වර්ඩ්ප්‍රෙස් 2.6.1

වර්ඩ්ප්‍රෙස් සඳහා නව යාවත්කාලීන කිරීමක් ඇවිත්. 2.6.1 මගින් විවිධ සැකසුම් හැටක් (60) පමණ සකසන බවයි ආරංචිය. දැන් ටිකකට කලින් යාවත්කාලීන කළා.

වර්ඩ්ප්‍රෙස් සිංහල කිරීමේ වැඩකටයුතු කෙරීගෙන යනවා. මේ දවස් ටිකේ නම් අල්ලන්න බැරිවුණා. කොහොමහරි ඉක්මණට ඉවරයක් කරගන්න ඕන.

http://wordpress.org/development/2008/08/wordpress-261/

Frets on Fire!

Guitar Hero ගැන අහලා තියනවද? ඒ හුඟක් ප්‍රසිද්ධ ගිටාර් වාදන ක්‍රීඩාවක්. Guitar Hero II ප්ලේස්ටේෂන් 2 සඳහා නිකුත් වීමත් සමග හුඟක් ජනප්‍රිය වුණා. සාමාන්‍ය ගිටාරයක් වැනි උපකරණයකින් ගීත වාදනය කරන්නට හැකියාව ලබාදෙන මේ ක්‍රීඩාව හුඟක් විනෝදජනකයි (ලු)

Gizmodo වගේ තැන් වල මේ ගැන නිතර කතාවෙන හින්දා මං හිතුවා පොඩ්ඩක් මේ ගැන හොයා බලන්න. එතකොට තමයි මේ Frets on Fire කියන ක්‍රීඩාව හොයාගන්න ලැබුණේ. මේ ක්‍රීඩාවත් Guitar Hero ක්‍රීඩාවට සමානයි, ඒත් වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් (පරීක්ෂණ) මත ධාවනය වෙනවා. වාදනය කරන්නේ යතුරුපුවරුවෙන්. (ඒකත් නියම වැඩක්, කීබෝඩ් එක උඩුයටිකුරු විදියට අල්ලගෙන වාදනය කරන්න ඕන) අවශ්‍ය නම් සාමාන්‍ය Guitar Hero පාලක පාවිච්චි කරන්නත් පුළුවන්. (ඒවා ලංකාවෙ තියෙනවද දන්නෙ නෑ)

වින්ඩෝස් සඳහා ගොනුව නම් මෙගාබයිට් 32ක් විතර. ඒකත් සමග ගීත තුනක් ලැබෙනවා. තවත් ගීත අවශ්‍ය නම් වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. ලොකු ප්‍රජාවක් ඉන්න නිසා ගීත සහ mods සිය ගණනක් ලබාගන්න පුළුවන්. මේකත් සමගම එන tutorial එකත් නියමයි. හිනාවෙලා හොඳ පණ ගියා 😀

වැඩිය ලියන්නෙ නෑ බරපතල හිසරදයක් තියෙන නිසා. ස්ථාපනය කරගෙන බලන්න. වරක් සෙල්ලම් කරොත් අත අරින්න හිතෙන එකක් නෑ 😉

Frets on Fire
Frets on Fire wiki (for mods, songs etc.)

වර්ඩ්ප්‍රෙස් 2.6 ඇවිල්ලා!

වර්ඩ්ප්‍රෙස් 2.6 (Tyner) නිකුත් කරලා. මං දැන් ටිකකට කලින් බ්ලොග් එ‍ක අලුත් අනුවාදයට යාවත්කාලීන කළා. අලුත් විශේෂාංග වලට සංස්කරණය කිරීම් විකි ආකාරයෙන් සටහන් කරගැනීම, ‘Press This’ bookmarklet එක මගින් ඕනෑම වෙබ් අඩවියක සිට අලුත් ලිපි ලිවීමේ හැකියාව, ගූගල් ගියර්ස් සහය, Themes පූර්වදර්ශන සහය (ෂා නියමයිනෙ) වගේම තවත් විශේෂාංග රැසක් ඇතුළත්.

