මින්ට් ජනේලය ළඟින් තබා ඇපල් කෑම

ඔන්න ඉතින් කලින් ලිපියෙදි කිව්ව විදියට ඉඩ මදියි කියලා ඇපල් මැක් අයින් කළාට එදා දවස ඉවර වෙනකොට නිකං මොකක්ද මොකක්ද වගේ. ඉතින් මොකද කළේ ආයෙමත් දැම්මා මැක් OS. හික්. දැන් දවස් දෙකක් විතර ඒකෙ ඉඳන් වැඩ කළා. ගූගල් පිහිටෙන් වීඩියෝ ඩ්‍රයිවරයක් හොයාගත්ත. දැන් වීඩියෝ වැඩ කරනව. ශබ්දත් අවුලක් නෑ. Ethernet බොහොම අමාරුවෙන් හදාගත්ත ඒත් ඒකෙ පොඩි පොඩි අවුල් වගයක් තියෙනවා. Wireless නම් වැඩ කරන්නෙම නෑ තවම.

සිංහල නම් බොහෝ දුරට වැඩ කරනවා. සිංහල keylayout එකකුත් හොයාගෙන දැම්මා. ඒකත් දෝෂ සහිතව වැඩ. මේ ගැන විස්තර ටික ඔක්කොම දුන්නා දසුන් අයියට. ඉදිරියේදි මේ ගැටළු විසඳන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

මැක් වලට එන මෘදුකාංග ගොඩක් නියමයි. මං සාමාන්‍යයෙන් දාන්න ඕන ෆයර්ෆොක්ස් සහ VLC දැම්මා. මේකෙ මෘදුකාංග ස්ථාපනය කිරීම ගොඩක් වෙලාවට පහසුයි. අපට කරන්න තියෙන්නෙ .dmg ගොනුව බාගෙන ඒකෙ තියෙන වැඩසටහන් ගොනුව Applications‍ ෆෝල්ඩරයට දාන එක විතරයි.

චැට් කටයුතු සඳහා iChat තිබුණත් මං Adium දාලා බැලුවා. ඒක නම් නියම මෘදුකාංගයක්.

iTunes නම් පුදුම හිතෙන විදියට වැඩ කරනවා. වින්ඩෝස් වලදි නම් මට පේන්න බැරිම මෘදුකාංගයක් තමයි. ඒත් මැක් වලදි ගොඩක් වේගවත්. Cover Flow එහෙම හිතන්නවත් බැරි තරම් වේගයෙන් වැඩ.

ඉතින් දැනට එපමණයි. මැක් වල සිංහල තවත් ටිකක් දියුණු වුණාට පස්සෙ ඊළඟ ලිපිය මැක් එකකින්ම ලියන්න හීනයක් තියෙනවා. 😀

iTunes Coverflow
iTunes Coverflow
My Blog in Firefox (Mac)
My Blog in Firefox (Mac)

ඇපල් ඇපල් ඇපල්!!!

ඔන්න ඉතින් අද දවසට කළ දෙවැනි පිස්සු හැදෙන වැඩේ. දැන් ටික දවසකට කලින් කොළඹ ගිය වෙලාවෙ කාලිංග අයියගෙන් මැක් තැටියක් ඉල්ලගෙන ආවා. ගෙදර ගෙනල්ලා ගෙදර තියෙන (කසිකබල්) මැසිමට දැම්මට වැඩක් වුණේ නෑ. ලෝඩ් වෙන්නෙ නෑ. පේන හැටියට කිසිම දෙයක් සහය දක්වන්නෙ නෑ ව‍ගේ. ඉතින් තැටිය පැත්තකින් තියලා නිකං හිටියා. (මං මැක් වලට ගොඩක් ආස වග සමහරු දන්නවත් ඇති.)

කොහොමහරි, අද ලැප්ටොප් එකට දාන්න කල්පනා කළා. මේක සෙලරන් ප්‍රොසෙසරයක් දුවන එකක්. රැම් එක නම් 512 විතරයි. ඉතින් මොකද කරේ ඕන කෙහෙල්මලක් කියලා දැම්මා ඩීවීඩී එක. මෙන්න බොලේ!! මේක ලෝඩ් වෙනව 😀 මට ඉතින් මාර සතුටුයි. ඉතින් මොකද කරේ ස්ථාපනය කළා. ඇත්තටම මේක ඩුවල් බූට් කරන්න පුළුවන්. ඒ ගැන ලිපියක් තියෙනවා මෙන්න මෙතන.

