Google Chrome

ඔන්න මේ දවස් වල අම්බානකට ගූගල් මගින් එන Chrome ගැනයි කතාව තියෙන්නෙ. ඊයෙ මේ ගැන ආරංචි වුණාට පස්සෙ ගන්නකල් ඉවසිල්ලක් තිබ්බෙ නෑ. අද උදේ බලනකොට ඇවිල්ලා, මං එවෙලෙම අරගෙන ස්ථාපනය කරලා බැලුවා.

අනේ ඉතින් බොහොම ලස්සනයි නොවැ බ්‍රවුසරේ. වැඩිය තාම අතපත ගාලා බැලුවෙ නෑ දැන් පන්තියට දුවන්න ඕන.

මං දැනට screenshot ටිකක් දානවා. වැඩි විස්තර සඳහා චිත්‍රකතාවට යන්න. ලබාගන්න http://www.google.com/chrome වෙත යන්න. විශේෂාංග ගැන දැනගන්න මෙතැනට යන්න.

වර්ඩ්ප්‍රෙස් 2.6.1

වර්ඩ්ප්‍රෙස් සඳහා නව යාවත්කාලීන කිරීමක් ඇවිත්. 2.6.1 මගින් විවිධ සැකසුම් හැටක් (60) පමණ සකසන බවයි ආරංචිය. දැන් ටිකකට කලින් යාවත්කාලීන කළා.

වර්ඩ්ප්‍රෙස් සිංහල කිරීමේ වැඩකටයුතු කෙරීගෙන යනවා. මේ දවස් ටිකේ නම් අල්ලන්න බැරිවුණා. කොහොමහරි ඉක්මණට ඉවරයක් කරගන්න ඕන.

http://wordpress.org/development/2008/08/wordpress-261/

Frets on Fire!

Guitar Hero ගැන අහලා තියනවද? ඒ හුඟක් ප්‍රසිද්ධ ගිටාර් වාදන ක්‍රීඩාවක්. Guitar Hero II ප්ලේස්ටේෂන් 2 සඳහා නිකුත් වීමත් සමග හුඟක් ජනප්‍රිය වුණා. සාමාන්‍ය ගිටාරයක් වැනි උපකරණයකින් ගීත වාදනය කරන්නට හැකියාව ලබාදෙන මේ ක්‍රීඩාව හුඟක් විනෝදජනකයි (ලු)

Gizmodo වගේ තැන් වල මේ ගැන නිතර කතාවෙන හින්දා මං හිතුවා පොඩ්ඩක් මේ ගැන හොයා බලන්න. එතකොට තමයි මේ Frets on Fire කියන ක්‍රීඩාව හොයාගන්න ලැබුණේ. මේ ක්‍රීඩාවත් Guitar Hero ක්‍රීඩාවට සමානයි, ඒත් වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් (පරීක්ෂණ) මත ධාවනය වෙනවා. වාදනය කරන්නේ යතුරුපුවරුවෙන්. (ඒකත් නියම වැඩක්, කීබෝඩ් එක උඩුයටිකුරු විදියට අල්ලගෙන වාදනය කරන්න ඕන) අවශ්‍ය නම් සාමාන්‍ය Guitar Hero පාලක පාවිච්චි කරන්නත් පුළුවන්. (ඒවා ලංකාවෙ තියෙනවද දන්නෙ නෑ)

වින්ඩෝස් සඳහා ගොනුව නම් මෙගාබයිට් 32ක් විතර. ඒකත් සමග ගීත තුනක් ලැබෙනවා. තවත් ගීත අවශ්‍ය නම් වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. ලොකු ප්‍රජාවක් ඉන්න නිසා ගීත සහ mods සිය ගණනක් ලබාගන්න පුළුවන්. මේකත් සමගම එන tutorial එකත් නියමයි. හිනාවෙලා හොඳ පණ ගියා 😀

වැඩිය ලියන්නෙ නෑ බරපතල හිසරදයක් තියෙන නිසා. ස්ථාපනය කරගෙන බලන්න. වරක් සෙල්ලම් කරොත් අත අරින්න හිතෙන එකක් නෑ 😉

Frets on Fire
Frets on Fire wiki (for mods, songs etc.)

වර්ඩ්ප්‍රෙස් 2.6 ඇවිල්ලා!

වර්ඩ්ප්‍රෙස් 2.6 (Tyner) නිකුත් කරලා. මං දැන් ටිකකට කලින් බ්ලොග් එ‍ක අලුත් අනුවාදයට යාවත්කාලීන කළා. අලුත් විශේෂාංග වලට සංස්කරණය කිරීම් විකි ආකාරයෙන් සටහන් කරගැනීම, ‘Press This’ bookmarklet එක මගින් ඕනෑම වෙබ් අඩවියක සිට අලුත් ලිපි ලිවීමේ හැකියාව, ගූගල් ගියර්ස් සහය, Themes පූර්වදර්ශන සහය (ෂා නියමයිනෙ) වගේම තවත් විශේෂාංග රැසක් ඇතුළත්.

වදන් ගණනය කිරීම, පින්තූර වලට මාතෘකා යෙදීම, ප්ලගින් වලට යාවත්කාල කිරීම් අවශ්‍ය නම් ඒ බව දැන්වීම (ප්‍රතිචාර වල ආකාරයට) වගේම ප්ලගින් පහසුවෙන් කළමනාකරණය කරගැනීමේ හැකියාවත් මේ සමග ලැබෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් ක්‍රියාත්මක වෙන සහ නොවන ප්ලගින් පෙන්වන්නෙ වෙන වෙනම. කොහොමහරි දෝෂ 194ක් පමණ මේ අනුවාදයේ සකස් කර තිබෙන බවයි ආරංචිය.

සම්පූර්ණ විස්තරය කියවන්න මෙතැනින්: http://wordpress.org/development/2008/07/wordpress-26-tyner/

අලුත්ම අනුවාදය ලබාගන්න මෙතැනින්: http://wordpress.org/download/

මේ තියෙන්නෙ අලුත් Theme පූර්වදර්ශනය පහසුකම (පින්තූරය සඳහා මාතෘකාවක් සමග):

WordPress 2.6 Theme Preview

හ්ම් මේකෙ හැටියට දැනට මම වචන 157ක් ලියලා තියෙනවා. සිංහල වලට නම් හරියට වැඩද දන්නෙ නෑ. ඒ නිසා හරිද බලන්න. ආ ඊයේ මගේ උපන්දිනේනෙ! මේක නිකං තෑග්ගක් වගේ තමයි. 😉

EnSiTip Beta for Firefox 3 is here!

හැමෝටම මතක ඇති EnSiTip – ඒ දවස්වල ‍ෆයර්ෆොක්ස් සඳහා නිකුත් වුණු නියම ශබ්දකෝෂයක්. මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 2 සමග ක්‍රියාත්මක වුණත් 3 සමග ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් EnSiTip හි බීටා සංස්කරණය ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා. මෙහි අවසන් සංස්කරණය EnSiTip2 ජූලි මාසයේ 11 දින පමණ වන විට නිකුත් කිරීමට සූදානම්.

මේ අලුත් සංස්කරණයේ විශේෂාංග හැටියට අපට කැමති ෆොන්ට් එකක් තෝරාගැනීමේ හැකියාව, වෙනත් ශබ්දකෝෂ තෝරාගැනීමේ හැකියාව, බොත්තම් ආදියේ තිබෙන වචන පරිවර්තනය, පහසු පරිවර්තන හැකියාව සහ වැඩි වේගය හඳුන්වන්නට පුළුවන්.

EnSiTip Beta