වදන් ගණනය කිරීම, පින්තූර වලට මාතෘකා යෙදීම, ප්ලගින් වලට යාවත්කාල කිරීම් අවශ්‍ය නම් ඒ බව දැන්වීම (ප්‍රතිචාර වල ආකාරයට) වගේම ප්ලගින් පහසුවෙන් කළමනාකරණය කරගැනීමේ හැකියාවත් මේ සමග ලැබෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් ක්‍රියාත්මක වෙන සහ නොවන ප්ලගින් පෙන්වන්නෙ වෙන වෙනම. කොහොමහරි දෝෂ 194ක් පමණ මේ අනුවාදයේ සකස් කර තිබෙන බවයි ආරංචිය.

සම්පූර්ණ විස්තරය කියවන්න මෙතැනින්: http://wordpress.org/development/2008/07/wordpress-26-tyner/

අලුත්ම අනුවාදය ලබාගන්න මෙතැනින්: http://wordpress.org/download/

මේ තියෙන්නෙ අලුත් Theme පූර්වදර්ශනය පහසුකම (පින්තූරය සඳහා මාතෘකාවක් සමග):

WordPress 2.6 Theme Preview

හ්ම් මේකෙ හැටියට දැනට මම වචන 157ක් ලියලා තියෙනවා. සිංහල වලට නම් හරියට වැඩද දන්නෙ නෑ. ඒ නිසා හරිද බලන්න. ආ ඊයේ මගේ උපන්දිනේනෙ! මේක නිකං තෑග්ගක් වගේ තමයි. 😉

EnSiTip Beta for Firefox 3 is here!

හැමෝටම මතක ඇති EnSiTip – ඒ දවස්වල ‍ෆයර්ෆොක්ස් සඳහා නිකුත් වුණු නියම ශබ්දකෝෂයක්. මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 2 සමග ක්‍රියාත්මක වුණත් 3 සමග ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් EnSiTip හි බීටා සංස්කරණය ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා. මෙහි අවසන් සංස්කරණය EnSiTip2 ජූලි මාසයේ 11 දින පමණ වන විට නිකුත් කිරීමට සූදානම්.

මේ අලුත් සංස්කරණයේ විශේෂාංග හැටියට අපට කැමති ෆොන්ට් එකක් තෝරාගැනීමේ හැකියාව, වෙනත් ශබ්දකෝෂ තෝරාගැනීමේ හැකියාව, බොත්තම් ආදියේ තිබෙන වචන පරිවර්තනය, පහසු පරිවර්තන හැකියාව සහ වැඩි වේගය හඳුන්වන්නට පුළුවන්.

EnSiTip Beta

මෙහෙයුම් පද්ධති අතර දෝලනය වීම

මං දැනට දාලා තියෙන්නෙ වින්ඩෝස් එක්ස්පී සහ කුබුන්ටුනෙ. කුබුන්ටු ගොඩක් දුරට හොඳයි. සමහර විශේෂාංග කිහිපයක් හැරුණම ගොඩක් ඒවා හොඳට වැඩ.

මට තවම සමහර වැඩ වලට ගැළපෙන මෘදුකාංග හොයාගන්න බැරිවුණා. එකක් තමයි රූපවාහිනී වැඩසටහන් පටිගතකරණ එකක්. බලන්න නම් tvtime දාලා තියෙන්නෙ. ඒක නම් නියමයි. ඒත් පටිගත කරන වැඩේට හොඳ gui එකක් තියෙන එකක් හොයාගන්න බැරිවුණා. කවුරුහරි දන්න හොඳ එකක් තියෙනවා නම් කියන්න.

