PicLens 1.6

පික්ලෙන්ස් දැන් තවත් අලුත් වෙලා. මං මේ ගැන කාලෙකට කලිනුත් ලියලා තිබ්බා වගේ මතකයි. ඒත් මේ ළඟදි තමයි ආයෙමත් දාලා බලන්න හිතුණෙ. පික්ලෙන්ස් කියන්නෙ ෆයර්ෆොක්ස්, IE ‍හෝ සෆාරි සඳහා සහය දක්වන ත්‍රිමාණ ඡායාරූප දර්ශකයක්. මේක වචන වලින් කිව්වට හරියටම තේරුම්ගන්න අමාරුයි. පින්තූර වලින් පෙන්නුවත් හරියටම තේරුම් ගන්න බැහැ. ඒත් මට වීඩියෝ දාන්න විදියක් නැති නිසා පින්තූර ටිකක් දාන්නම්.

පික්ලෙන්ස් පාවිච්චි කරලා Google Images, Flickr, deviantART, SmugMug, Yahoo, Photobucket සහ Youtube ආදී වෙබ් අඩවි සහ තවත් අඩවි රැසක් මගින් පින්තූර සහ වීඩියෝ සොයන්නටත්, ඒවා අතිශයින්ම අලංකාර සුමුදු ත්‍රිමාණ සජීවීකරණයකින් නරඹන්නටත් පහසුකම් ලබාදෙනවා.

ෆයර්ෆොක්ස් මත නම් මේක ස්ථාපනය කළාට පස්සෙ සහය දක්වන වෙබ් අඩවියක (Google Images) පින්තූරයක් මතට කර්සරය ගෙන ගියාම පික්ලෙන්ස් වෙත සබැඳුමක් පෙන්වනවා. ඒක මත ක්ලික් කළාම කෙලින්ම ත්‍රිමාණ දර්ශකය ප්‍රවේශනය වෙනවා. දැන් සාමාන්‍

වින්ඩෝස් වල අයිකන් වෙනස් කරන හැටි

වින්ඩෝස් වල අයිකන වෙනස් කරන එක හොඳ අදහසක්. මොකද හැමදාම එකම අයිකන් සෙට් එක දැකලා දැකලා අප්පිරිය වෙලා ඇතිනේ. ඒකට හොඳම උපාංගය තමයි ස්ටාර්ඩොක් මගින් සකසන IconPackager – මේක නොමිලේ දෙන එකක් නම් නෙවෙයි ඒත් ඉතින් මේ ලංකාවනේ 😉

මේ මෘදුකාංගය සහ අන්තර්ජාලයේ තියෙන ගණන් කරන්න බැරි තරම් අයිකන් තීම්ස් සමග වින්ඩෝස් වල අයිකන් නියමෙට වෙනස් කරන්න පුළුවන්. ලිනක්ස් වලදී නම් මේක කජු කනවා වගේ වැඩක්, මොකද ඒක සාමාන්‍ය විශේෂාංගයක් නිසා. ඒත් ඉතිං වින්ඩෝස් ගැන ආයේ කියන්න ඕන නැහැනෙ. වින්ඩෝස් වලදී ඩෙස්ක්ටොප් එකේ පේන ඒවායේ අයිකන් වෙනස් කරන්න පුළුවන් වුණොත් මුළු පද්ධතියේම වෙනස් කරන්න ඕන නම් මේ වගේ මෘදුකාංගයක් පාවිච්චි කරන්නම වෙනවා.

මේ තියෙන්නෙ මං දාලා තියෙන තියෙන Mad-B ShinyBlack තීම් එකෙන් ගත්තු අයිකන කිහිපයක්.

Stardock IconPackager

ගූගල් ටෝක් ලැබ් අනුවාදය

ගූගල් ටෝක් තමයි මගේ ප්‍රියතම චැට් වැඩසටහන. වීඩියෝ නැතත් ඕඩියෝ පහසුකම් තියෙනවා. ඒ වගේම සරල නිමැවුමක්. සරලයි පුදුමයි. 😀 යාහූ මැසෙන්ජර් එකේ එහෙම ඕනෑවටත් වැඩිය විශේෂාංග තිබුණත් ගූගල් තරම් සරල සුගම එකක් මං භාවිතා කරලා නැහැ. පහුගිය කාලෙම ගූගල් මහත්වරු මේකේ ඔන්ලයින් අනුවාදයට ඕනෑ තරම් විශේෂාංග දුන්නා. ඒත් ඩෙස්ක්ටොප් අනුවාදයට අලුතෙන් මුකුත් ලැබුණේ නෑ කාලෙකින්.

මෙන්න දැන් ටික දවසකට කලින් ආරංචි වුණා අලුත් අනුවාදයක් තියෙනවා කියලා. ඒ තමයි පර්යේෂණාගාර අනුවාදය. Labs Edition. හොඳය කියලා හිතුණට මට මුලින්ම පෙනුණෙ ෆ්ලෑෂ් අනුවාදය කෙලින්ම ඩෙස්ක්ටොප් එකට යාකරල වගෙයි. ඒත් ඒකට ෆ්ලෑෂ් ඕන නැහැ කියලා කොහේ හරි තිබ්බා වගේ මතකයි. කොහොම වුණත් ශ්‍රව්‍ය විශේෂාංග වැඩ කරන්නෙත් නැහැ. සිංහල කෙලින්ම ටයිප් කරන්නත් බැහැ. වැඩක් නෑ කියලා හිතෙන්නෙ එතකොට තමයි. අපි අලුත් විශේෂාංග බලාපොරොත්තුවෙන් ඉන්නකොට මෙන්න මේගොල්ලෝ අලුත් විශේෂාංග දාලා පරණ ඒවා අයින් කරලා! 😉

