අන්තර්ජාල සම්බන්ධය ගෑටීම සහ ඉවසීමේ සීමාව

Update: Got a Mobitel M3 HSPA Connection and it just rocks! Special thanks to Buddhika Jayasinghe!

අපේ ගෙවල් පැත්තට ADSL නැති නිසා සහ Dialog WiMax Coverage නැති නිසා මම තාමත් පාවිච්චි කරන්නෙ CDMA වලින් ලැබෙන Dialup තමයි. සාමාන්‍යයෙන් පාන්දරට හොඳ වේගයක් ලැබුණත් සමහර දවස් වල දවල්ට නම් කිසිම වැඩක් කරන්න බැහැ. අදත් ඒ ව‍ගේ අවාසනාවන්ත දවසක් තමයි. 🙁
අද නැගිටිනකොට ටිකක් දවල් වුණා. 😳 8ට විතර ඊමේල් පරික්ෂා කරන්න කියලා connect වුණා. වැඩක් නැහැ. ගාටනවා. ගාටනවා. තුන්පාරක් විතර disconnect වෙවී ආයෙ reconnect කරලා බැලුවත් කිසිම වැඩක් වුණේ නැහැ. දවසම එහෙම තමයි. මේ වෙලාවට තමයි අසූහාරදාහට තද වෙන්නෙ. මොන කෙහෙල්මලක්ද? 👿

Google Talk වලින් කාට හරි කතාකරන්න හදනකොටම disconnect වෙනවා. සුදාරක මලයා කියනවා ‘මලින්ත එනවා යනවා’ කියලා. ඇයි මේ කෙහෙල්මල disconnect වෙවී ආයෙ connect වෙන නිසා. හවස බ්ලොග් එකට අලුත් සටහනක් ලියලා පෝස්ට් කරන අතරමගදී disconnect වුණා. අන්තිමට ලියපු පෝස්ට් එකත් නෑ. දැනුත් සයිට් දෙක තුනක් ලෝඩ් වෙන්න දාලා තියෙන්නෙ. එකක්වත් ලෝඩ් වෙන්නෙ නෑ. මේක නම් මහා එපාකරපු වැඩක්.

දැන් ඉතින් තියෙන එකම විසඳුම මොබිටෙල් එකෙන් 3.5G සම්බන්ධයක්වත් ගන්න එක විතරයි. ඒත් ඒ මොඩම් එක දැනට 20,000ක් විතර වෙනවලු. ඒකත් ඉතින් ෂුවර් නැහැ.

දැන් තියෙන එකවත් නියම වේගයෙන් වැඩ කරනවා නම් ඒ හොඳටම ඇති. ඒත් ඉතින් අපට ඕන දේ ඒ විදියටම වෙන්නෙ නෑනේ නේද?

බලමුකෝ මේකවත් හරියට පෝස්ට් කරගන්න ලැබේවිද කියලා…

ට්විටර්කරණය

Twitterට්විටර් ගැන මීට කලින් අහලා තිබුණත් එච්චර ගණනකට ගත්තේ නැහැ. ඊයේ පෙරේදා තමයි හිතුණේ ට්‍රයි එකක් දාලා බලන්න ඕන කියලා. විකිපීඩියාවේ ට්විටර් ගැන සඳහන් කරලා තියෙන්නෙ Free Social Networking and Microblogging Service එකක් හැටියට. මොනවා වුණත් මේක මාර ජොලි! ඇත්තටම මේකෙන් කෙරෙන ප්‍රධානම දේ තමයි ඕනෑම වෙලාවක යාළු මිත්‍රයො කරන්නෙ මොනවද කියලා දැනගන්න ලැබෙන එක. දැනට Instant Messaging හා SMS මගිනුත් මේ සේවයට යාවත්කාල කිරීම් කරන්න පුළුවන්. අනික් අය කරන දේවල් IM හා SMS මගින් අපට දැනගන්නත් පුළුවන්. ලංකාවෙත් කිසිම ප්‍රශ්නයක් නැතුව SMS වැඩ කරනවා. මම පාවිච්චි කරලා බැලුවේ මොබිටෙල් විතරයි. මං හිතන්නෙ අනිත් ඒවත් වැඩ කරනවා ඇති. මීට අමතරව ඉතින් ඕපදූප කතා කරන්න, යාලුවො හැමෝටම එකවර පණිවිඩයක් දෙන්න, කම්මැලි වෙලාවට මොනවාහරි දොඩවන්න එහෙම කියාපු සේවයක්! 😆

නිකමට උත්සාහ කරලා බලන්න.

❗ Warning: It’s highly addictive! 😉

ෆොටෝෂොප් CS4? Photoshop CS4?

Stonehenge

Cybernet වෙත නිර්නාමික ලෙස එවූ පණිවිඩයක Photoshop CS4 (Codename: Stonehenge) පිටපතක් ‘ලීක්’ වී ඇති බව සඳහන් කර තිබුණා. ලිපිය ලියූ රයන්ට අනුව දැනටමත් බිට්ටොරන්ට් අඩවි වල මෙහි Setup සොයාගන්නට ඇති බව ආරංචිය. රයන්ට ලිපිය එවූ තැනැත්තා ඒ සමග තිර පිටපතක්ද එවා තිබුණා (Screenshot) ඉහළින් දැක්වෙන්නේ එයයි.

Cybernetnews මගිනි.