CPU උෂ්ණත්වය බලාගන්න CoreTemp | Check your CPU Temp with CoreTemp

CoreTemp

CoreTemp Tray

ඔබේ ප්‍රොසෙසර ධාවනය වන උෂ්ණත්වය දැනගන්න සාමාන්‍ය මෘදුකාංග කිහිපයක්ම ලබාගන්න පුළුවන්. මම දෙක තුනක් පාවිච්චි කරලා තියෙනවා ඒත් ඒවායේ පහසුකම් අනවශ්‍ය විදියට වැඩියි. (Bloated) අද How-To-Geek හි සඳහන් කර තිබුණා මේ කටයුත්තට ගැළපෙන නියම මෘදුකාංගයක් ගැන. නම CoreTemp. මට නම් පේන්න තිබුණු ලොකුම විශේෂත්වය මේක හිතන්න බැරි තරම් කුඩා මෘදුකාංගයක් වීම තමයි. සාමාන්‍ය ධාවනයේදී කිලෝබයිට් 800ක් පමණයි මේ මෘදුකාංගයට වැයවෙන්නේ. Startup ෆෝල්ඩරයට පිටපත් කළොත් වින්ඩෝස් ආරම්භ වෙනකොට ස්වයංක්‍රීයවම ආරම්භ වෙන්නට සකසන්න පුළුවන්.

Update: මේක මගේ එකේ වැඩකරන්නේ නැහැ.

[CoreTemp]

How-To-Geek මගිනි.

Firefox Tab Switching Tip

Firefoxෆයර්ෆොක්ස් හි ටැබ් කිහිපයක් විවෘත කරලා තියෙනවනම්, ඒවා අතර මාරුවෙන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Ctrl+Tab නේද? මෙන්න තවත් ලේසි ක්‍රමයක්. Ctrl සමග ටැබ් අංකය ඇතුල් කිරීමෙනුත් ටැබ් අතර මාරුවෙන්න පුළුවන්. උදාහරණය: ටැබ් 6ක් විවෘත කරලා තියෙනවා කියලා හිතන්න. තුන්වෙනි ටැබ් එකට යන්න ඕන නම් Ctrl+3 පාවිච්චි කරන්න. ලේසියි නේද? 🙂

If you use Firefox, you already use tabs don’t you? Usually, you’d use Ctrl+Tab to switch between them. Here’s another way to do it. Use Ctrl and the number of the tab to switch between them quickly. Eg: Imagine that you have 6 tabs open and you want to go to the 3rd one. Simply enter Ctrl+3 to switch to the third tab in a heartbeat. Simple huh? 🙂

If you have any tips to share, use the comment form below or just send a message to tips at malinthe dot com

නොදන්නා ගීත හඳුනාගන්න Tunatic | Identify Music with Tunatic

Tunatic කියන්නේ මට ළඟදී හොයාගන්න ලැබුණු නියම මෘදුකාංගයක්. මේ මෘදුකාංගයෙන් කෙරෙන්නේ අපට ඇසෙන ඕනෑම ඉංග්‍රීසි ගීතයක නම හා ගායකයා කවුදැයි සොයා දීමයි. මහ ලොකු දෙයක් නෙවෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට රේඩියෝ එකේ හදිසියකට ඇහෙන ගීතයක් කියන්නේ කවුද, ගීතය මොකක්ද කියලා හොයාගන්න අවශ්‍ය වුණොත් මේ මෘදුකාංගය ගොඩක් වටිනවා. අවශ්‍ය වෙන්නේ මයික් එකකුත් අන්තර්ජාල සම්බන්ධයකුත් විතරයි. පරිගණකයේ රේඩියෝ ටියුනර් එකක් තියෙනවානම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට Recording සැකසුම් වල Stereo Mix හෝ Mono Mix තෝරාගන්නට වෙනවා.

Tunatic

මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙන්ම මැක් වල ධාවනය කරන්නට පුළුවන්.

[Tunatic]

ඇපල් මැක්බුක් අලුත් වෙයි | Apple Updates the MacBooks

ඇපල් සමාගම තම මැක්බුක් නිෂ්පාදන අලුත් කළා. මැක්බුක් ප්‍රෝ මාදිලිය නව ඉන්ටෙල් 2.6GHz, 6MB L2 Cache ප්‍රොසෙසර, මෙගාබයිට් 512ක මතකයක් සහිත NVIDIA GeForce 8600M GT ග්‍රැෆික් ප්‍රොසෙසර, ගිගාබයිට් 250ක දෘඪ තැටියක් හා ගිගාබයිට් 4ක මතකයක් සමගයි නිකුත් කර තිබෙන්නේ. මැක්බුක් එයාර් සමග පැමිණි මල්ටි-ටච් තාක්ෂණය දැන් මැක්බුක් ප්‍රෝ සමග ලබාගන්නටත් පුළුවන්. සාමාන්‍ය මැක්බුක් මාදිලියටත් තව විශේෂාංග එකතු කරලයි තියෙන්නේ. වැඩි විස්තර සඳහා Apple වෙත යන්න.

MacBook Pro

MacBook Pro

Verdict: I want ONE!! 😆

ජීමේල් භාවිතාකරුවන්ට අතිරේක ලිපිනයක් | Gmail Users: You have another address!

Gmailඔබත් ජීමේල් භාවිතා කරනවානම් (කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම එකක් ලබාගන්න. It simply rocks! 🙂 ) දැනට තියෙන්නේ user@gmail.com වර්ගයේ ලිපිනයක් නේද? නැහැ. ජීමේල් ලිපිනයක් ලබාගන්නකොට තවත් ලිපිනයක් ලැබෙනවා. user@googlemail.com ආකාරයේ ලිපිනයක්. මේ ලිපිනයට යවන සියලුම ලිපි ලැබෙන්නේ ඔබේ වත්මන් ගූගල් ගිණුමටමයි. ස්පෑම් වලින් බේරීමට නම් මෙය ගොඩක් හොඳ ක්‍රමයක්.

If you use gmail (you don’t? get one now guys!) you must be thinking that you only have an address that looks like user@gmail.com huh? Nope, you also get a googlemail.com address. It’s like user@googlemail.com. Yup, all the mail sent to this address will be forwarded to your current account. It’s a great way to avoid spam. Try and comment.

[Lifehacker]