Update: Got a Mobitel M3 HSPA Connection and it just rocks! Special thanks to Buddhika Jayasinghe!
අපේ ගෙවල් පැත්තට ADSL නැති නිසා සහ Dialog WiMax Coverage නැති නිසා මම තාමත් පාවිච්චි කරන්නෙ CDMA වලින් ලැබෙන Dialup තමයි. සාමාන්‍යයෙන් පාන්දරට හොඳ වේගයක් ලැබුණත් සමහර දවස් වල දවල්ට නම් කිසිම වැඩක් කරන්න බැහැ. අදත් ඒ වගේ අවාසනාවන්ත දවසක් තමයි. 🙁
අද නැගිටිනකොට ටිකක් දවල් වුණා. 😳 8ට විතර ඊමේල් පරික්ෂා කරන්න කියලා connect වුණා. වැඩක් නැහැ. ගාටනවා. ගාටනවා. තුන්පාරක් විතර disconnect වෙවී ආයෙ reconnect කරලා බැලුවත් කිසිම වැඩක් වුණේ නැහැ. දවසම එහෙම තමයි. මේ වෙලාවට තමයි අසූහාරදාහට තද වෙන්නෙ. මොන කෙහෙල්මලක්ද? 👿
Google Talk වලින් කාට හරි කතාකරන්න හදනකොටම disconnect වෙනවා. සුදාරක මලයා කියනවා ‘මලින්ත එනවා යනවා’ කියලා. ඇයි මේ කෙහෙල්මල disconnect වෙවී ආයෙ connect වෙන නිසා. හවස බ්ලොග් එකට අලුත් සටහනක් ලියලා පෝස්ට් කරන අතරමගදී disconnect වුණා. අන්තිමට ලියපු පෝස්ට් එකත් නෑ. දැනුත් සයිට් දෙක තුනක් ලෝඩ් වෙන්න දාලා තියෙන්නෙ. එකක්වත් ලෝඩ් වෙන්නෙ නෑ. මේක නම් මහා එපාකරපු වැඩක්.
දැන් ඉතින් තියෙන එකම විසඳුම මොබිටෙල් එකෙන් 3.5G සම්බන්ධයක්වත් ගන්න එක විතරයි. ඒත් ඒ මොඩම් එක දැනට 20,000ක් විතර වෙනවලු. ඒකත් ඉතින් ෂුවර් නැහැ.
දැන් තියෙන එකවත් නියම වේගයෙන් වැඩ කරනවා නම් ඒ හොඳටම ඇති. ඒත් ඉතින් අපට ඕන දේ ඒ විදියටම වෙන්නෙ නෑනේ නේද?
බලමුකෝ මේකවත් හරියට පෝස්ට් කරගන්න ලැබේවිද කියලා…