ජංගම දුරකථනය යාවත්කාලීන කිරීම

අද ටිකක් භයානක වැඩක් කළා. වාසනාවට වැඩේ ගොඩ. උදේ නිකං ෆෝන් ගැන විස්තර ටිකක් හොය හොය ඉඳිද්දි මං ගාව තියෙන එක ගැන ප්‍රතිචාර ටිකක් දැක්කා. ඒකෙ අල ගොඩක් හරියනවලු අලුත්ම firmware එකක් දැම්මනම්. මං ෆෝන් එකෙන්ම බැලුවත් ඒකෙන් කිව්වෙ දැන් තියෙන්නෙ අලුත්ම නිකුතුව තමයි කියලා. ඒත් Hutch Firmware එකක් තියෙනවා ඊට වඩා ගොඩක් අලුත්. ඉතිං අපේ නාගයාගෙනුත් පොඩ්ඩක් විමසලා බැස්සා ගේමට.

බාගත්තා අලුත්ම Firmare එක. මේක generic එකක් නෙවෙයි. Hutchison. ඕන කෙහෙල්මලක් කියලා a2uploader එකේ පිහිටෙන් (දෙයියො සිහිකරගෙන) ඒක ෆ්ලෑෂ් කරා. ක්‍රියාත්මක කළා. මෙන්න බොලේ වැඩ! ඉතිං තව මොනවද 😀

ඉතිං අලුත් එක ඇතුලෙ රවුම් ගගහ ඉන්නකොට දැක්කා වීඩියෝ කෝල් ගන්නත් පුළුවන් කියලා. මේකෙ ඉදිරිපස කැමරාවක් නැති හින්දා ඉතිං වැඩකුත් නෑ. ඒත් ඉතින් something is better than nothing නෙ. පොඩ්ඩක් පරික්ෂා කරලා බැලුවා ඒකත් වැඩ. කාලිංගගෙන් කෝල් එකක් ගෙන්නගත්තා, මූණ පෙනේ. 😀 මොබිටෙල් එකේ 555 ට අරගෙනත් බැලුවා. ඒකත් වැඩ.

අනික් විශේෂම දේ තමයි වේගය. Interface එක දැන් ගොඩක් වේගවත්. කලින් වගේ ගාටන්නෙ නෑ. ඒක නම් ඉතින් ලොකු සහනයක්.

ඉතින් ‍ෆොන්ට් ටිකත් ආයෙ හදලා සිංහලත් දාගත්තා. නැත්තං වැඩක් කරන්න බෑනෙ. ඉතින් ඔච්චර තමයි 😛

new_menu
G502 New Menu
G502 Video Calling
G502 Video Calling

ජීමේල් වෙතින් අලුත් ආරක්ෂක විශේෂාංග

ජීමේල් මගින් අලුත් ආරක්ෂක විශේෂාංග ටිකක් එකතු කරලා. ඔබේ ගිණුමටත් එකතු වෙලාද බලන්න ජීමේල් හි පහළම බලන්න. එතැන තියෙනවා නම් Last Account Activity කියලා එකක් ඔබටත් ඒ විශේෂාංග ලැබිලයි තියෙන්නෙ. මේ මගින් කෙරෙන්නෙ ඔබේ ජීමේල් ගිණුම විවෘත වෙලා තියෙන අනික් තැන් පෙන්වීම සහ ජීමේල් ගිණුමේ භාවිතය පිළිබඳව සටහන් තබාගැනීම තමයි.

දැන් හිතන්න කැෆේ එකකින් ජීමේල් ගිණුමට ප්‍රවේශ වෙලා ඒකෙන් signout වෙන්නෙ නැතුව ගෙදර ගියා කියලා. එතැන පැහැදිළිවම ආරක්ෂක ගැටලුවක් තියෙනවා නේද? ඇයි එතැනින් කවුරුහරි අපේ පණිවිඩ බැලුවොත් එහෙම? 😆 මේ වගේ වෙලාවකදී ගෙදරින් ජීමේල් වලට පිවිසිලා ජීමේල් විවෘත වෙලා තියෙන අනෙක් තැනේ සැසියෙන් signout වෙන්න මේ විශේෂාංගය මගින් පුළුවන්.

ඔබේ ජීමේල් ගිණුමට තවත් කවුරුහරි හොට දානවද කියලා බලාගන්නත් මේක හොඳ ක්‍රමයක්. මොකද ජීමේල් වෙත ප්‍රවේශ වුණු සියලුම වෙලාවල් මේ මගින් සටහන් කර තියෙන නිසා. ප්‍රවේශ වුණු ආකාරයත් (POP3, SMTP, ජංගම දුරකථනය සහ බ්‍රවුසරය මගින්), දිනය සහ වේලාවත් පිළිවෙලට සටහන් කෙරෙනවා.

මේ විශේෂාංගය තවමත් ලැබිලා නැතිනම් තව ටික දවසකින් ලැබේවි.

චැහ් මාර තිබහක් තියෙන්නෙ. වතුර බිව්වට තිබහ යන්නෙ නෑ වගේ. තේකකුත් තියෙනවා බොන්න කම්මැලියි 😀

[Remote sign out and info to help you protect your Gmail account]

ඉක්මණින් ලේඛන බෙදාගන්න TinyPaste

අපි හැමෝම වගේ tinyurl ලිපින දැකලා තියෙනවා. ඒ මගින් කරන්නෙ මතක තියාගන්න අමාරු දිග වෙබ් ලිපිනයක් කෙටි ලිපිනයකට හැරවීම තමයි. මේකට සමාන තවත් සේවා රැසක්ම දැන් තියෙනවා.

