මෙහෙයුම් පද්ධති අතර දෝලනය වීම

මං දැනට දාලා තියෙන්නෙ වින්ඩෝස් එක්ස්පී සහ කුබුන්ටුනෙ. කුබුන්ටු ගොඩක් දුරට හොඳයි. සමහර විශේෂාංග කිහිපයක් හැරුණම ගොඩක් ඒවා හොඳට වැඩ.

මට තවම සමහර වැඩ වලට ගැළපෙන මෘදුකාංග හොයාගන්න බැරිවුණා. එකක් තමයි රූපවාහිනී වැඩසටහන් පටිගතකරණ එකක්. බලන්න නම් tvtime දාලා තියෙන්නෙ. ඒක නම් නියමයි. ඒත් පටිගත කරන වැඩේට හොඳ gui එකක් තියෙන එකක් හොයාගන්න බැරිවුණා. කවුරුහරි දන්න හොඳ එකක් තියෙනවා නම් කියන්න.

අනිත් ප්‍රශ්නය තමයි nvidia ග්‍රැෆික් කාඩ් වලින් එන fullscreen video කියන විශේෂාංගය නැති එක. මං චිත්‍රපට එහෙම බලන්නෙ ග්‍රැෆික් කාඩ් එකෙන් රූපවාහිනියට සම්බන්ධ කරලා. මොනිටරය සහ රූපවාහිනිය clone කරලා nvidia පාලක පැනලයේ තියෙන විකල්පයක් මගින් මොනිටරයේ පෙනෙන වීඩියෝ රූපවාහිනියේ මුළු තිරය පුරාම පෙන්වන විශේෂාංගයක් තියෙනවා. ඒ වගේ එකක් කුබුන්ටු වලට හොයාගන්න බැරිවුණා. clone එකක් නම් දාගත්තා. ඒත් රූපවාහිනියෙයි මොනිටරයෙයි තියෙන විභේදන වෙනස නිසා ප්‍රශ්නයක් ඇතිවෙනවා. අනිත් එක මොනිටරයේ වෙනත් වැඩක් කරන්නත් බැහැ ඒ වෙලාවට මොකද දෙකේම මුළු තිරය පුරා දාන්න වෙන නිසා. වෙනම X Screen එකක් රූපවාහිනියට ඇටෙව්වත් ඒකට මං වැඩිය කැමති නැහැ. කරදර වැඩියි.

මං වින්ඩෝස් වල වෙලාවකට Pagemaker එහෙම පාවිච්චි කරන නිසා ඒකට සමාන Scribus පාවිච්චි කරලා බැලුවා. ඒක ගොඩක් හොඳයි. ඒත් text boxes එක්ක වැඩ කරන්න ගියාම එපාවෙනවා. පුදුම විදියට වේගය අඩුයි. විසඳුමක් තියේවිද?

මං විනැම්ප් වලට ගොඩක් ආසා නිසා Audacious දැම්මා. ඒක නියමයි. Plugins ගොඩක් තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නෑ දැනට. Gimp වරදක් නැහැ ඒත් Photoshop වලට තදටම පුරුදු වෙලා නිසා පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. Gimpshop දාලා බලන්න ඕන. තව XAMPP දාගන්නත් ඕන. Inkscape දාලා බලන්න ඕන. තව තොගයක්ම දාන්න තියෙනවා. මේ ටික දාන්න ගියොත් මාසෙ අන්තිමට හෙණ බිලක් ගෙවන්න වෙන නිසා තාම දැම්මෙ නෑ 😉 කෝකටත් කියලා Wine දැම්මා. සමහර වෙලාවට ඕන වෙනවනෙ වින්ඩෝස් ඒවා ධාවනය කරන්න.

ම්… වෙන ප්‍රශ්න මොනවද? Themes එක ප්‍රශ්නයක්. KDE වලට ගැළපෙන ලස්සන ඒවා හොයාගන්න ටිකක් අමාරුයි මට. කවුරුහරි දන්න ලස්සන එකක් තියෙනවා නම් කියන්න. මට පේන හැටියට මේවට එන themes අඩුයි වගේ.

අහ් Firefox උබුන්ටු repo වලට දාලා තියෙන නිසා කෙලින්ම දාගත්තා. මොසිලා වෙබ් අඩවියෙන් ගන්න එක KDE වලින් පේන්නෙ කුණුගොඩක් වගෙයි 😀

සමහර වෙලාවට වින්ඩෝස් පහසුයි කියලා හිතෙනවා. සමහර වෙලාවට මේක පහසුයි කියලා හිතෙනවා. ඒ නිසා තමයි ඒ දෙක අතර දෝලනය වෙනවා කියලා කිව්වෙ. අද හවස වින්ඩෝස් වලට ගිහින් BSOD එකකුත් ඇවිල්ලා තමයි නතර වුණේ. (කාලෙකට පස්සෙ) NOD32 ටිකක් පිස්සු නටන්න ගත්තා. වේගය අම්බානකට අඩුවුණා. ඊට පස්සෙ පොඩි වඩු වැඩ ටිකක් කරන්න ගිහින් තමයි ඕක ආවෙ.

