දවල් පොඩ්ඩක් මූණ හෝදගෙන විවේකයක් ගන්න කියලා හිතාගෙන පරිගණකයත් ඕෆ් කරලා ගියාට පස්සෙ පටන් ගත්තෙ නැතෑ විදුලි කොටන්න! ඒ හින්දා ඉතින් කමක් නෑ කියලා හිතාගෙන නිදාගත්තා. හපොයි නින්ද ගියා කියන්නෙ කවදාවත් නිදාගෙන නෑ මේ විදියට. දැන් නැගිට්ටෙ. ඇඟටත් පණ නෑ. තව පැයක් විතරනෙ තියෙන්නෙ මොනවාහරි ලියලා දාන්න ඕන.
දැන් තේකක් බොන්න ඕන. 😉
මේකත් පොඩි එකක්. දැන් සාමාන්‍යයෙන් අලුත් ටැබ් එකක් විවෘත කරන්න එක්කෝ Ctrl+T පාවිච්චි කරන්න ඕන. නැතිනම් ටූල්බාර් එක Customize කරලා අලුත් ටැබ් එක හදන බොත්තමක් එක්කරගන්න ඕන. මෙහෙම කරන්නත් පුළුවන්. ටැබ් බාර් එක මත මවුස් එක භාවිතයෙන් දෙවරක් ක්ලික් කරන්න එතකොට අලුත් ටැබ් එකක් හැදේවි.