Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
29 Feb
ෆයර්ෆොක්ස් හි ටැබ් කිහිපයක් විවෘත කරලා තියෙනවනම්, ඒවා අතර මාරුවෙන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Ctrl+Tab නේද? මෙන්න තවත් ලේසි ක්‍රමයක්. Ctrl සමග ටැබ් අංකය ඇතුල් කිරීමෙනුත් ටැබ් අතර මාරුවෙන්න පුළුවන්. උදාහරණය: ටැබ් 6ක් විවෘත කරලා තියෙනවා කියලා හිතන්න. තුන්වෙනි ටැබ් එකට යන්න ඕන නම් Ctrl+3 පාවිච්චි කරන්න. ලේසියි නේද?
If you use Firefox, you already use tabs don’t you? Usually, you’d use Ctrl+Tab to switch between them. Here’s another way to do it. Use Ctrl and the number of the tab to switch between them quickly. Eg: Imagine that you have 6 tabs open and you want to go to the 3rd one. Simply enter Ctrl+3 to switch to the third tab in a heartbeat. Simple huh?
If you have any tips to share, use the comment form below or just send a message to tips at malinthe dot com
28 Feb
Tunatic කියන්නේ මට ළඟදී හොයාගන්න ලැබුණු නියම මෘදුකාංගයක්. මේ මෘදුකාංගයෙන් කෙරෙන්නේ අපට ඇසෙන ඕනෑම ඉංග්‍රීසි ගීතයක නම හා ගායකයා කවුදැයි සොයා දීමයි. මහ ලොකු දෙයක් නෙවෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට රේඩියෝ එකේ හදිසියකට ඇහෙන ගීතයක් කියන්නේ කවුද, ගීතය මොකක්ද කියලා හොයාගන්න අවශ්‍ය වුණොත් මේ මෘදුකාංගය ගොඩක් වටිනවා. අවශ්‍ය වෙන්නේ මයික් එකකුත් අන්තර්ජාල සම්බන්ධයකුත් විතරයි. පරිගණකයේ රේඩියෝ ටියුනර් එකක් තියෙනවානම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට Recording සැකසුම් වල Stereo Mix හෝ Mono Mix තෝරාගන්නට වෙනවා.

මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙන්ම මැක් වල ධාවනය කරන්නට පුළුවන්.
[Tunatic]
27 Feb
ඇපල් සමාගම තම මැක්බුක් නිෂ්පාදන අලුත් කළා. මැක්බුක් ප්‍රෝ මාදිලිය නව ඉන්ටෙල් 2.6GHz, 6MB L2 Cache ප්‍රොසෙසර, මෙගාබයිට් 512ක මතකයක් සහිත NVIDIA GeForce 8600M GT ග්‍රැෆික් ප්‍රොසෙසර, ගිගාබයිට් 250ක දෘඪ තැටියක් හා ගිගාබයිට් 4ක මතකයක් සමගයි නිකුත් කර තිබෙන්නේ. මැක්බුක් එයාර් සමග පැමිණි මල්ටි-ටච් තාක්ෂණය දැන් මැක්බුක් ප්‍රෝ සමග ලබාගන්නටත් පුළුවන්. සාමාන්‍ය මැක්බුක් මාදිලියටත් තව විශේෂාංග එකතු කරලයි තියෙන්නේ. වැඩි විස්තර සඳහා Apple වෙත යන්න.
Verdict: I want ONE!!
26 Feb
ඔබත් ජීමේල් භාවිතා කරනවානම් (කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම එකක් ලබාගන්න. It simply rocks!
) දැනට තියෙන්නේ user@gmail.com වර්ගයේ ලිපිනයක් නේද? නැහැ. ජීමේල් ලිපිනයක් ලබාගන්නකොට තවත් ලිපිනයක් ලැබෙනවා. user@googlemail.com ආකාරයේ ලිපිනයක්. මේ ලිපිනයට යවන සියලුම ලිපි ලැබෙන්නේ ඔබේ වත්මන් ගූගල් ගිණුමටමයි. ස්පෑම් වලින් බේරීමට නම් මෙය ගොඩක් හොඳ ක්‍රමයක්.
If you use gmail (you don’t? get one now guys!) you must be thinking that you only have an address that looks like user@gmail.com huh? Nope, you also get a googlemail.com address. It’s like user@googlemail.com. Yup, all the mail sent to this address will be forwarded to your current account. It’s a great way to avoid spam. Try and comment.
26 Feb
Now this was really awkward. I never expected something like this. I mean NEVER. This guy came to our place today, and it was really weird. He looked exactly like me!!
