පික්ලෙන්ස් දැන් තවත් අලුත් වෙලා. මං මේ ගැන කාලෙකට කලිනුත් ලියලා තිබ්බා වගේ මතකයි. ඒත් මේ ළඟදි තමයි ආයෙමත් දාලා බලන්න හිතුණෙ. පික්ලෙන්ස් කියන්නෙ ෆයර්ෆොක්ස්, IE හෝ සෆාරි සඳහා සහය දක්වන ත්‍රිමාණ ඡායාරූප දර්ශකයක්. මේක වචන වලින් කිව්වට හරියටම තේරුම්ගන්න අමාරුයි. පින්තූර වලින් පෙන්නුවත් හරියටම තේරුම් ගන්න බැහැ. ඒත් මට වීඩියෝ දාන්න විදියක් නැති නිසා පින්තූර ටිකක් දාන්නම්.
පික්ලෙන්ස් පාවිච්චි කරලා Google Images, Flickr, deviantART, SmugMug, Yahoo, Photobucket සහ Youtube ආදී වෙබ් අඩවි සහ තවත් අඩවි රැසක් මගින් පින්තූර සහ වීඩියෝ සොයන්නටත්, ඒවා අතිශයින්ම අලංකාර සුමුදු ත්‍රිමාණ සජීවීකරණයකින් නරඹන්නටත් පහසුකම් ලබාදෙනවා.

ෆයර්ෆොක්ස් මත නම් මේක ස්ථාපනය කළාට පස්සෙ සහය දක්වන වෙබ් අඩවියක (Google Images) පින්තූරයක් මතට කර්සරය ගෙන ගියාම පික්ලෙන්ස් වෙත සබැඳුමක් පෙන්වනවා. ඒක මත ක්ලික් කළාම කෙලින්ම ත්‍රිමාණ දර්ශකය ප්‍රවේශනය වෙනවා. දැන් සාමාන්

Update: දැන් වින්ඩෝස් අප්ඩේට් මගිනුත් මෙය ලබාගන්නට පුළුවන් බව ආරංචියි.
මේකත් පොඩි එකක්. දැන් සාමාන්‍යයෙන් අලුත් ටැබ් එකක් විවෘත කරන්න එක්කෝ Ctrl+T පාවිච්චි කරන්න ඕන. නැතිනම් ටූල්බාර් එක Customize කරලා අලුත් ටැබ් එක හදන බොත්තමක් එක්කරගන්න ඕන. මෙහෙම කරන්නත් පුළුවන්. ටැබ් බාර් එක මත මවුස් එක භාවිතයෙන් දෙවරක් ක්ලික් කරන්න එතකොට අලුත් ටැබ් එකක් හැදේවි.