මොකක්හරි හේතුවක් හින්දා මට කවදාවත් ebay එකෙන් කිසිම දෙයක් ගන්න හිතිල නෑ 😀 හේතුව මොකක්ද කියල නම් තාම ෂුවර් නෑ. ඒ වුණාට අලුත් ෆෝන් එක ගත්තට පස්සෙ නම් ඒක පැත්තෙ ගිහින් මොනවහරි නොගෙන බෑ කියල හිතුණ.
ඉතින් මොකද කරේ, ebay එකට ගිහින් එකවුන්ට් එකකුත් අටවගෙන වැඩේට බැස්ස. ඉස්සෙල්ලම ඕන වුණේ මොකක්හරි හොඳ ඉයර්ෆෝන් එකක් ගන්න. මං ගාව කලින් තිබුණෙ නුවරින් ගත්තු Phillips එකක්. ගාන නම් හොඳටම වැඩියි. ඒත් වෙන ගන්න දෙයක් මෙහෙ තිබුණෙ නෑ. ebay එකෙන් ගන්න අදහසක් තිබුණෙත් නෑ ඒ දවස්වල. කොහොමහරි ඉතින් ඔය ගත්තු එක ගොඩක් කල් පාවිච්චි කරා. කැඩුණා. ආයෙත් ගන්න වුණේ ඒ වර්ගෙම තමයි. 🙁
ඉතින් මොකද කරේ, හොයන්න පටන් ගත්ත අලුත් ඉයර්ෆෝන් එකක්. In-ear තමයි ගන්න ඕන. නැත්තං බස් එකක එහෙම යද්දි මෙලෝ දෙයක් ඇහෙන්නෙත් නෑ, ඇහෙන්න සද්දෙ වැඩි කරාම කන් දෙකත් ඉවර වෙන එකනෙ වෙන්නෙ. ඉතින් ඔහොම හොයන අතරේ හම්බවුණා Skullcandy කියල බ්‍රෑන්ඩ් එකක්. Review නම් හොඳයි. ඉතින් මුලින් තෝරගත්තු Smokin වර්ගෙ එකක් ගන්න ලෑස්ති වෙලා, ඊට වඩා Ink’d කියන එක හොඳයි කියල තිබුණ නිසා ඒකක් ගන්න හිතාගත්ත.
ඉතින් ebay එකට ගිහින් ඕක ටයිප් කරාම හෙන ලැයිස්තුවක් ආවා. සාමාන්‍යයෙන් අඩුවට තිබුණත් ගෙන්නගන්න යන වියදම දැක්කම වැඩේ අත්හරින්න තමයි හිතුණෙ. ඊටපස්සෙ තමයි Sort by කියන කෑල්ල දැක්කෙ. ඉතින් Price + Shipping: Lowest First දුන්නා 😀 හිතේ තිබුණු චකිතය හින්ද වැඩි ආරස්සවට කියල හිතල Top-rated Sellers විතරක් පෙන්නන්න කියලත් දැම්ම.
ඉතින් හොඳ එකක් තෝරගත්තා. මිළදී ගත්තා. ඉතින් ඒ වෙලාවෙ ඇතිවුණු ජොලිය හින්ද ෆෝන් එකට කේස් එකකුත්, ස්ක්‍රීන් ප්‍රොටෙක්ර් එකකුත් ගත්තා.
දැන් ඉතින් ඕක එනකල් බලාගෙන ඉන්නත් එපැයි. කොහොමහරි ඇමරිකාවෙ ඉඳන් ඉයර්ෆෝන් එක එන්න සති කීපයක් යයි කියල හිතාගෙන හිටිය. ඒත් හරියටම සතියකින් කේස් එකයි, ඉයර්ෆෝන් එකයි එවල කියල වැටිල තිබුණ.
කොහොමහරි ඉතින් සතියකට පස්සෙ බඩු ඇවිල්ල තිබුණ. 😀
ඉතින් ඉස්සෙල්ලම බැලුවෙ කේස් එක. ඒක හොංකොං වලින් හින්ද Free Shipping. ඒකට ගියෙ රුපියල් දෙසීයක් විතරයි 😀 හොඳ තත්ත්වයක තිබුණ. හරියට ෆිට් වෙනවා. කිසිම අවුලක් නෑ.
ඊටපස්සෙ ඉයර්ෆෝන් එක. ඒක තමා ගොඩක්ම බලාපොරොත්තුවෙන් හිටියෙ. සතියෙන් ආපු එක ගැනත් පුදුමයි. ඉතින් දඩිබිඩි ගාලා (එක්කෙනෙක් නම් මේ දඩිබිඩි කියන එකට හිනාවෙනව 😛 ) ගලවල අරගෙන ෆෝන් එකට හයි කරල සින්දුවක් දැම්මා. හැක්? මේ මොකද? පැත්තකින් සද්දෙ ඇහෙනවා. අනිත් පැත්ත එහෙම්පිටින්ම අවුල්. මං ඒක අරගෙන ඉයර්බඩ් එක ගලවල බැලුවම තමයි දැක්කෙ වෙලා තියෙන දේ. ඒක තැලිල ඇතුලට ගිහින්.
එවෙලෙ ඇතිවෙච්ච හැඟීම් නම් ඉතින් කියලා වැඩක් නෑ. මාර අප්සට් එක. වීරයා වගේ ඕඩර් කරල දැන් අලයක්නෙ හම්බවෙලා තියෙන්නෙ. මං හිමින් සීරුවෙ මල්ලිට කිව්ව ඒක අප්සට් වෙලා කියලා 😀
දැන් ඉතින් මොනව කරන්නද, අප්සට් එකේම ebay එක පැත්තට ගිහින් එවපු එක අවුල් කියල seller ට මැසේජ් එකක් යැව්වා. ඒකෙ return බාරගන්නෙ නෑ කියල තිබුණ නිසා කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ.
කොහොමහරි ඉතින් රෑ වෙලා ඊමේල් බලද්දි පිළිතුරක් ඇවිල්ල තිබුණා.
එවපු එකට හානි වෙලා තිබීම ගැන සමාව ඉල්ලලා, මට ඒව ආපහු යවන එක වියදම් වැඩි නිසා කැඩුණු එක තියාගන්න කියල අලුත් එකක් එවෙලෙම එවනව කියල තමයි පණිවිඩේ තිබුණෙ. ඇත්තටම එවෙලෙ නම් පුදුම හිතුණා. 😀
ඉතින් අද තමයි අලුත් එක ආවේ. මේකෙ නම් කිසිම ප්‍රශ්නයක් නෑ. නියමෙට වැඩ.
ඕක තමයි ඉතින් මගේ පළමු ebay අත්දැකීම. කොහොම වුණත් ස්ක්‍රීන් ප්‍රොටෙක්රේ නම් තාම ආවෙ නෑ. 😛