ඉතින් ස්ථාපනය කරලා ටිකක් වෙලා බලාගෙන ඉඳලා බූට් කරා. හයියෝ පිස්සු හැදෙනවා. ලස්සන වීඩියෝ එකක් වාදනය වුණා. කියලා වැඩක් නෑ, අතුරුමුහුණත නියමයි, වේගවත්. පහසුයි.

හැබැයි ඉතින් අතුරුමුහුණත් විතරයි වේගවත් වුණේ. සමහර ඒවා නම් හෙමින් වැඩ ක‍ළේ. පුදුම වෙන්න දෙයක් නෑ මැසිම හරි නැති හින්දා කොහොමත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. iTunes එහෙම නම් ගොඩක් වේගයෙන් වැඩ. වින්දෝස් වල ව‍ගේ නෙවෙයි. වීඩියෝ නම් වැඩ කළේ නෑ. ඒ විතරක් නෙවෙයි ජාලය වැඩ කරන්නෙත් නෑ. මගෙ ෆ්ලෑෂ් ධාවකය නැතිවුණු නිසා දුරකථනය Mass Media Mode දාලා බැලුවා ඒත් වැඩකළේ නෑ. Huawei E220 එකත් වැඩ කළේ නැද්ද කොහෙද. මැසිමෙ අවුලක් වෙන්න ඇති. සිංදු එහෙම වාදනය කළා VLC වලින්. පිටතින් ස්පීකරයක් හයිකළාට ඒකට ශබ්ද මාරු වුණේ නෑ.

ඉතින් ඉතින්… ටිකක් වෙලා අතපත ගාලා අයින් කරන්න සිද්ධ වුණා. ලැප්ටොප් එකේ ඉඩ මදි වීම ආදී හේතු හින්දා. මොනව වුණත් ඇපල් එකක් ගන්න නම් මාර ආසාවක් තියෙන්නෙ දැන්. 😀

Installing...
Installing...
Mac Installation Completed
Mac Installation Completed
iTunes
iTunes
Finder
Finder
iTunes (more)
iTunes (more)

ජංගම දුරකථනය යාවත්කාලීන කිරීම

අද ටිකක් භයානක වැඩක් කළා. වාසනාවට වැඩේ ගොඩ. උදේ නිකං ෆෝන් ගැන විස්තර ටිකක් හොය හොය ඉඳිද්දි මං ගාව තියෙන එක ගැන ප්‍රතිචාර ටිකක් දැක්කා. ඒකෙ අල ගොඩක් හරියනවලු අලුත්ම firmware එකක් දැම්මනම්. මං ෆෝන් එකෙන්ම බැලුවත් ඒකෙන් කිව්වෙ දැන් තියෙන්නෙ අලුත්ම නිකුතුව තමයි කියලා. ඒත් Hutch Firmware එකක් තියෙනවා ඊට වඩා ගොඩක් අලුත්. ඉතිං අපේ නාගයාගෙනුත් පොඩ්ඩක් විමසලා බැස්සා ගේමට.

බාගත්තා අලුත්ම Firmare එක. මේක generic එකක් නෙවෙයි. Hutchison. ඕන කෙහෙල්මලක් කියලා a2uploader එකේ පිහිටෙන් (දෙයියො සිහිකරගෙන) ඒක ෆ්ලෑෂ් කරා. ක්‍රියාත්මක කළා. මෙන්න බොලේ වැඩ! ඉතිං තව මොනවද 😀

ඉතිං අලුත් එක ඇතුලෙ රවුම් ගගහ ඉන්නකොට දැක්කා වීඩියෝ කෝල් ගන්නත් පුළුවන් කියලා. මේකෙ ඉදිරිපස කැමරාවක් නැති හින්දා ඉතිං වැඩකුත් නෑ. ඒත් ඉතින් something is better than nothing නෙ. පොඩ්ඩක් පරික්ෂා කරලා බැලුවා ඒකත් වැඩ. කාලිංගගෙන් කෝල් එකක් ගෙන්නගත්තා, මූණ පෙනේ. 😀 මොබිටෙල් එකේ 555 ට අරගෙනත් බැලුවා. ඒකත් වැඩ.