කොහොම වුණත් TinyPaste කියන්නෙ ලිපින කෙටි කරන සේවයක් නෙමෙයි. මේ මගින් කරන්නේ ලේඛන, ඡේද, වගන්ති පහසු ක්‍රමයකට හුවමාරු කරගැනීමේ හැකියාව ලබාදීම තමයි. සාමාන්‍යයෙන් චැට් මෘදුකාංගයකට මහා දිග වචන තොගයක් ලියන එක යවන කෙනාටත්, ලබාගන්න කෙනාටත් ලොකු කරදරයක්. ‍විශේෂයෙන්ම ලබන කෙනාට. මොකද අර පුංචි චැට් කවුළුව ඇතුළේ මහා දිග හෑල්ලක් කියවන්න ගියාම එපාවෙන නිසා. ඒ කරදරයෙන් බේරෙන්න TinyPaste හොඳ ක්‍රමයක්.

tinypaste.com වෙබ් අඩවියට ගියාම ඔබට පෙනේවි Paste Bin එකක්. මෙතැනට අවශ්‍ය දේ පිටපත් කරලා submit මත ක්ලික් කරාම ඔබට ලැබෙනවා කෙටි ලිපිනයක්. දැන් ඔබට කරන්න තියෙන්නේ ඒ ලිපිනය අවශ්‍ය කෙනාට ලබාදෙන එක විතරයි. ඒ ලිපිනයට ගියාම ඔබ කලින් පිටපත් කළ ලේඛනය පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.

වැඩේ තවත් පහසු කරගන්න ඒ මගින් ‍ෆයර්ෆොක්ස් සඳහා ඇඩෝනයකුත් ලබාදෙනවා. ඒකත් ඒ අඩවියෙන්ම ලබාගන්න පුළුවන්. ඇඩෝනය ස්ථාපනය කළාට පස්සේ අපට අවශ්‍ය ඡේදය තෝරගෙන right-click කළාම මතුවන මෙනුවෙන් TinyPaste selected text මත ක්ලික් කරන්න පුළුවන්. එතකොට ස්වයංක්‍රීයවම අවශ්‍ය කටයුත්ත සිදුවේවි.

මෙන්න උදාහරණයක්: http://tinypaste.com/9ff58 😉

TinyPaste

EnSiTip Beta for Firefox 3 is here!

හැමෝටම මතක ඇති EnSiTip – ඒ දවස්වල ‍ෆයර්ෆොක්ස් සඳහා නිකුත් වුණු නියම ශබ්දකෝෂයක්. මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 2 සමග ක්‍රියාත්මක වුණත් 3 සමග ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් EnSiTip හි බීටා සංස්කරණය ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා. මෙහි අවසන් සංස්කරණය EnSiTip2 ජූලි මාසයේ 11 දින පමණ වන විට නිකුත් කිරීමට සූදානම්.

මේ අලුත් සංස්කරණයේ විශේෂාංග හැටියට අපට කැමති ෆොන්ට් එකක් තෝරාගැනීමේ හැකියාව, වෙනත් ශබ්දකෝෂ තෝරාගැනීමේ හැකියාව, බොත්තම් ආදියේ තිබෙන වචන පරිවර්තනය, පහසු පරිවර්තන හැකියාව සහ වැඩි වේගය හඳුන්වන්නට පුළුවන්.

EnSiTip Beta

ෆයර්ෆොක්ස් මගින් ඉංග්‍රීසි වචන උච්චාරණය කරන හැටි දැනගන්න

සමහර අලුත් ඉංග්‍රීසි වචන දැනගත්තම ඒක හරියට උච්චාරණය කරන විදිය හොයාගන්න අමාරුයි නේද? ඒ කටයුත්ත දැන් ෆයර්ෆොක්ස් සමග කරන්න පුළුවන්. ඒ Pronounce කියන අමතර එක්කිරීම (addon) මගින්. Pronounce මගින් Merriam-Webster ශබ්දකෝෂ අඩවියේ ඒ ඒ වචන සඳහා නියමිත උච්චාරණ අපට අහන්නට හැකියාව ලබාදෙනවා.

භාවිතය බොහොම සරලයි. Pronounce ස්ථාපනය කළාට පස්සේ අවශ්‍ය වචනයක් තෝරගෙන (highlight කරගෙන) රයිට් ක්ලික් කරලා Pronounce තෝරන්න විතරයි තියෙන්නෙ. ඒ වෙලාවට ස්පීකර් ක්‍රියාත්මක කරලා තියන්න මතක තියාගන්න. එතකොට ඒ වචනය උච්චාරණය කරන විදිය ඔබට ඇහේවි.

අවශ්‍ය නම් ඔබේ ටූල්බාර් එක මත රයිට් ක්ලික් කරලා Customize තෝරගෙන, එතැනින් Pronounce කියන බොත්තම එක්කරගන්නත් පුළුවන්. එතකොට ඒ බොත්තම ක්ලික් කළ විට මතුවෙන කවුළුවට අවශ්‍ය වචනය ටයිප් කිරීම මගිනුත් උච්චාරණය අහන්න පුළුවන්.

ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා 🙂

Pronounce
Lifehacker සහ gHacks මගිනි.