“What an earth?” I thought. “He talks like me, he walks like me, he wears like me. What is going on here?” Then I began to think that something fishy is going on here. Should I call the police? Did anyone invent instant cloning? Something like in The 6th Day? I don’t know.
Better talk with this guy first. I greeted him and invited him for a picture with me. Luckily, this guy accepted. But I noticed that he was a bit skeptic about this photography thing. Well, nevermind. Here’s the picture below. What do you guys think? Strange, huh?
Just Kidding! Actually, it was Photoshop ![]()
Ah I just love Photoshop. ![]()
25 Feb
First of all, I must thank everyone who visited this blog - and everyone who commented. It’s really inspiring and it just feels good.
Well I’ve been having some problems about what I should write in the blog. Just can’t figure out what to write
So if you guys tell me what you really need from this blog, it’ll be great. May it be tech news, tips, traricks, software, softwe news, anything. Should I write in Sinhala, English or both? Just tell what you expect. The comments box right below, go go go!! ![]()
24 Feb
සිංහල බ්ලොග්කරණයේ යෙදෙන බොහෝ දෙනා බ්ලොගර්/වර්ඩ්ප්‍රෙස් ඒ කටයුතු සඳහා භාවිතා කරනවා. මෙහිදී බොහෝ දෙනා අත්විඳින ගැටලුවක් ලෙස ෆයර්ෆොක්ස් 2 හි සිංහල විකෘති වීම දක්වන්නට පුළුවන්. (විකෘති වීම යනුවෙන් අදහස් කළේ පහත රූපයෙන් දක්වා ඇති ගැටලුවයි) ෆයර්ෆොක්ස් 3 ළඟදීම නිකුත් වේවි. එතෙක් මා මේ කියන්නට යන ක්‍රමය මගින් මෙය විසඳාගන්නට පුළුවන්.
මා දැනට අත්විඳි ආකාරයට මේ ගැටලුව මතුවන්නේ බ්ලොග් අඩවියේ CSS ගොනුවේ පවතින letter-spacing හා text-align හි පවතින අගය හේතුවෙන්.
වර්ඩ්ප්‍රෙස් සඳහා: ඔබේ පාලක පැනලයේ Presentation -> Theme Editor වෙත ගොස් Stylesheet මත ක්ලික් කරන්න. එවිට ප්‍රවේශනය වන කවුළුවේ සියලුම text-align: justify; අගයන් text-align: left; ලෙස වෙනස් කරන්න. මේ සඳහා සෙවීම භාවිතා කරන්නට පුළුවන්. ඉන්පසු letter-spacing අගයන් සියල්ලම මකා දමන්න. උදාහරණයක් වශයෙන් letter-spacing: -1em; හෝ letter-spacing: 1px; යන අගයන්. ඉන්පසු Update File මත ක්ලික් කරන්න.
බ්ලොගර් සඳහා: සැකසුම් වෙත ගොස් Layout -> Edit HTML වෙත ගොස් ඉහත ක්‍රියාවලියම කරන්න. ඉන්පසු Save මත ක්ලික් කරන්න.
අවවාදය: යම් වෙනසක් සිදුකිරීමට පෙර අනිවාර්යයෙන්ම Backup එකක් සාදාගන්න!
22 Feb
තමන් පාවිච්චි කරන ප්‍රොසෙසරයේ විස්තර දැනගන්න නම් System Properties පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඊට වඩා පුළුල් විස්තර ලබාගන්න අවශ්‍ය වුණොත් ඒක කරන්න හොඳම මෘදුකාංගය තමයි CPU-Z කියන්නේ. ප්‍රමාණයෙන් කිලෝබයිට් 512 ක් විතර වෙන මේ කුඩා මෘදුකාංගයට හැකියාව තිබෙනවා ඔබේ ප්‍රොසෙසරයේ, කෑෂ් මතකයේ, මව්පුවරුවේ හා මතකය පිළිබඳව තොරතුරු රැසක් ලබාගන්නට. ස්ථාපනය කරන්නට අවශ්‍ය නොවන කුඩා .exe ගොනුවකුත්, .ini ගොනුවකුත් පමණයි මෙය ධාවනය අවශ්‍ය වන්නේ. ඒ නිසා ෆ්ලෑෂ් ධාවකයකට පිටපත් කරගෙන ඕනෑ තැනක ගෙනයන්නත්, ඕනෑම වින්ඩෝස් ධාවනය වන පරිගණකයකින් එම පරිගණකයේ විස්තර ලබාගන්නත් CPU-Z පාවිච්චි කරන්න පුළුවන්. බොහොම ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.
