මේක නම් අනිවාර්යයෙන්ම කියන්න ඕන. අද ගියා කම්පියුටරේජ් එකට වෙබ්කැම් එක ගන්න. ඒගොල්ලො දැන් ව්‍යාජ මෘදුකාංග විකුණන්නේ නැහැ. ඔරිජිනල් ඒවා පමණයි. ඒ නිසා එතැන ගහලා තියෙනවා මයික්‍රොසොෆ්ට් (හපොයි මේක සිංහලෙන් ගහන්න ගියාම එපාවෙනවා) එකේ ලොකු පෝස්ටරයක්. පෝස්ටරේ ගහලා තියෙනවා මයික්‍රොසොෆ්ට් මෘදුකාංග පාවිච්චි කිරීමේ වාසි.
හරියටම මතක නැහැ. මෙහෙම එකක් තිබුණා: ව්‍යාජ මෘදුකාංග ඔබේ දත්ත විනාශ කරයි! අපොයි භයානකයි නේද? 😀 ඒකෙ දාලා තියෙනවා ඉතින් තවත් විස්තර ගොඩක්. අප්ඩේට් කරන්න ලේසියි, හොඳ සපෝට් එකක් තියෙනවා ආදී වශයෙන්. ඒත් මට හොඳටම මතක හිටියේ මෙන්න මේක: විනාශකාරී වෛරස් වලින් ආරක්ෂාව!
හපොයි කවදා ඉඳන්ද මයික්‍රොසොෆ්ට් එකේ මෘදුකාංග වලට වෛරස් වලින් ආරක්ෂාව ලැබුණේ? දන්නෝ දනිත්! 😆
