මොකට කියනවද මට නම් තියෙන්නෙ අමුතුම පිස්සුවක් තමා. වෙන මොකක්වත් නෙවෙයි මෙහෙයුම් පද්ධති පිස්සුව. පහුගිය සති දෙක තුනට මෙහෙයුම් පද්ධති බර ගාණක් දාන්න ඇති. වින්ඩෝස් එක්ස්පී තියෙන අතරේ උබුන්ටු දැම්මා. ඒකට කේඩීඊ දාලා ආයෙ එපාවෙලා කුබුන්ටු දැම්මා. ඊටපස්සෙ ඒක එහෙමම තියෙද්දි අනිත් දෘඪ තැටියට විස්ටා දැම්මා. ඒකත් එපාවුණා. ඊටපස්සෙ ෆෙදෝරා දැම්මා. ඒක නම් හරියට පාවිච්චි කරලා බැලුවේ නෑ.
ඔන්න ඉතින් අද දැම්මා ලිනක්ස් මින්ට් 😀
මුලින්ම දැක්ක දේ තමයි ලස්සන 😉 කලින් ආරංචි වෙලා තිබ්බෙ මින්ට් ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒක හැබෑව. කිසිම අවුලක් නෑ. ලයිව් තැටිය දාලා පොඩ්ඩක් අරවා මේවා පරික්ෂා කරලා බැලුවා. ආරංචි වුණ හැටියට මේක උබුන්ටු මතලු පදනම් වෙලා තියෙන්නෙ. (ඒත් මට උබුන්ටු එක්ක වැඩ කරන්න බැරිවුණා හරියට)
කොහොම හරි හිතට අල්ලපු හින්දා කුබුන්ටු වෙනුවට මේක ස්ථාපනය කළා. එම්පී3, ෆ්ලෑෂ්, ජාවා ආදියත් පෙරනිමියෙන්ම වැඩ. වැඩිය දේවල් අන්තර්ජාලයෙන් ස්ථාපනය කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒක ලොකු සැනසීමක් මොකද මට මොබිටෙල් M3 නිසා ගොඩක් දේවල් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් වහ කන්න වෙන හින්දා 😉
Huawei මොඩමය වැඩ. wvdial වලින් තමයි සම්බන්ධ වෙන්නෙ. ස්ථාපනය කළාට පස්සෙ EnvyNG මගින් nvidia ඩ්‍රයිවර් ස්ථාපනය කළා. සිංහල අකුරු වල පොඩි අවුල් තිබ්බ නිසා සිංහලත් වෙනම ස්ථාපනය කළා. ඒකට පාවිච්චි කළේ උබුන්ටු සඳහා එන ඒවමයි. කොහොම වුණත් වැඩි දෙයක් ස්ථාපනය කරන්න අවශ්‍ය වුණේ නැහැ. Audacious දැම්මා මං ඒකට ගොඩක් ආස නිසා. දැන් tvtime දානවා. දැනට නම් ගොඩක් හිතට අල්ලලා තියෙන්නෙ. ඒත් ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියන්න බෑ. මට අමුතු පිස්සුවක්නෙ තියෙන්නෙ 😉