අනික් විශේෂම දේ තමයි වේගය. Interface එක දැන් ගොඩක් වේගවත්. කලින් වගේ ගාටන්නෙ නෑ. ඒක නම් ඉතින් ලොකු සහනයක්.

ඉතින් ‍ෆොන්ට් ටිකත් ආයෙ හදලා සිංහලත් දාගත්තා. නැත්තං වැඩක් කරන්න බෑනෙ. ඉතින් ඔච්චර තමයි 😛

new_menu
G502 New Menu
G502 Video Calling
G502 Video Calling

අල දවස

ඔන්න ඉතින් අද වෙච්ච වැඩේ. අද නිදහස් දිනේ තමා ඒත් ඉතින් උදේ නැගිටිනකොටම මට පේන්න බැරි හෙම්බිරිස්සාව ලෝඩ් වෙලා. දවසම අල. ඒ මදිවට දවල් වීගෙන එනකොට අව්ව පායන්න ගත්තා නිකං කාන්තාරෙකට වගේ. ගස් මැලවිලා, බල්ලො පූසො වැටිච්ච තැන්වල නිදි. පෝරණුවක් වගේ කිසිම දෙයක් කරන්න හිත නෑ.

අද අප්පච්චි දවසම පරිගණකය ළඟ හින්දා කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. ටීවී එකේ බලන්න විසේස දෙයක් තිබ්බෙත් නෑ. උදේ නිදහස් දින උත්සවේ නම් ටිකක් බැලුවා. ඒකත් බලන්න කම්මැලියි ව‍ගේ. ඉතින් එහාට යනවා මෙහාට යනවා, කෑගහනවා. කැරකෙනවා. ඔළුව රිදෙනවා හොටු හූරනවා – දවසම ඉවරයි.

කිසිම දෙයක් කන්න හිතෙන්නෙත් නෑ. බොන්න හිතෙන්නෙත් නෑ. ටවුමට යන්නත් විදියක් නෑ. කාලෙකින් චිත්‍රපටයක් බැලුවෙත් නෑ. දැන් බලන්න දේකුත් නෑ. ස්නැක් ක්‍රැකර් එකක් ගෙනල්ලා හවස ඉවරයක් කරා. ඔච්චර තමයි අද දවසටම වැඩකට ඇති දේකට කළේ. 😀 බිපෙසි.

මේ ටිකත් ලියාගත්තෙ හෙණ කම්මැලිකමේ. තාමත් ඔළුව රිදෙනවා. හෙම්බිරිස්සාව තරම් එපාකරපු දෙයක් තවත් නෑ. හපෝයි!

iPhone 3G is here!?

iphoneඅලුත්ම: ඒක වෙබ් අඩවියෙන් ඉවත් කරලා 😀

මේක නම් එනවා දැක්කෙ නෑ. ආරංචි හැටියට දැන් ඩයලොග් එකෙන් iPhone 3G ගන්න පුළුවන්ලු. අද ඩයලොග් වෙබ් අඩවිය පැත්තෙ ගිය වෙලාවෙයි දැක්කෙ. මේකට තමා බලාගෙන හිටියෙ – ඒත්! ගාන දැක්කම නම් හැබැයි ටිකක් හරි නෑ වගේ. 89,000ක් කියල තමා තියෙන්නෙ. හරි නෑ වැඩේ. 🙁
ඇමරිකාවෙ නම් AT&T එකෙන් බොහොම සුළු ගාණකටනෙ දෙන්නෙ. AT&T එකේ ගණන්: $199 for 8GB (black) and $299 for 16GB (black or white). Two-year contract required.

වැඩි විස්තර: http://www.dialog.lk/en/mobile/whatsnew/iphone_3g.html

Update: They’ve removed it.

Didn’t see this coming. Looks like Dialog is giving us the iPhone 3G  Saw this in their website today. The price is a bit high at 89,000. Didn’t like that of course 🙁 AT&T is giving this for a far more small price. $199 for 8GB (black) and $299 for 16GB (black or white). Two-year contract required.

More Info: http://www.dialog.lk/en/mobile/whatsnew/iphone_3g.html