලා තියෙන නිසා ඔක්කොගෙම Acid3 Test එක දුවවලා බැලුවා. (මේ සමහර ඒවයෙ අලුත් අනුවාද තියෙනවා මං තාම ඒවා දැම්මෙ නෑ)

හරිනම් මේ විදියට තියෙන්න ඕන: http://acid3.acidtests.org/reference.html

උණුසුම් පුවත්: Chrome අලයක්!

ඔන්න ඒකට නම් වැඩි දවසක් ගියේ නෑ. Kaspersky Lab එකේ කෙනෙක් Chrome හි තියෙන දෝෂයක් හොයාගෙන. හේතුව Chrome පාවිච්චි කරන්නෙ Webkit හි පරණ අනුවාදයක් වීමලු. මේ දෝෂය ගැන නිරූපණයක් http://raffon.net/research/google/chrome/carpet.html මගින් බලාගන්න පුළුවන්. (මේක නම් ආරක්ෂිතයි. පොඩි නෝට්පෑඩ් වැඩසටහනක් තියෙන්නෙ.)

මෙතනදි වෙන්නෙ ඩවුන්ලෝඩ් වෙන වැඩසටහන ක්ලික් කරාම කිසිම විමසීමක් නැතිව ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන එක. ඒ නිසා ටිකක් ‘නරක’ වැඩසටහන් මගින් අපට කරදර වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් මේක තාම බීටා හින්දා ඉක්මනට හදාවි කියලා හිතෙනවා. ආරංචියෙ හැටියට ඇපල් සමාගම නම් ඒ ගැටළුව හදලා කියලා තියෙන්නෙ.

මොනවා කරන්නද ඉතින් දෝෂ නැත්තෙ මොනවගෙද? 😀

[Serious Security Flaw in Google Chrome]