3ජෑම්

3ජෑම් SMS අඩවිය, සමූහ කෙටි පණිවිඩ සඳහා කදිම ක්‍රමයකි! ඔබ යවන කෙටි පණිවිඩය, ඔබ කලින් එක් කළ මිතුරන්ට යැවෙන අතර ඔවුන්ගේ ප්‍රතිචාරද ඔබ කලින් එක් කළ මිතුරන් සියල්ලටම යැවේ. ලූපයක ආකාරයට සියළු කෙටි පණිවිඩ, ඔබ සඳහන් කර ඇති සියළු මිතුරන්ට ලැබෙන අතර මේ සඳහා වැයවන්නේ එක් කෙටි පණිවිඩයක ගාස්තුව පමණි.
3ජෑම්

බ්ලොගර් හි Nav-Bar ඉවත්කරන ආකාරය

බ්ලොගර් මගින් සකස් කරන ලද වියුණු සටහන් වලට ඉහළින් දිස්වෙන Navbar ඉවත්කිරීමේ ආකාරයයි මේ. මෙය නව බ්ලොගර් සඳහායි සකස් කර තිබෙන්නේ. ක්‍රමය ඉතාම සරලයි. ඔබේ බ්ලොග් එකෙහි Template එක වෙත ‍ගොස් මෙය එයට එක්කරන්න: #navbar-iframe {height: 0px; visibility: hidden; display: none;}
මා දන්නා තරමින් නම් මෙය බ්ලොගර් හි නීති කඩ කරන්න‍ක් නොවෙයි. එම නිසා ගැටළුවක් ඇතිවිය නොහැකියි.

පික්ලෙන්ස්


වෙබ් අඩවි වල පින්තූර නැරඹීම සඳහා හඳුන්වා දෙන මෘදුකාංගයකි. ඉතාමත් පහසුවෙන් ෆ්ලිකර්, ගූගල් පින්තූර, යාහූ පින්තූර, ෆ්‍රෙන්ඩ්ස්ටර්, පිකාසා වෙබ් ඇල්බම්, ෆේස්බුක් ආදියේ පින්තූර තිරය පුරා රසවිඳීමට හැකියාව ලැබේ. ෆයර්ෆොක්ස් හා සෆාරි සඳහා පමණයි දැනට නිකුත් කර ඇත්තේ. පික්ලෙන්ස්

උබුන්ටු 7.04

මා ටික දිනකට කලින් ඉල්ලූ උබුන්ටු සීඩී තැටි ලැබුණේ ඊයේ. හිතුවටත් වඩා ඉක්මණින්! දැන් ඉන්ස්ටෝල් කරන්නයි ලෑස්තිය. ටිකක් භාවිතා කර බැලුවා. මම කලින් පාවිච්චි කරපු ෆෙඩෝරා වලට වැඩිය නම් ගොඩක් හොඳයි වගේ.