අනිත් ප්‍රශ්නය තමයි nvidia ග්‍රැෆික් කාඩ් වලින් එන fullscreen video කියන විශේෂාංගය නැති එක. මං චිත්‍රපට එහෙම බලන්නෙ ග්‍රැෆික් කාඩ් එකෙන් රූපවාහිනියට සම්බන්ධ කරලා. මොනිටරය සහ රූපවාහිනිය clone කරලා nvidia පාලක පැනලයේ තියෙන විකල්පයක් මගින් මොනිටරයේ පෙනෙන වීඩියෝ රූපවාහිනියේ මුළු තිරය පුරාම පෙන්වන විශේෂාංගයක් තියෙනවා. ඒ වගේ එකක් කුබුන්ටු වලට හොයාගන්න බැරිවුණා. clone එකක් නම් දාගත්තා. ඒත් රූපවාහිනියෙයි මොනිටරයෙයි තියෙන විභේදන වෙනස නිසා ප්‍රශ්නයක් ඇතිවෙනවා. අනිත් එක මොනිටරයේ වෙනත් වැඩක් කරන්නත් බැහැ ඒ වෙලාවට මොකද දෙකේම මුළු තිරය පුරා දාන්න වෙන නිසා. වෙනම X Screen එකක් රූපවාහිනියට ඇටෙව්වත් ඒකට මං වැඩිය කැමති නැහැ. කරදර වැඩියි.

මං වින්ඩෝස් වල වෙලාවකට Pagemaker එහෙම පාවිච්චි කරන නිසා ඒකට සමාන Scribus පාවිච්චි කරලා බැලුවා. ඒක ගොඩක් හොඳයි. ඒත් text boxes එක්ක වැඩ කරන්න ගියාම එපාවෙනවා. පුදුම විදියට වේගය අඩුයි. විසඳුමක් තියේවිද?

මං විනැම්ප් වලට ගොඩක් ආසා නිසා Audacious දැම්මා. ඒක නියමයි. Plugins ගොඩක් තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නෑ දැනට. Gimp වරදක් නැහැ ඒත් Photoshop වලට තදටම පුරුදු වෙලා නිසා පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. Gimpshop දාලා බලන්න ඕන. තව XAMPP දාගන්නත් ඕන. Inkscape දාලා බලන්න ඕන. තව තොගයක්ම දාන්න තියෙනවා. මේ ටික දාන්න ගියොත් මාසෙ අන්තිමට හෙණ බිලක් ගෙවන්න වෙන නිසා තාම දැම්මෙ නෑ 😉 කෝකටත් කියලා Wine දැම්මා. සමහර වෙලාවට ඕන වෙනවනෙ වින්ඩෝස් ඒවා ධාවනය කරන්න.

ම්… වෙන ප්‍රශ්න මොනවද? Themes එක ප්‍රශ්නයක්. KDE වලට ගැළපෙන ලස්සන ඒවා හොයාගන්න ටිකක් අමාරුයි මට. කවුරුහරි දන්න ලස්සන එකක් තියෙනවා නම් කියන්න. මට පේන හැටියට මේවට එන themes අඩුයි වගේ.

අහ් Firefox උබුන්ටු repo වලට දාලා තියෙන නිසා කෙලින්ම දාගත්තා. මොසිලා වෙබ් අඩවියෙන් ගන්න එක KDE වලින් පේන්නෙ කුණුගොඩක් වගෙයි 😀

සමහර වෙලාවට වින්ඩෝස් පහසුයි කියලා හිතෙනවා. සමහර වෙලාවට මේක පහසුයි කියලා හිතෙනවා. ඒ නිසා තමයි ඒ දෙක අතර දෝලනය වෙනවා කියලා කිව්වෙ. අද හවස වින්ඩෝස් වලට ගිහින් BSOD එකකුත් ඇවිල්ලා තමයි නතර වුණේ. (කාලෙකට පස්සෙ) NOD32 ටිකක් පිස්සු නටන්න ගත්තා. වේගය අම්බානකට අඩුවුණා. ඊට පස්සෙ පොඩි වඩු වැඩ ටිකක් කරන්න ගිහින් තමයි ඕක ආවෙ.

හපොයි මේ මදෑ. කම්මැලිකමට ලියන්න හිතුණෙ. නෑ ඇත්තටම මේ BSOD එක හින්දා ලියන්න හිතුණෙ. මේ දවස් ටිකේ අලුතින් ලියන්න විශේෂ දෙයක් තිබුණෙ නැහැ. 😀