හපොයි මේ මදෑ. කම්මැලිකමට ලියන්න හිතුණෙ. නෑ ඇත්තටම මේ BSOD එක හින්දා ලියන්න හිතුණෙ. මේ දවස් ටිකේ අලුතින් ලියන්න විශේෂ දෙයක් තිබුණෙ නැහැ. 😀

PicLens 1.6

පික්ලෙන්ස් දැන් තවත් අලුත් වෙලා. මං මේ ගැන කාලෙකට කලිනුත් ලියලා තිබ්බා වගේ මතකයි. ඒත් මේ ළඟදි තමයි ආයෙමත් දාලා බලන්න හිතුණෙ. පික්ලෙන්ස් කියන්නෙ ෆයර්ෆොක්ස්, IE ‍හෝ සෆාරි සඳහා සහය දක්වන ත්‍රිමාණ ඡායාරූප දර්ශකයක්. මේක වචන වලින් කිව්වට හරියටම තේරුම්ගන්න අමාරුයි. පින්තූර වලින් පෙන්නුවත් හරියටම තේරුම් ගන්න බැහැ. ඒත් මට වීඩියෝ දාන්න විදියක් නැති නිසා පින්තූර ටිකක් දාන්නම්.

පික්ලෙන්ස් පාවිච්චි කරලා Google Images, Flickr, deviantART, SmugMug, Yahoo, Photobucket සහ Youtube ආදී වෙබ් අඩවි සහ තවත් අඩවි රැසක් මගින් පින්තූර සහ වීඩියෝ සොයන්නටත්, ඒවා අතිශයින්ම අලංකාර සුමුදු ත්‍රිමාණ සජීවීකරණයකින් නරඹන්නටත් පහසුකම් ලබාදෙනවා.

ෆයර්ෆොක්ස් මත නම් මේක ස්ථාපනය කළාට පස්සෙ සහය දක්වන වෙබ් අඩවියක (Google Images) පින්තූරයක් මතට කර්සරය ගෙන ගියාම පික්ලෙන්ස් වෙත සබැඳුමක් පෙන්වනවා. ඒක මත ක්ලික් කළාම කෙලින්ම ත්‍රිමාණ දර්ශකය ප්‍රවේශනය වෙනවා. දැන් සාමාන්‍

Windows XP Service Pack 3

Update: දැන් වින්ඩෝස් අප්ඩේට් මගිනුත් මෙය ලබාගන්නට පුළුවන් බව ආරංචියි.

වින්ඩෝස් සඳහා සර්විස් පැක් 3 අප්‍රේල් 29 දින නිළ වශයෙන් නිකුත් කරන්නට නියමිතයි. ඒත් ඊට කලින්ම මයික්‍රොසොෆ්ට් මගින් එය නිෂ්පාදකයන් වෙත නිකුත් කරලා ඇති බවයි ආරංචිය. ඔබටත් එය ලබාගන්නා තෙක් ඉවසිල්ලක් නැතිනම් දැන් සොෆ්ට්පීඩියා හා මේජර්ගීක්ස් මගින් එය ලබාගන්නට පුළුවන්. 😉 මේ සර්විස් පැක් 3 හි අවසන් නිළ සංස්කරණයයි.

MajorGeeks හා Softpedia මගින් ලබාගන්න.

last.fm

last.fm කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ අන්තර්ජාල රේඩියෝ සහ සංගීත සමාජ වෙබ් අඩවියක්. මමත් ඒකේ සාමාජිකත්වය ගත්තා. මගේ Profile එක මෙතැනින් බලාගන්න පුළුවන්:http://www.last.fm/user/malinthe

මේ දවස් වල නම් last.fm හි සියලු දත්ත මධ්‍යස්ථාන වලට බලය‍ පිළිබඳ ප්‍රශ්න නිසා දැනට තාවකාලිකව අඩවියේ පොඩි පොඩි ප්‍රශ්න එනවා. කොහොමත් ඒක ටික දවසකින් සකසාවි.

last.fm හි audioscrobbler මගින් පරිශීලකයෝ අහන ගීත පිළිබඳ තොරතුරු වෙබ් අඩවියේ profile එකට අප්ලෝඩ් වෙනවා. එතැනින් තමන්ගේ රසයට සරිලන ගීත‍ සොයාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා.

last.fm

ඉක්මන් ෆයර්ෆොක්ස් ඉඟි 2

මේකත් පොඩි එකක්. දැන් සාමාන්‍යයෙන් අලුත් ටැබ් එකක් විවෘත කරන්න එක්කෝ Ctrl+T පාවිච්චි කරන්න ඕන. නැතිනම් ටූල්බාර් එක Customize කරලා අලුත් ටැබ් එක හදන බොත්තමක් එක්කරගන්න ඕන. මෙහෙම කරන්නත් පුළුවන්. ටැබ් බාර් එක මත මවුස් එක භාවිතයෙන් දෙවරක් ක්ලික් කරන්න එතකොට අලුත් ටැබ් එකක් හැදේවි.

ඔබේ මවුස් එකේ බොත්තම් 3ක් තියෙනවා නම් (ඒ කියන්නෙ මැද බොත්තමක්/wheel එකක් තියෙන එකක් නම්) ඒ මගින් පිටු scroll කරන්න පුළුවන් බව දන්නවා ඇතිනේ? ඒකෙන් ටැබ් වසාදමන්නත් පුළුවන්! ටැබ් එක මතට කර්සරය ගෙනිහින් මැද බොත්තම ක්ලික් කරන්න. එතකොට ටැබ් එක වැසී යාවි. මැද බොත්‍තමෙන් ලින්ක් එකක් මත ක්ලික් කළොත් ඒ පිටුව අලුත් ටැබ් එකක ලෝඩ් වේවි.