ඉක්මන් ෆයර්ෆොක්ස් ඉඟි 2

මේකත් පොඩි එකක්. දැන් සාමාන්‍යයෙන් අලුත් ටැබ් එකක් විවෘත කරන්න එක්කෝ Ctrl+T පාවිච්චි කරන්න ඕන. නැතිනම් ටූල්බාර් එක Customize කරලා අලුත් ටැබ් එක හදන බොත්තමක් එක්කරගන්න ඕන. මෙහෙම කරන්නත් පුළුවන්. ටැබ් බාර් එක මත මවුස් එක භාවිතයෙන් දෙවරක් ක්ලික් කරන්න එතකොට අලුත් ටැබ් එකක් හැදේවි.

ඔබේ මවුස් එකේ බොත්තම් 3ක් තියෙනවා නම් (ඒ කියන්නෙ මැද බොත්තමක්/wheel එකක් තියෙන එකක් නම්) ඒ මගින් පිටු scroll කරන්න පුළුවන් බව දන්නවා ඇතිනේ? ඒකෙන් ටැබ් වසාදමන්නත් පුළුවන්! ටැබ් එක මතට කර්සරය ගෙනිහින් මැද බොත්තම ක්ලික් කරන්න. එතකොට ටැබ් එක වැසී යාවි. මැද බොත්‍තමෙන් ලින්ක් එකක් මත ක්ලික් කළොත් ඒ පිටුව අලුත් ටැබ් එකක ලෝඩ් වේවි.

ඉක්මන් ෆයර්ෆොක්ස් ඉඟි

ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා නම් වෙබ් අඩවි වල ඇඩ්‍රස් ටයිප් කරනකොට ඒ වැඩේ ඉක්මන් කරගන්න ඉඟි කිහිපයක්. ගොඩක් අය දන්නවත් ඇති. කමක් නෑ ආයෙ අහගන්නකෝ. 😉

ඇඩ්‍රස් බාර් එකේ ‍අවශ්‍ය නම ටයිප් කරන්න ඉස්සෙල්ලම (www හෝ .com, .net මුකුත් නැතුව)
ඉන්පස්සේ මෙන්න මෙහෙමයි:

  • .com සඳහා ctrl + enter
  • .net සඳහා shift + enter
  • .org සඳහා ctrl + shift + enter

ලේසියි නේද? 😀

ඔබට වෙනස ඇසෙනවාද?

හරි දැන් ඔය හැමෝම වගේ MP3 සිංදු තොගයක් තියාගෙන ඇති නේද? හැමෝම ඉතිං සිංදු අහන්න ආසයිනේ! 😉

සාමාන්‍යයෙන් සිංදුවක් MP3 වලින් encode කරන්නෙ මොන බිට්රේට් එකකද? 320? 192? 160? 128? ඉඩ ඉතුරු කරගන්න අඩු එකක් දානවා තමයි නේද? ඔබට ඒ විවිධ බිට්රේට් වල වෙනස තේරුම් ගන්න පුළුවන්ද?

මෙන්න මේ අඩවියේ තියෙන ශබ්ද සාම්පල් දෙකට සවන් දෙන්න. බලන්න ඔබටත් උසස් තත්ත්වයේ MP3 ගොනුව සහ අඩු තත්ත්වයේ එක හඳුනාගන්න පුළුවන්ද කියලා. 😉

Do you hear the Difference??

වින්ඩෝස් වල අයිකන් වෙනස් කරන හැටි

වින්ඩෝස් වල අයිකන වෙනස් කරන එක හොඳ අදහසක්. මොකද හැමදාම එකම අයිකන් සෙට් එක දැකලා දැකලා අප්පිරිය වෙලා ඇතිනේ. ඒකට හොඳම උපාංගය තමයි ස්ටාර්ඩොක් මගින් සකසන IconPackager – මේක නොමිලේ දෙන එකක් නම් නෙවෙයි ඒත් ඉතින් මේ ලංකාවනේ 😉

මේ මෘදුකාංගය සහ අන්තර්ජාලයේ තියෙන ගණන් කරන්න බැරි තරම් අයිකන් තීම්ස් සමග වින්ඩෝස් වල අයිකන් නියමෙට වෙනස් කරන්න පුළුවන්. ලිනක්ස් වලදී නම් මේක කජු කනවා වගේ වැඩක්, මොකද ඒක සාමාන්‍ය විශේෂාංගයක් නිසා. ඒත් ඉතිං වින්ඩෝස් ගැන ආයේ කියන්න ඕන නැහැනෙ. වින්ඩෝස් වලදී ඩෙස්ක්ටොප් එකේ පේන ඒවායේ අයිකන් වෙනස් කරන්න පුළුවන් වුණොත් මුළු පද්ධතියේම වෙනස් කරන්න ඕන නම් මේ වගේ මෘදුකාංගයක් පාවිච්චි කරන්නම වෙනවා.

මේ තියෙන්නෙ මං දාලා තියෙන තියෙන Mad-B ShinyBlack තීම් එකෙන් ගත්තු අයිකන කිහිපයක්.

Stardock IconPackager

ගූගල් ටෝක් ලැබ් අනුවාදය

ගූගල් ටෝක් තමයි මගේ ප්‍රියතම චැට් වැඩසටහන. වීඩියෝ නැතත් ඕඩියෝ පහසුකම් තියෙනවා. ඒ වගේම සරල නිමැවුමක්. සරලයි පුදුමයි. 😀 යාහූ මැසෙන්ජර් එකේ එහෙම ඕනෑවටත් වැඩිය විශේෂාංග තිබුණත් ගූගල් තරම් සරල සුගම එකක් මං භාවිතා කරලා නැහැ. පහුගිය කාලෙම ගූගල් මහත්වරු මේකේ ඔන්ලයින් අනුවාදයට ඕනෑ තරම් විශේෂාංග දුන්නා. ඒත් ඩෙස්ක්ටොප් අනුවාදයට අලුතෙන් මුකුත් ලැබුණේ නෑ කාලෙකින්.

මෙන්න දැන් ටික දවසකට කලින් ආරංචි වුණා අලුත් අනුවාදයක් තියෙනවා කියලා. ඒ තමයි පර්යේෂණාගාර අනුවාදය. Labs Edition. හොඳය කියලා හිතුණට මට මුලින්ම පෙනුණෙ ෆ්ලෑෂ් අනුවාදය කෙලින්ම ඩෙස්ක්ටොප් එකට යාකරල වගෙයි. ඒත් ඒකට ෆ්ලෑෂ් ඕන නැහැ කියලා කොහේ හරි තිබ්බා වගේ මතකයි. කොහොම වුණත් ශ්‍රව්‍ය විශේෂාංග වැඩ කරන්නෙත් නැහැ. සිංහල කෙලින්ම ටයිප් කරන්නත් බැහැ. වැඩක් නෑ කියලා හිතෙන්නෙ එතකොට තමයි. අපි අලුත් විශේෂාංග බලාපොරොත්තුවෙන් ඉන්නකොට මෙන්න මේගොල්ලෝ අලුත් විශේෂාංග දාලා පරණ ඒවා අයින් කරලා! 😉

කැමැති නම් ස්ථාපනය කරගෙන බලන්න. මං ආසාවට දාගෙන බැලුවට ටික වෙලාවකින්ම එපාවුණා. 😆

Google Talk Labs Edition