කැමැති නම් ස්ථාපනය කරගෙන බලන්න. මං ආසාවට දාගෙන බැලුවට ටික වෙලාවකින්ම එපාවුණා. 😆

Google Talk Labs Edition

ෆයර්ෆොක්ස් මගින් කාලගුණ අනාවැකි

ෆයර්ෆොක්ස් හි තියෙන ලොකුම විශේෂත්වය තමයි ගණන් කරන්න බැරි තරම් අමතර Addons තොගයක් ස්ථාපනය කරන්න පුළුවන් වීම. ඒ හේතුව හින්දම ගොඩක් වෙලාවට වෙනත් බ්‍රවුසර වලට යන්න හිතෙන්නෙ නැත්තෙ. ඉතින් මේ කියන්න යන්නෙ කාලගුණ අනාවැකි කියන ෆයර්ෆොක්ස් එක්කිරීමක් ගැන. මම දෙක තුනක් පාවිච්චි කළා. මම වැඩිපුරම කැමති Forecastfox එකට තමයි. Forecastfox ඒකට අවශ්‍ය කාලගුණ තොරතුරු ලබාගන්නෙ AccuWeather.com මගින්.

අපට ඕනෑ හැටියට අලුත් කාලගුණ වාර්තා, දැනට පවතින කාලගුණ තත්ත්වය, කාලගුණ අනාවැකි සියල්ලම ලස්සනට ලබාදෙන්නෙ මේ පුංචි වැඩකාරයාට පුළුවන්. මං මේක පාවිච්චි කරන්න තවත් හේතුවක් තමයි අපේ මහනුවර පළාතත් හොයාගන්න පුළුවන් වුණු එක නිසා. කොහොම වුණත් ලංකාවේ කාලගුණ වාර්තා වලට වඩා මේකෙන් ගොඩක් හොඳ වාර්තා ලබාදෙනවා කියලා මට හිතෙනවා 😉

සාමාන්‍යයෙන් ලැබෙන අයිකන තේමාව ගොඩක් ලස්සනයි. ඒත් ඒකට කැමති නැතිනම් වෙනත් එකක් දාගෙන බලන්නත් පුළුවන්. තෝරගන්නා ගොඩක් තේමා තියෙනවා. මේකෙන් අපට රේඩාර් මගින් ලැබෙන පින්තූරත් නරඹන්නට පුළුවන්.
ස්ථාපනය කරගෙන බලන්න. ෆයර්ෆොක්ස් වැඩ කරන ඕනෑම තැනක වැඩ.

Forecastfox

විනැම්ප් මගින් ස්වයංක්‍රීයව mp3 ටැග් සෙවීම | Auto Tagging mp3’s with Winamp

සාමාන්‍යයෙන් කාගෙන් හරි සිංදු තොගයක් ගන්න කොට ගොඩක් වෙලාවට ඒවා පිළිවෙලකට හදලා නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබත් ඔබේ ගීත ගබඩාව ලස්සනට පිළිවෙලට තියාගන්න කැමති කෙනෙක් නම් මේ වගේ සින්දු ලැබෙන එක හිතට කරදරයක්. සමහර වෙලාවට ඒ ගීත වල ටැග් එක නිවැරදිව නොතිබෙන්න පුළුවන්. අක්ෂර වින්‍යාස වැරදි එහෙම තියෙන්න පුළුවන්. මේවා ඔක්කොම පහසුවෙන්ම හදාගන්න මට ගොඩක් උපකාරී වෙන මෘදුකාංගයක් තමයි විනැම්ප්. දැනට 5.53 අනුවාදයේ තියෙන විනැම්ප් මම අවුරුදු ගණනාවක්ම බොහොම ආසාවෙන් පාවිච්චි කරපු මෘදුකාංගයක්.

මේ කටයුත්ත ක්‍රම දෙකකට කරන්න පුළුවන්. තනි ගීතයක තොරතුරු ස්වයංක්‍රීයව පුරවන්න අවශ්‍ය නම් ප්ලේලිස්ට් එකේ ගීතය මත රයිට්-ක්ලික් කරලා View File Info මත ක්ලික් කරන්න. නැතිනම් කෙලින්ම Alt+3 යතුරු ඔබන්න. එතකොට මතුවන File Info කවුළුවේ තියෙන Auto-Tag බොත්තම මත ක්ලික් කරන්න. මේ වෙලාවෙදී අන්තර්ජාල සම්බන්ධතාවය සක්‍රියව තියෙන්නට ඕන. එතකොට විනැම්ප් මගින් Gracenote හි දත්ත ගබඩාවට සම්බන්ධ වී නිවැරදි තොරතුරු ලබාගනීවි. ලබාගත් තොරතුරු නිවැරදි නම් OK මත ක්ලික් කරන්න.

ගීත එකකට වඩා වැඩි ගණනක් තියෙනවා නම්: ප්ලේලිස්ට් එකේ හෝ Media Library එකේ අවශ්‍ය ගීත ටික තෝරලා (Shift හෝ Ctrl යතුර පාවිච්චි කරන්න) ඒ මත රයිට් ක්ලික් කරන්න. එතකොට මතුවන මෙනුවෙන් Send to වෙත ගිහින් Auto-Tag මත ක්ලික් කරන්න. එවිට ඒ සියලුම ගීත වල තොරතුරු ස්වයංක්‍රීයව ලබාගනීවි. ලබාගත් තොරතුරු නිවැරදි නම් Apply මත ක්ලික් කරන්න.

[Winamp]