[CPU-Z]
21 Feb
මම ගීත රසවිඳින්න කැමතිම මෘදුකාංගය විනැම්ප්. අහ්, පුංචි කාලෙ ඉඳන්ම! මට මතකයි මීට අවුරුදු දහයකට විතර කලින් තිබ්බ අපේ පරිගණකයට දාලා තිබුණු විනැම්ප් සංස්කරණය. විනැම්ප් 2 වෙන්න ඕන. සිංදු නම් වැඩිය තිබුණෙ නෑ. ඒත් මං ගොඩක් ආසාවෙන් ඒක පාවිච්චි කළේ. දැන් විනැම්ප් තියෙන්නේ 5.52 සංස්කරණයේ. විශේෂාංග අතින් දැන් විනැම්ප් ගොඩක් ඉදිරියට ඇවිත්.
විනැම්ප් වල මගේ ප්‍රියතම විශේෂාංගය තමයි Jump-To-File කියන්නේ. මම ඒකට කැමති වෙන්න හේතුවත් ඒකම තමයි මේ පහසුකම මගින් ඕනෑම ගීතයක් ඕනෑම වෙලාවක ඉතාමත් පහසුවෙන් මාරු කරගන්නට පුළුවන්. සාමාන්‍ය විදියට නම් Playlist එකක් පුරා අතින් හොයලා Play කරන්න වෙනවා. නැතිනම් iTunes, Foobar2000 වල වගේ සෙවුම් පහසුකම පාවිච්චි කරන්න වෙනවා. මං ඒ දෙකටම කැමති නැහැ.
විනැම්ප් වල Jump-To-File භාවිතය හරිම පහසුයි. තමන් වෙනත් වැඩක් කරමින් ඉන්නවා නම්, Alt+Tab මගින් විනැම්ප් වෙත මාරු ව
ෙලා යතුරුපුවරුවේ J යතුර ඔබන්න විතරයි තියෙන්නේ. එතකොට විනැම්ප් Jump-To-File කවුළුව විවෘත වෙනවා. ඉන්පස්සේ අපට අවශ්‍ය සිංදුවේ නමේ ඕනෑම කොටසක්, ගායකයා, ඇල්බමයේ නම වැනි දෙයක් ටයිප් කළ විගසම ඒ ගීතය තෝරා දෙනවා. ඉන්පස්සේ Enter කරන්නට විතරයි අවශ්‍ය. විනැම්ප් ඒ ගීතය වාදනය කරනවා. ඔබත් තවම පාවිච්චි කරන්නේ අර එපාකරපු jetAudio
වගේ මෘදුකාංගයක් නම් වෙනසකටත් එක්ක විනැම්ප් පාවිච්චි කරලා බලන්න.
වින්ඩෝස් පාවිච්චි නොකරන වෙලාවට විනැම්ප් Taste එක තියෙන මෘදුකාංගයක් පාවිච්චි කරන්න තමයි මම කැමති. ඒ නිසා උබුන්ටු පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම Audacious තමයි. Jump-To-File විශේෂාංගය එයිනුත් ලබාගන්න පුළුවන්.
21 Feb
පරිගණකයේ වයර් ගොඩවල් දැක්කම පිස්සු හැදෙන්න වගේ එනවද? මේ ප්‍රශ්නේ පරිගණකය පාවිච්චි කරන හැමෝටම වගේ තියෙන ලොකු ප්‍රශ්නයක්. රට වටේට වයර් ගිහින් පැටලිලා, ඇඹරිලා… පිස්සීගේ පළා මල්ල වගේ!
SpaceStation: පරිගණකයේ වයර් සියල්ලම සංවිධානය කරගන්න කියාපු උපාගංයක්. රබර් වලින් සෑදූ මේ දිග උපාංගය යට අපට අවශ්‍ය විදියට වයර් සියල්ලම ලස්සනට සකසා ගන්නට පුළුවන්. එතකොට වයර් අවුල් නැති බොහොම පිරිසිදු වටපිටාවක් සකසාගන්න එක බොහොම පහසු කටයුත්තක්. මිල ඩොලර් 79ක් පමණ වෙනවා. ලංකාවේ නම් බොහෝ විට නැතුව ඇති. ඒත් හදාගන්න පුළුවන් නම් නියම උපාංගයක්. කවුරුවත් දන්නවද ලංකාවේ ගන්න තියෙන මේ වගේ උපාංග ගැන? ලියන්න Comments තීරුවේ.
Gizmodo මගිනි.